IMG-LOGO

’උදා ගම්මාන වැඩසටහනට ඇමරිකාවේ ප‍්‍රශංසාවත් පූර්ණ සහායත් පළවීම අප ලැබූ ජයග‍්‍රහණයක්’

‘‘උදාගම්මාන වැඩසටහනට අමරිකාවේ ප‍්‍රශංසාව හා පූර්ණ සහාය පළවීම අප ලැබූ ජයග‍්‍රහණයකැයි’’ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා තිස්සමහාරාමේදී පැවසීය. 

උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තිස්සමහාරාම, තිස්සපුර ඉදිකෙරුණ ‘‘සිරිජයගම’’ ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා එසේ ප‍්‍රකාශ කළේය. 
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද කීවේය. 

‘‘වසර 2105 අගභාගයේ පැවැති මහ මැතිවරණයෙන් පසුව අප නැවත වරක් රටේ උදා ගම්මාන වැඩසටහන ආරම්භ කළා. මේ ගමන අප පටන් ගත්තේ සම්පූර්ණ ගම්මාන 40 කිනුයි. ඒ ගමනේදී 2017 ජනවාරි වන විට රට පුරා උදා ගම්මාන 347 ක් ඉදිවෙමින් තිබෙනවා. දිස්ති‍්‍රක්ක 25 ම ආවරණය වන ආකාරයටයි වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කර තිබෙන්නේ. අද ජනතා අයිතියට පැවරෙන ‘‘සිරිජයගම’’ 20 වැනි උදා ගම්මානයයි. 
මා ගිය සතියේ හිටියේ තිස්සමහාරාමය වගේම දුෂ්කර මැතිවරණ කොට්ටාශයක් වන මාතලේ ලග්ගල මැතිවරණ කොට්ඨාසයේයි. අපි එහිදි 19 වැනි ගම්මානය ලෙස ‘‘ජයවිජයගම’’ ගම්මානය ජනතා අයිතියට පත්කළා. 

මාර්තු 02 වැනිදා අප කළුතර දිස්ත්‍්‍රකයේ අගලවත්ත මැතිවරණ කොට්ඨාසයේ පාලින්දනුවර ‘‘වීදියබණ්ඩාරගම’’ උදා ගම්මානය විවෘත කරනවා. ඊට පසුව අප යන්නේ අනුරාධපුරයේ තිරප්පනයටයි. ඉන් පසුව ආනමඩුවටයි. මාගේ පියාණන්ගේ කාලයේදී සෑම සති අන්තයකම ගමට ගිහින් උදා ගම්මාන විවෘත කළා. ඒ ආකාරයටම අපේ උදා ගම්මාන වැඩසටහන නිර්මාණය කර මේ වසර අවසන් වනවිට මුළු ලංකාවේම උදාගම්මාන 500 ක් වත් ඉදිකරනවා. 

වැඩසටහන ක‍්‍රියාත්මක වෙන්නේ ‘‘යළි පිබිදෙන ගම්උදා වැඩසටහන’’ හැටියටයි. අද දවසේ ‘‘සිරිජයගම’’ ගම්මානය ආරම්භ කර මෙතෙක් කල් ඉඩම් නොතිබුණ පවුල් 25 කට නොමිලේ ඉඩම්ද නිවෙස් තනා ගැනීමට මූල්‍ය ආධාරද ගම්මානයට විදුලියද පානීය ජලයද, මාර්ගද දී අද අප ගම්මානය විවෘත කරනවා. 

ජනාධිපති කාර්ය සාධක බළකාය සමග එක්ව සෑම ගම්මානයකම මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමට ගෙවතු වගා වැඩසටහන්, වකුගඩු රෝගය නිවාරණය කිරීමේ වැඩසටහන්, පරිසර සංරක්ෂණ වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා. හැම නිවසකම ජීවන මට්ටම උසස් කරන්නටත්, ආදායම් උත්පාදනය වර්ධනය කරන්නත් දැවැන්ත ස්වයං රැුකියා වැඩපිළිවෙළකුත් ක‍්‍රියාත්මක කරන්න සැලසුම් කර තිබෙනවා. 

