IMG-LOGO

2023 දෙසැම්බර් මස 04 වන සඳුදා


ඇමති අමරවීර ඒකාධිපති ගමනක් යනවා - දිලිප්

(චන්ද්‍රසේන ගමගේ)
ඇමති මහින්ද අමරවීර හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඒකාධිපති ගමනක් යනවා. එතුමා පසු ගිය දා මහවැලි ඉඩම් ඔප්පු 3000ක් ජනතාවට ලබා දුන්නා.සජිත් ප්‍රේමදාස ඇමතිතුමාවත් මමත් මේ ගැන දන්නේ නෑ . ධීවර ඇමති වරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තනි ගමනක් යනවා. අපි නිකමුන් වගේ ඉන්නවා.ජනාධිපති තුමනි කරුණාකරල මේ ගමන නවත්වන්න කටයුතු කරන්න යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා අද (14) සවස අම්බලන්තොට පට්ටිය වරායේ පැවති ධීවර හමුවකදී පැවසීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ දිලිප් වෙදආරච්චි ඇමතිවරයා,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සදහා එක්සත් ජාතික පක්ෂය පෙරමුණ ගත්තා. හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ මමත් සජිත් ප්‍රේමදාස ඇමතිතුමාත් ඒ සදහා පෙරමුණ ගත්තා.අපිව පරාජයට පත් කරන්න කටයුතු කරපු මහින්ද අමරවීර ඇමතිවරයා නිසා අපි අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. ජනාධිපති තුමා මේ තත්ත්වය නැති කරන්න කටයුතු කරයි කියා අපි බලා පොරොත්තු වෙනවා.
මම දිස්ත්‍රික්  සංවර්ධන කමිටුවේ සභාපති. නමුත් මමත් දන්නේ නැතිව අමරවීර ඇමතිවරයා ඉඩම් ඔප්පු දෙනවා. මෙම තත්ත්වය නැති කොට ඉදිරියේදී එන මැතිවරණවලට මුහුණ දිය යුතු බව මම ජනාධිපතිවරයා  මතක් කරනවා.



අදහස් (15)

ඇමති අමරවීර ඒකාධිපති ගමනක් යනවා - දිලිප්

Mahesh jayawickrama Saturday, 14 October 2017 02:38 PM

කවුරු දුන්නම මොකද ලැබෙන්නේ ජනතාවට... ඇයි මහත්තයෝ ඔබතුමාට ලැබෙන මනාප ගණන අඩුවෙයි කියලා හිතට බයක් දැනුණද? ඔබතුමන්ලාගේ ඔන්න ඔය නිවට මානසිකත්වය නිසා තමයි අප රට තාමත් නොදියුණු තත්වයේ ඉන්නේ. අනේ ඇත්තට මේවගේ දුක් අඳෝනා අහන පිරිසකුත් ලංකාවේ ඉන්නවා. ඇහුවා නම් කමක් නැහැ...

:       1       608

Ranjith Silva Saturday, 14 October 2017 03:01 PM

ඔන්න ඕක තමයි මේ රටට තිබෙන සාපය. මේ දේශපාලනය කරන අය රට ගැන හිතන්නේ නැහැ. ඊ ළඟ ඡන්දය ගැන තමා හිතන්නේ. කාට හරි ඉඩම් කෑල්ලක් ලැබෙනවා... එ්ක නවත්වන්න හදනවා ඡන්දෙ නැති වේවි කියලා. අමු කැවිලා....

:       16       379

gamage Saturday, 14 October 2017 04:01 PM

ඉඩම් ඇමතිවරයා හෝ මහවැලි සම්බන්ද ඇමතිවරයාත් දන්නේ නැතුවද මේවා බෙදල තියෙන්නේ කියල දැනගන්න කැමතියි . මේ විදියට වැඩ කරන්න පුළුවන් නම් කාටත් හොරෙන් තමන්ටත් ලොකු ඉඩමක් අයිති කරගන්න පුළුවන් නේ

:       166       165

anthony Saturday, 14 October 2017 04:18 PM

අමරවිරයි , ධිවර අධ්‍යක්ෂක ජෙනරාලුයි කරන්නේ මොනවද කියල ඔබතුමා දන්නවද ?? ඔවුන් දෙන්න එකතුවෙලා අපේ ධිවර කර්මාන්තය කනවා ...

