(ලක්ෂ්මී ජයකොඩි)
ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇති බවත් එසේ නොමැති වුවහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ භයානක ව්‍යවසනයකට මුහුණදීමට සිදුවනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පෙන්වා දෙයි.
ඔහු මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජාතික ගැටලුවට විසඳුමක් ලැබෙන්නේ නම් එයින් ජනතාවටත් රටටත් යහපතක් ඇති වන්නේය. එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි නිර්මාණය නොවුණහොත් රටට සාමය, සමාදානය, සෞභාග්‍ය මේ කිසිවක් නොලැබෙනු ඇත. එබැවින් වත්මන් ආණ්ඩුව වඩාත් බුද්ධිමත්ව කටයුතු කළ යුතුව තිබේ. නැතහොත් රටට ජාත්‍යන්තරයේදි භායානක ව්‍යසනයකට මුහුණදීමට සිදුවනු ඇත.
එබැවින් අපගේ ජනතාව ගත් කළ අප ගත් කළ සාධාරණ ,යුක්ති සහගත, ,සියලු දෙනාගේම අනන්‍යතාවයන් වලට ගරු කරනු ලබන, රටට කිසිඳු අගතියක් සිදු නොවන, රටේ සියලු ජනතාවට සාමයෙන් ජීවත් විය හැකි තිරසාර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් අපගේ පුර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරන්නෙමු.
රටේ අනාගතය සමෘද්ධිමත් වන්නේ රටට තිරසාර දේශපාලන විසඳුමක් ලැබෙන්නේ නම් පමණක් බව පෙන්වාදීමට කැමැත්තෙමි. එම විසඳුම ශ්‍රී ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍ය වනු ඇත. අවංක සංහිදියාව ඇති වනු ඇත්තේ එමගින් පමණි.
COMMENTS
ශ්රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇති... නමුත් එසේ කිරීමට රජය තුළ බුද්ධිමත් පිරිසක් සිටිය යුතුවේ. සත්‍ය වශයෙන්ම වර්තමාන රජය තුළ එවැනි පිරිසක් සිටීද?
ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතු කරන්න ආණ්ඩුවේ බුද්ධිමතුන් ඉන්නවද? සර්...
ඔයගොල්ලන්ට නම් බයවෙන්න දෙයක් නැහැ. ඩයස්පෝරාව ඉන්නවනේ බලාගන්න.
ආණ්ඩුව 2009 දී බුද්ධිමත්ව කටයුතු කළ නිසා අපි අද මරබියක් නැතුව ජීවත් වන්නෙමු. ඊළඟට ආණ්ඩුව කළයුතු බුද්ධිමත් ක්‍රියාව නම් මොවුන්ගේ උපදෙස් වලින් වල්මත් නොවී බහුතර ජනතා අපේක්ෂා ඉටු වන පරිදි එකම නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක වන පරිදි, රටේ මූලික සංස්කෘතිය ආරක්ෂා වන පරිදි නැවත ත්‍රස්තවාදයක් ඇතිවුවහොත් විකාර මානව හිමිකම් යටපත් කොට ඊට එරෙහිව කටයුතු කල හැකි පරිදි ව්‍යවස්ථාවට වගන්ති ඇතුලත් කර ව්‍යවස්ථාව සංශෝධනය කිරීමයි. මොවුන් කියන ජාතිවාදී ප්‍රශ්න ඇතිකිරීමම මරණ දඬුවම හිමිවන වරදක් බවට නීතියක් පනවන්නේ නම්ද, ඒ සඳහා පාර්ලිමේන්තු වරප්‍රසාද හෝ හිමි නොවන බවද එයට ඇතුළත් කළ යුතුයි. දේශපාලන බලපෑම්වලින් තොරව එය අප්‍රමාදව ක්‍රියාත්මක කරමින් පොදු ජනතාවට ඒ පිළිබඳ විශ්වාසයද තහවුරු කළ යුතුයි.
මෝඩ මිනිසුන් බුද්ධිමත් තීරණයක් අරන්ගෙන නැහැ.