IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


‘ආවා’ කැඳවීම ත්‍රස්තවාදී සංවිධානයක් බිහිකිරීමට අඩිතාලම දැමීමක්’

(එෆ්.අස්ලම්)

සංවිධානාත්මක අපරාධ රැසක්ම සිදුකර ඇති ආවා කල්ලිය උතුරු ආණ්ඩුකාරවරයා විසින් සාකච්ඡාවකට කැඳවීම තවත් ත්‍රස්තවාදී සංවිධානයක් බිහිකිරීමට අවශ්‍ය  අඩිතාලම දැමීමක් බව දෙමළ ජාතික සන්ධාන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ආවා කල්ලිය සමඟ කොන්දේසි විරහිතව සාකච්ඡා කිරීමට සූදානම් බවට උතුරේ ආණ්ඩුකාර සුරේෂ් රාගවන් මහතා පසුගියදා මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශයට දැඩි විරෝධය පළ කරමිනි.

ගමින් ගමට පැන කඩුවලින් කපා කොටා පුද්ගලයින් ඝාතනය කිරීම, තුවාල සිදුකිරීම, මංකොල්ලකෑම වැනි අපරාධ සිදුකරන පාතාල අපරාධකරුවන් නීතියෙන් දඬුවම් කළයුතු මොහොතක ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට රාගවන් පෙළඹෙන්නේ කුමන අරමුණක් උදෙසා ද යන්න උතුරේ දේශපාලන හා සමාජ ධාරාවට ඇති දැවැන්ත ප්‍රශ්නයක් බවද කියා සිටියේය.

යම් හෙයකින් එම අපරාධ කල්ලිය සමඟ සාකච්ඡා කළහොත් ඔවුන් විමුක්ති සංවිධානයක් ලෙස රටපුරා අපරාධ සිදුකිරීමට පෙළඹීම සහ ඊට ජාත්‍යන්තර සහාය ලබාගැනීම කිසිවෙකුට හෝ වැළැක්විය නොහැකි බවද සිවාජිලිංගම් මහතා පෙන්වා දුන්නේය.

රජයක් විසින් සිදුකළ යුත්තේ මහජන සාමයට ආරක්ෂාවට බාධාකරන අපරාධ කල්ලි සහමුලින්ම මර්දනය කිරීම බවත් ආණ්ඩුකාරවරයාගේ මෙම උත්සහයෙන් අර්ථවත් වන්නේ ආවා කල්ලියට රාජ්‍ය අනුග්‍රහය දීම බවත් සිවාජිලිංගම් මහතා කීය.

 



අදහස් (2)

‘ආවා’ කැඳවීම ත්‍රස්තවාදී සංවිධානයක් බිහිකිරීමට අඩිතාලම දැමීමක්’

anura Friday, 21 June 2019 07:23 AM

කතාව නම් ඇත්ත... නමුත් කිව්ව එක්කෙනා ඇහුවම හරිම පුදුමයි...

:       0       36

chandana Saturday, 22 June 2019 05:43 AM

ආණ්ඩුකරතුමා නියම පරිපාලකයකුගේ කාර්යය ඉටුකරන බව පෙනී යයි. දේශපාලකයා දේශපාලන කතා කියයි. දෙමළ දේශපාලකයින්ට අහිංසක දෙමළ ජනතාවගේ අවශ්‍යතාවය ගැන තැකීමක් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ත්‍රස්තවාදීන්ගේ කරමතින් නැවත බලයට ඒම පමණකි. මේ එක් උදාහරණයක් වන අතර අනිත් අය හොඳම උදාහරණය වන්නේ අර කමිටුවකින් රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගෙන් ඇඳුමක් සම්බන්ධයෙන් ජාතිවාදී දේශපාලකයන් ප්‍රශ්ණ කළ ආකාරයයි. ඇඳුම කරලියට එන්නේ ත්‍රස්තවාදය යලි හිස එසවීමත් සමග එය මර්ධනය කිරීම පහසු කිරීම සඳහායි. එම බෝම්බ ප්‍රහාරයෙන් සෑහෙන දෙමළ මිනිස්සු පීඩාවට පත්වෙන්න ඇති. ඉතින් ඒක වළක්වන්න ගන්නා ක්‍රියාමාර්ග වලට සහය දෙනවා වෙනුවට ඒකට අකුල් හෙලන්න තමයි ජාතිවාදී දේශපාලකයන් ප්‍රශ්ණ කරේ. ඔන්න ඔය යතාර්ථය දෙමළ ජනතාව තේරුම් ගත යුතුයි. ත්‍රස්තවාදය, බෙදුම්වාදය නැති වුනොත් මෙම ජාතිවාදී බෙදුම්වාදී දේශපාලකයන්ට පැවැත්මක් නැත...

:       0       310

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 64 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 900 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2526 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site