(නිමල කොඩිතුවක්කු)
වත්මන් යහපාලන ජාතික ආණ්ඩුව මේ වසර දෙකක කාලයේ ඇහැට පේන සංවර්ධනයට වඩා ඇඟට දැනෙන සංවර්ධනයක් සිදු කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද(8) පැවසීය.
අවුරුදු 20ක දිගු නින්දකින් පසු අවදිවී සිටින ඒකාබද්ධ විපක්ෂය අද හිම වලහගේ ප‍්‍රතිපත්තිය අනුගමනය කරමින් සිටින බවත් මහලේකම්වරයා සදහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
‘‘පහුගිය දිනවල ඒකාබද්ධ විපක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට විවේචන අවලාද නගලා තිබුණා. එක්සත් ජාතික පක්ෂය ධනවාදී පක්ෂයක් බවත්, එක්සත් ජාතික පක්ෂය ජනතා ප‍්‍රසාදය සදහා වැඩ කරන්නේ නැති බවත් ඒ වගේම අපේ පක්ෂය පෞද්ගලීකරණය සදහා දැඩි පියවර ගනිමින් සිටින බවටත් විවිධ අවලාද චෝදනා අපිට නගලා තිබුණා. අපි ඒ අයට කියනවා වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන එක භයානක දෙයක් කියලා‘‘ යැයි ද ඔහු කීය.
COMMENTS
හරියට හරි කතාව සියයට 200ක් නිවැරදිය. ඇඟට නොව මුළු ලංකාවටම දැනෙන්නම මහා බැංකුවට දුන්නා හතරගාතේ වැටෙන්නම...
හාල් 130, පොල් 100 නියමෙට දැනෙනවා.
නියමයි වෙනස, සනිපයි.. අපි කරගත්ත මෝඩ වැඩක්.. මොනවා වුණත් මහින්ද වැඩක් කළා රටට.., දැන් හොරු විතරයි. ඊළඟ ඡන්දයට එන්නකෝ...
සෙන්ට්‍රල් බෑංක් එකට දැනෙන දෙයක් කළා. එ්ක ගැන සතුටුයි.
ඇහැට පෙනෙන සංවර්ධනයක්න ඔබලා නම් කර ගත්තා.
ඇඟට දැනෙනවා තමයි. බඩු මිල වැඩිවුණාම අඩුවෙන් කන්න හෝ නොකා ඉන්න වෙනවා. ලෙඩ වුණාම බෙහෙත් ගන්න නැතිවුණාම දැනෙනවා... අධික මිල හේතු කොට ගෙන ඒ දැනෙන එකම දෙයක්වත් හොඳ දෙයක් නොවේ. හොඳට වෙලා තියෙන්නේ ඔහෙලාටම විතරයි. අපි ඉදිරියට තියෙන හැම ඡන්දයකදීම ඒ වෙනුවෙන් ඔහෙලාට හොඳට සලකන්නම බලාගෙන ඉන්නවා.
මේ කතා කියන දේශපාලකයින්ට පිස්සුද? එහෙම නැත්නම් ඒ අය ජනතාවට පිස්සු කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. කතා කරන දෙයක වටිනාකමක් තියෙන විදියට කතා කරන්න කියල විතරයි අපිට කියන්න තියෙන්නේ... බොරු විහිළු කතා කියන්නේ නැතිව.
ඔය කතාව ගමේ කුලී වැඩ කරන මනුස්සයෙකුට නම් කියන්න එපා මහත්තයෝ. ඔබතුමාට විතරක් නෙවේ ඔබතුමාගේ දෙමව්පියනුත් හොඳ වචන ටිකකින් මතක් කරනවා අනිවා...
ඔව් ඉතින් ඔබතුමාගේ හැඳි මිටේ දැනුම අපි දැන ගත්තේ අද නොවෙයි. මතකද ඔබතුමා කිව්වා රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් වලින් අඩු වුණාට රුපියල් වලින් වැඩි වෙලා කියලා, මේ වගේ මැටි ඇමතියෝ හිතන් ඉන්නේ රටේ ඉන්නේ හරක් කියලයි. ලෝකේ මොන රටේ ද ඒක පුද්ගල ආදායම රුපියල් වලින් බලන්නේ?
රාජගිරියේ හිස් ගොඩනැගිල්ලකටත් අවුරුදු ගණන් අපේ සල්ලි මිලියන් ගණන් ක්ෂණයකින් මුදාහරිමිනුත් ඇඟට දැනෙන වැඩක් කරලා තියෙනවා නේද? නියමයි.
ඇඟට නොදැනෙන්න කරලා ඇති ජොලිය මොකක්ද? එ්ක ඔයගොල්ලන්ගේ ලොක්කාගෙන්ම පේනවානේ.
ඇඟට කෙසේ වෙතත් ඔයාලගේ සාක්කුවට දැනෙන්න නම් කළා.
එක්කෝ මෙයාට පිස්සුද? නැත්තන් අපිට පිස්සු කියලා හිතලා ඇති...