නිවාස ණය බලාපොරොත්තු වන අඩු ආදායම්ලාභී පවුල් 604 කට ‘‘විසිරි නිවාස ණය’’ දෙනවා. ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත‍්‍රයට ශක්තියක් හැටියට ‘‘ශිල්ප සවිය’’ වැඩසටහන තුළින් 287 දෙනකුට ප‍්‍රතිලාභ දෙනවා. ඊට රුපියල් 1,500 ක පොත් කට්ටලයක් රුපියල් 2,000 ක නිල ඇඳුම් කට්ටලයක්, රුපියල් 5,000 ක උපකරණ කට්ටලයක්, මාස තුනකට රුපියල් 10,000බැගින් රුපියල් 30,000 ක පුහුණු දීමනාවක් ඇතුළත් වනවා. 

තිස්සමහාරාම බල ප‍්‍රදේශයේ සනීපාරක්ෂක පහසුකම් නොමැති පවුල් 380 කට ආධාර උපකාර කරනවා. ඇස් පෙනීම දුර්වල 136 දෙනකුට නොමිලේ කණ්ණාඩි දෙනවා. නිවාස හිමියන් 25 දෙනාට ගෑස් සිලින්ඩරයකුත් පාරිභෝගික භාණ්ඩ තිළිණ කට්ටලයකුත් ලැබෙනවා. ‘ජනසුවය’ පොලී රහිත ණය වැඩසටහන යටතේ පවුල් 70 කට ණය දෙනවා. 

සිරිජයගම ගම්මානය ජනතා අයිතියට පත් කිරීම නිමිත්තෙන් පවුල් 1,800 කට ආසන්න ප‍්‍රමාණයකට රුපියල් ලක්ෂ 573 ක් වටිනා සහන ලැබෙන බව සතුටින් කියන්න කැමැතියි. 

ආණ්ඩුව පැමිණි පසු මොකක්ද කෙරුණේ. විශේෂත්වය මොකක්ද කියා තැන් තැන්වල අහුමුලූවල අහන්න ලැබෙනවා. මා කියන්නම් මොකක්ද විශේෂත්වය කියා. ඇමරිකා එක්සත් ජනපදයේ කොන්ග‍්‍රස් සභාවේ බලවත් මන්ත‍්‍රීවරුත් හතර දෙනකු හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සංචාරය සඳහා පැමිණියා. ඔවුන් අද තිස්සමහාරාමයේ තිස්සපුර සිරිජයගම ගම්මානයටත් ආවා. මේ ස්ථානයට එන්නට පෙර මාගේ උපන් දිනයේ විවෘත කළ ජයසමරගම ගම්මානයත් නිරීක්ෂණය කිරීමෙන් පසුවයි ඔවුන් මෙතැනට ආවේ. 

රටේ සංවර්ධනයට දායකත්වය ලබා ගත හැකි සහන රැුසක් ලබා ගත හැකි කණ්ඩායමක් එන බව දැනගත් විගසම මා ඒ නියෝජිතයන් සමග සාකච්ඡා කළා. කොළඹ සාකච්ඡුා වටයෙන් පසුව ඒ කණ්ඩායම හම්බන්තොටට රැුගෙන ආවා. මේ දිස්ත‍්‍රික්කයේත් ශ්‍රී ලංකාවේත් නිවාස පිපාසයෙන් පෙළෙන ජනතාවට නිවාස ශක්තිය දීම වෙනුවෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට ඇමරිකා එක්සත් ජනපදයෙන් ශක්තියක් හිමිවීම ගැන ඔබට සතුටු වන්නට පුළුවනි. 

හිටපු රජය පැවතුණා නම්, කොන්ග‍්‍රස් මණ්ඩලයේ හතර දෙනා මේ පැත්ත පළාතේ එන්නේ නෑ. හිටපු රජය ඇමරිකාවත් එක්ක තරහ වෙලායි හිටියේ. මගේ පියා ‘‘ජනසවිය’’ වැඩසටහන ක‍්‍රියාත්මක කළා. ජනසවිය වැඩසටහනට මුදල් දිය යුත්තේ කවුද කියා ලෝක බැංකුවට උපදෙස් දුන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. 

‘‘ජනසවියට’’ සල්ලි ගත්තා කියා මගේ පියාණන් ශ්‍රී ලාංකිකත්වය ශ්‍රී ලාංකීය අභිමානය රටේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය, රටේ සංස්කෘතිය, සදාචාරය, කුණු කොළේට වික්කේ නැහැ. පසුගිය කාලේ ඇමරිකාව එක්ක බොරුවට ගහ ගන්නේ නැතුව ඇමරිකාවෙන් රටේ ගොවි ජනතාවට, ධීවර ජනතාවට, කම්කරු ජනතාවට, මධ්‍යම පන්තියට, රාජ්‍ය සේවකයාට, සමස්ත පොදු ජනතාවට විශාල සම්පත් රැුසක් ගන්න හැකියාව තිබුණා. 