:       549       690

siril Saturday, 14 October 2017 07:31 PM

මම නම් දැනගෙන හිටිය "ආඩි හත්දෙනාගේ කැද හැලියේ " තරම.දැන් උන් උන්ම කුලල් කාගන්නවා.අපි බලාගෙන ඉන්නවා.

:       0       42

ආනන්ද ටී අමරවීර Saturday, 14 October 2017 10:08 PM

අයියෙ, ඇත්තටම මේවට හිත නරක්කරගන්න ඕනනෑ, යහපාලනය ගැනසිතා සමාජගත පොරොන්දු අනුව වැඩකරමු.

:       0       16

Gihan Sunday, 15 October 2017 12:24 AM

තමන්ට වැඩක් කරන්න බැරි නම් අඩු ගානේ අනුන් කරපු වැඩ වලට ඉරිසියා නොකර ඉන්නවා.

:       1       22

Rohana Sunday, 15 October 2017 01:20 AM

මහින්ද අමරවීර ඇමතිතුමා තංගල්ල ආසනේ ජන හදවත් දිනාගෙන හොද ජනපදනමක් ගොඩනගාගෙන ඇත.ජදුර, අගුනුකොලපැලස්ස, සංවර්දනය කර ඇත . පසුගිය මැතිවරණ ප්‍රතිපල බලන්න. ධීවර ඇමතිකම ලැබීමත් සමග වෙරළ අශ්‍රිත ජනයාගේද සිත් දීනා ගෙන ඇත . මහින්ද අමරවීර මහතාගේ ගමනට දිලිප්ට ඉර්ශීයව ඇත. දිලිප් සජිත් ගේ පිහිටින් ගොඩ උනේ,හැකියාව කුසලතා අතින් අමරවීර ඉදිරියෙන්.

:       64       11

Siri Sunday, 15 October 2017 03:00 AM

හිතේ වේදනාවට දිලිප් ඕව කියවන්නේ. අඩුම ගනනේ තංගල්ල අසනයවත් දිලිප්ට දිනාගන්න බැරිඋනා. හොද ජන පදනමක් අමරවීරට තිබෙනවා. දිලිප් බේරුනේ සජිත්ගේ පිහිටෙන් .

:       12       64

dhanushka Sunday, 15 October 2017 04:11 AM

අනේද කියන්නේ මුස්ලිම් නායකයෝ මුස්ලිම් මිනිස්සුන්ට ඉඩම් ඔප්පු දුන්නොත් තමා සරම උස්සගෙන කෑගහන්නේ.අපේ රටේ ඉඩම් ඔප්පුයි සිල් රෙදියි බෙදනවා ඇරෙන්න දේශපාලකයෝ කරන දෙයක් නෑ.විශේෂයෙන් බහුතරයක් සිංහල නායකයෝ.

:       44       177

dias Sunday, 15 October 2017 04:18 AM

ජනතාවට ලැබෙනවානම් කවුරු දුන්නහම මොකද .අපි සගිත් ප්‍රේමදාස මහතාත් අමරවීර මහාතාත් වැඩ කරන බව අසා තිබෙනවා ඇහෙනවා.ඔබ තුමා ගැන නම් වැඩි පැහැදීමක් නෑ..

:       0       13

purawasiya Sunday, 15 October 2017 04:27 AM

දීලිප් ඔබ තුමා සජිත් නැත්නම් ඔතන නෑ.අමරවීර මහත්තයත් සමග සහයෝගයෙන් වැඩ කොට ප්‍රදේශයට වැඩක් කරන්ඩ.ඔබ තුමා ලෙඩෙක් බව තන්ගලු ජනතාව දන්නවා. අමරවීර මහතා වගේම පේමදාස මහතාත් මෙම ප්‍රදේශයට වැඩ කරනවා.ඔහොම එල්ලිලා ඉන්න බලන්ඩ. ඔබ තුමාට මොලය පෑදේවා.

