නාලක සංජීව දහනායක
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ලබන මස සිට ආසන මට්ටමින් සම්මන්ත‍්‍රණ මාලාවක් හා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.
ඒ අනුව මේ වනවිට නිල කාලය අවසන්ව තිබෙන සබරගමුව,නැගෙනහිර හා උතුරුමැද පළාත් සභා සහ ඔක්තෝබර් මාසයේදී නිලකාලය අවසන්වීමට නියමිත වයඹ, මධ්‍යම හා උතුරු පළාත් සභා මැතිවරණ ඉල්ලක කර ගනිමින් මෙම සම්මන්ත‍්‍රණ මාලාව පැවැත්වේ.
ආසන මට්ටමින් පැවැත්වීමට නියමිත සම්මන්ත‍්‍රණ මාලාව ලබන මස 14, 15, 21, 22 සහ 28, 29 යන දිනයන් හීදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
මෙම සම්මන්ත‍්‍රණ මාලව සැළසුම්කිරීම පිළිබඳ සාකච්ඡාවක් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (21) පැවැත්විණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල, රෝහිත අබේගුණවර්ධන, එස්.එම් චන්ද්‍රසේන, පවිත‍්‍රා වන්නිආරච්චි, ප‍්‍රියංකර ජයරත්න, ශෙහාන් සේමසිංහ ඇතළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක්ද, උතුරුමැද පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයකු වූ එස්.එම් රංජිත් හා සබරගමු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන්ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 04
396
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2175
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1652
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආණ්ඩු වීරෝධී උද්ඝෝෂණ මාලාවක් පොහොට්ටුවෙන්
rohana Friday, 22 June 2018 06:24 AM
පොහොට්ටුවට ජයවේවා. අපි ආපහු ඒගොල්ලන්ටම රට බාර දෙමු. ඒගොල්ලෝ අවංක කට්ටියනේ.