ඇමරිකාවේ මහා සංවර්ධන අරමුදලක් තිබෙනවා. එය හඳුන්වන්නේ ‘‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් එකවුන්ට් හෙවත් සහශ‍්‍ර අභියෝගතා අරමුදල’’ කියායි. ඩොලර් වලින් පවත්වාගෙන යන අරමුදලක්. රටක් හැටියට අප කළ යුත්තේ කුමක්ද? රටේ ජනතාවගේ මනාපයෙන්, ඡුන්දයෙන් ඉහළ තනතුරුවලට ගියා නම් රජය පිහිටුවා ගත්තා නම් අප කළ යුත්තේ දානපති රටවලින් රටේ ගොවියාට, ධීවරයාට, කම්කරුවාට පුංචි මනුස්සයාට සංවර්ධන ශක්තිය ලබාදීමයි. 

පසුගිය රජය යටතේ එය කිසිදාක වුණේ නෑ. ඒ කාලේ අප ඇසුරු කළේ රුවන්ඩාව, බුරුන්ඩිය, සිම්බාබ්වේ, ටැන්සානියාව වගේ අන්ත දුප්පත් රටවල් පමණයි. ඒ රටවල්වලින් ආධාර ගන්නවා වෙනුවට වුණේ ඒ රටවල් අපේ රටෙන් ආධාර ගත් එකයි. අපේ රටේ බදු ගෙවන්නන්ගේ මුදලින් මාලදිවයිනේ අධිවේගී මාර්ගය තනා තිබෙනවා. ටැන්සානියාවේ ජාත්‍යන්තර මට්ටමේ තරුණ සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයක් තනා තිබෙනවා. එදා වුණේ රපේ රටේ සල්ලි වලින් පිටරටවල සංවර්ධනය කිරීමයි. 

යහපාලන රජයේ අප උත්සාහ කරන්නේ රටx ජනතාව වෙනුවෙන් උපරිම දේ කිරීමටයි. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහ රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යතුමාගේ සූක්ෂම විදේශ ප‍්‍රතිපත්තිය නිසා ඇමරිකා එක්සත් ජනපදය අද අප සමග හිතවත් වී තිබෙනවා. කළ යුත්තේ සතුරු රටවල් මිතුරු කරගෙන ධනපති රටවල් හිතවත් කරගෙන රට වෙනුවෙන් ගත හැකි උපරිම ප‍්‍රදානය, ප‍්‍රතිලාභය, සහන ගැනීමයි. 

පසුගිය කාලයේ රටේ පාලකයන් සහ ඔවුන්ගේ පවුල් සංස්ථාව ලංවුණේ ලෝකයේ සුපිරි ධනවතුන් සමගයි. අපේ රජය උත්සාහ කරන්නේ ජනාධිපතිවරුන් අගමැතිවරුන් ඇමතිවරුන් හැටියට ධනපති රටවල් සමග පවුල් සම්බන්ධකම් ඇති කරගන්න නොවෙයි. අපේ පවුල ඔබයි. අපේ ගජ මිතුරු සංගමය රටේ පුරවැසියන් වන ඔබයි. අපේ යුතුකම් ඉටු කරන්නේ ඔබ වෙනුවෙනුයි. ජනාධිපතිතුමාත්, අග‍්‍රාමාත්‍යතුමාත් අද ඒ යුතුකම ඉටුකරනවා. 

මා ඇමරිකා විශේෂ දුත පිරිස හම්බන්තොටට කැඳවාගෙන පැමිණ අප කරගෙන යන නිවාස වැඩසටහනක් පෙන්වා දුන්නා. ඔබටත් නිවාස වැඩසටහනට අරමුදල්, ප‍්‍රදානයන්, ශක්තිය දෙන්න පුළුවන් කියා මා ඒ අයට කීවා. 

ඇමෙරිකානු කණ්ඩායම සම්බන්ධ කරගෙන මා මේ වැඩසටහන කළේ ඇයි? අපේ රටේ ජීවත් වෙන පවුල් ලක්ෂ 60 කට ආසන්න ප‍්‍රමාණයෙන් පවුල් ලක්ෂ 25 කට පමණ නිවාස ප‍්‍රශ්න තිබෙනවා. ඇතැමුන්ට ඉඩම් නැහැ. ඉඩම් තිබුණත් සමහරුන්ට නිවාස නැහැ. තිබුණු ඉඩමේ නිවස හදාගෙන නැහැ. නිවස තිබුණත් කපරාදු කරලා නැහැ. කපරාදු කරලා තිබුණත් වැසිකිළිය නැහැ. මේ වගේ අඩුපාඩුකම් තිබෙන පවුල් ලක්ෂ 25 ක් අපේ රටේ ඉන්නවා. 