:       0       10

ලුම්බිණි Sunday, 15 October 2017 04:30 AM

මීට වඩා නරකද ඔය දෙන්න එකතු වෙලා මේ ගැන කතා කරලා එකට වැඩ කරන්න වැඩ පිළිවෙලක් හැදුව නම්. ප්‍රසිද්ධියේ එකම ආණ්ඩුවේ ඉන්න අනික් මිනිහ ගැන විවේචනය ටිකක් කැතයි නේද?

:       0       27

gamini Sunday, 15 October 2017 09:50 AM

සහයෝගයෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. කවුරු මොනවා දුන්නත් මොකද එකම ආණ්ඩුවනේ. මීට වඩා වැඩක් කරන ඇමති කෙනෙක් වෙන්න බලන්න. පුළුවන්නම් පාසල් 50ට පොත් බෙදන්න.

:       0       1

ranjith Sunday, 15 October 2017 11:02 AM

හොඳින් වැඩ කොට ජනප්‍රසාදය දිනා ගන්න. අමරවීර මහතා ඔබට වඩා ඉදිරියෙන් බව දැනගන්න. ඔප්පු කවුරු බෙදුවත් කමක් නෑ. ඔබට පුළුවන්නේ දුප්පත් ළමයින්ට දුප්පත් පවුල්වලට මොනවා හෝ බෙදන්න. බස් නැවතුම හදා නගරය පිරිසිදුව තැබීමේ වැඩ පිළිවෙලක් ගෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ව්‍යාපාරිකයෝ 10 ක් කෝටි 8,000 ක් පොලු තබති
2023 දෙසැම්බර් මස 03 2225 2

මෙරට ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් දසදෙනෙක් ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට රුපියල් කෝටි 8,000 ක පමණ ණය පැහැර හැර ඇති බවත් ඔවුන්ගේ නම් හෙළි කිරීම පාර්ලිමේන්තුවේ වගකී


පාලිකාව 17 හැවිරිදි දරුවා මරලා
2023 දෙසැම්බර් මස 03 2994 3

කල්මුණේ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවකුට පහර දී ඝාතනය කළේ යැයි කියන එම ළමා නිවාසයේ 28 හැවිරිදි වියේ පසු වන පාලිකාව සැකපි


හොරෙන් ඉතාලි යන්න ඇවිත් කටුනායක හිර වේ
2023 දෙසැම්බර් මස 03 1424 0

කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවෝ දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේ


සරසවි සිසුහු පිරිසක් හන්තාන කඳු මුදුණේ අතරමං වෙති
2023 දෙසැම්බර් මස 03 2140 5

හන්තාන කඳුවැටිය තරණය කිරීමට ගොස් අතරමං වූ කලණිය විශ්ව විද්‍යාලයේ සහ රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසක් මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත වෙමින් සිටින බව මහන


පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයන්: සුනාමි තත්වයක් එයි
2023 දෙසැම්බර් මස 02 2274 0

දකුණු පිලිපීනයේ මින්ඩනාඕ දුපතේ රික්ටර් මාපකයේ අවම වශයෙන් 7.5 ක අගයක් ගත් භූමිකම්පාවක් අද (02) රාත්‍රී කාලයේ හටගෙන ඇතැයි පිලිපීන මාධ්‍ය වාර්තා කර ඇත.


පීඩන අවපාතයෙන් දිවයිනට දැඩි බලපෑම්
2023 දෙසැම්බර් මස 02 4633 2

නිරිතදිග බෙංගාලෙ බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය දෙසැම්බර් 01 දින රාත්‍රී 11.30 වන විට උතුරු අක්ශාංශ 10.3° සහ නැගෙනහිර දේශාංශ 85.3° ආසන්නයේ ප්‍රදේශයේ ත්‍රීකුණාමලයේ ස


වැඩි දෙනා කියවූ පුවත්


මඟුලට කෝටි 1933ක් වැය කරලා
2023 නොවැම්බර් මස 28 28026 19




මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 883 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 660 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4578 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site