IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


‘‘උතුරේ ප්‍රශ්නය අපි හිතනවාට වඩා වෙනස්‘‘ - ඇමති වජිර අබේවර්ධන කියයි

ගාල්ල සිරංගිකා ලොකුකරවිට

උතුරු නැගෙනහිර ජනතාවට ඇති ගැටළුව දේශපාලකයන් ලෙස අපි සියලු දෙනාත් රජයේ නිලධාරීන් සියලු දෙනාත් හොඳින් තේරුම්ගෙන කටයතු කිරීම අත්‍යාවශ්‍ය බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ ‘‘නිල මෙහෙවර ජනපති ජනතා සේවය“ වැඩසටහන පිළිබඳ  රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ රැස්වීමක දී ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘‘ උතුරේ වවුනියාව, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චි කියන දිස්ත්‍රික්කවල අපි දැන් ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන පවත්වනවා. මේ දිස්ත්‍රික්කවල තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සුළු සංඛ්‍යාවක්. ඒ වුණත් භූමි ප්‍රමාණය විශාලයි. ජනගහනය අඩුයි. පවුල් සංඛ්‍යාව අඩුයි. ඇතැම් මාර්ග තිබෙනවා ට්‍රැක්ටරයක හැර වෙනත් වාහනයක යාමට හැකියාවක් නැහැ. ඇතැම් ගම්මාන තිබෙනවා පසුගිය අවුරුදු 40ට ම යුද නිලධාරීන් හැර වෙනත් කිසිම රජයේ නිලධාරියෙක් ඇවිල්ලා නැහැ. මේ ජනතාවගේ ප්‍රශ්නය අපේ බහුතරයක් හිතාගෙන ඉන්නවාට වඩා වෙනස්. එක් ප්‍රාදේශීය නිල මෙහෙවරක උත්සව සභාවේ දී මා එතැන සිටි ජනතාවගෙන් ඇහුවා යුද්ධයෙන් එක් අයකු හෝ මිය නොගිය පවුලක කවුරුන් හරි ඉන්නවානම් අත ඔසවන්න කියා. සභාව නිහඬ වුණා. නමුත් කිසිම කෙනෙක් අත ඉස්සුවේ නැහැ. ඒ කියන්නේ මේ සෑම පවුලක ම එක්කෙනෙක් හෝ යුද්ධයෙන් මිය ගිහින් තිබෙනවා. ඊට පස්සේ මා හිනා වෙලා ඇහුවා හැමෝටම තුවක්කුවෙන් වෙඩි තියන්න පුළුවන් නේද කියලා. කවුරුවත් බෑ කිව්වේ නෑ. හැමෝම ඒ කතාව සනාථ කළා. එයයි උතුරේ තත්ත්වය. අපිට තිබෙන ප්‍රශ්නයට වඩා ඔවුන්ට තිබෙන ප්‍රශ්නය වෙනස්. මෙය අපි හරිහැටි තේරුම්ගත යුතුයි. “



අදහස් (2)

‘‘උතුරේ ප්‍රශ්නය අපි හිතනවාට වඩා වෙනස්‘‘ - ඇමති වජිර අබේවර්ධන කියයි

saman Sunday, 23 July 2017 02:05 AM

මෙම ගැටළුවට එකම විසඳුම ෆෙඩරල් ක්‍රමයක් හරහා උපරිම වශයෙන් බලය බෙදීමක්... ෆෙඩරල් ක්‍රමය රට බෙදීමක් ලෙස හැදින්වීම ජනතාව මුලා කිරීමක්... රුසියාව, ඇමෙරිකාව වගේ විශාල රටවල් වල වගේම ස්විට්සර්ලන්තය, ඕස්ට්‍ර්යාව වගේ ලංකවට වඩා කුඩා දියුණු රටවල් වලත් මෙම ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ලංකා ඉතිහාසයේ වැඩි කාලයක් උතුරු ප්‍රදේශ පාලනය වුණේ ප්‍රාදේශීය පාලකයන් යටතේ බව ඉතිහාසය ඉගෙනගෙන ඇති ඕනෑම කෙනෙක් දන්නවා. ඒ කලේ තිබ්බේ ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය බලය බෙදීමක් බව ගොඩක් අයට තේරුම් නොයාම කණගාටුවට කරුණක්.

:       49       1

Janaka Sunday, 23 July 2017 02:02 PM

අඩුවෙන් කතාකරන වැඩියෙන් වැඩ කරන ඇමති වරයෙක්.

:       49       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 128 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 212 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1070 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site