දැන් එක එක පුද්ගලයන් අප බලයේ හිටියා නම් අද හැමෝටම සහන ලැබෙනවා කියනවා. ඔය කියන පිරිස හම්බන්තොටට මොන හැන්දෙන්ද බෙදුවේ. අපේ දිස්ත‍්‍රික්කයේ පවුල් එක් ලක්ෂ අනූදහසක් ඉන්නවා. එයින් පවුල් අසූදාහකට නිවාස ප‍්‍රශ්න තිබෙනවා. වරාය හැදුවට අප විරුද්ධ නැහැ. ගුවන් තොටුපළ හැදුවටත් අප විරුද්ධ නැහැ. තිබෙන එකම ප‍්‍රශ්නය වරායට නැව් එන්නේ නැති එකයි. ගුවන් තොටුපළට ගුවන් යානා එන්නේ නැති එකයි. මේ දෙකම හැදුවේ ගිනි පොලියට ණය අරගෙනයි. ක‍්‍රිකට් ගහන්නේ නැති ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක් හැදුවා. 

වරාය, ගුවන් තොටුපළ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය සම්මන්ත‍්‍රණ ශාලාව හදන්න පෙර මහා පරිමාණයේ විවිධ අසාර්ථක ව්‍යාපෘති කරන්නට පෙර අඩුම තරමින් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ නිවාස ප‍්‍රශ්නයෙන් පීඩා විඳින පවුල් අසූදෙදහසකගේ ප‍්‍රශ්න විසඳන්නට තිබුණා. එහෙත් එසේ කළේ නැහැ. 

මොකක්ද හම්බන්තොට වරායෙන් අපට ලැබිලා තිබෙන්නේ? කියන්නටත් ලැජ්ජයි. මේ වරායෙන් එකම එක රජයේ රැුකියාවක්වත් දී නැහැ. හාරසියයක් වැඩ කරනවා. ඒ වැඩ කරන්නෙත් වෙනමම වරාය කොම්පැනියක් මගිනුයි. වරාය අධිකාරියේ එක රැුකියාවක් දී නැහැ. 
වරාය තනා රජයේ රැුකියා 10,000 ක් වත් දී තිබුණා නම් වරාය ව්‍යාපෘතිය විවේචනය කරන්න අපට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. එහෙනම් වරාය ව්‍යාපෘතිය ගැන පළමුවෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ප‍්‍රශංසා කරන්නේ මේ සජිත් පේ‍්‍රමදාසයි. 
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හැදුවා. ඒ ගුවන්තොටුපළ නඩත්තු වෙන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආදායමෙනුයි. බලාපොරොත්තු වුණ විදියට රැුකියා බිහිවුණේ නැහැ. 
මීට අවුරුදු 10 කට පෙර රුපියල් එක් ලක්ෂ විසිපන්දාහක ණයකාරයකුවූ රටේ ජීවත් වෙන හැම පුරවැසියෙකුම අද රුපියල් ලක්ෂ හතරක ණය කාරයෙකු කරලා. 

ලෝකයේ තිබෙන ප‍්‍රබලතම රටේ කොන්ග‍්‍රස් සභාවේ බලගතු නියෝජිතවරුන් හතර දෙනකු මේ වනවිට ගම් උදාව වැඩසටහන පිළිිගෙන තිබෙනවා. ඔවුන් උදා ගම්මාන වැඩසටහන ප‍්‍රශංසාවට ලක් කළා. එතුමන්ලා බස් රියකින් මා සමග ගජසමරගම ගම්මානයේ සංචාරය කරමින් මට කිව්වේ. ‘‘ඔබ හොඳින් වැඩ ටික කරගෙන යන්න. ගම්උදා වැඩසටහනට දෙන්න පුළුවන් උපරිම ශක්තිය දෙන්න අප ඇමරිකාවට ගොස් සියලූ කටයුතු කරනවා’’ කියායි.



අදහස් (0)

’උදා ගම්මාන වැඩසටහනට ඇමරිකාවේ ප‍්‍රශංසාවත් පූර්ණ සහායත් පළවීම අප ලැබූ ජයග‍්‍රහණයක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 794 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1205 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site