ඩයනා උදයංගනී
වත්මන් රජය පිහිටවූ දින සිටම මුදල් අමාත්‍යාංශයත්, මහ බැංකුවත් පැවතියේ අගමැතිවරයා ප‍්‍රධාන එක්සත් ජාතික පක්‍ෂය යටතේ බැවින් රටේ ආර්ථික අර්බුදය පිළිබඳ වගකීම ජනාධිපතිවරයා යටතේ ඇති ජාතික ආර්ථික සභාවට පවරා නිදහස් වීමට එ.ජා.පයට නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක, වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
ජාතික ආර්ථික සභාව පිහිටුවා ගත වූයේ මාස 6ක් පමණ බව කී ඇමතිවරයා එතෙක් ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් සොයාබැලීම සිදුකළේ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ආර්ථික අනුකමිටුවක් මගින් බව ද සඳහන් කළේය.
අනවශ්‍ය ආනයන අඩු කර අපනයන වැඩි කළ යුතු බවත්, දේශීය කර්මාන්ත හා ව්‍යාපාරිකයින්ට අවස්ථාව දිය යුතු බවත් ජනාධිපතිවරයා පැවසුවේ ආර්ථික සභාව පත්කරන්නට වසර දෙකකට පෙර සිට බව කී ඇමතවරයා එම යෝජනා දැන් හෝ ක‍්‍රියාත්මක කිරීමට රේඛීය අමාත්‍යාංශ කටයුතු කිරීම ගැන සතුටු වන බව ද කීවේය.
ඇමති මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (4) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාවට ප්‍රශ්නයක් වී ඇත්තේ සන්දාන රජය කියන්නේ ආණ්ඩු දෙකක්ද යන වග . බලයට ආවේ පක්ෂ පාට නොබලා රටට සේවය කරලා , රටේ සම්පත් හොරා කාපුවට දඩුවම් කරලා , හොරාකාපුව නැවත රටට ආපසු අරගෙන රට දියුණු කරන්නය් . ආර්ථික සබාව පවර ගත්තානම් , ආර්ථිකය දියුණු කරන්න , නගා සිටුවීමට මොනවාද කලේ ? ඒවා කලේ හුදෙක් පක්ෂයට ලකුණු දා ගැනීමක් විතරය් . අනික් පක්ෂය කපා හැරීමට විතරය් . දැන් බොලේ පාස් කරන කතා කියන්න , ලැජ්ජ වෙන්න ඕන . මේ රට තවත් කෑවේ ඔය ප්‍රතිපත්තිය නිසය් . ඒක තමය් ඇත්ත . අපි දන්නා තරමට හැමෝගෙම බලාපොරොත්තුව වුනේ විනාශකාරී මහපුටුව අහෝසි කිරීමය් . තවමත් වෙන්නේ ගිය වකවානුව වගේ පවුල් බලය ගොඩ නගන යුගයක් බිහිකිරීම විතරය් .
අපනයටත් බදු ගහන රටක් මේක.
දැන්වත් වහල් වැඩ කරන එක නවත්තනවා හලෝ. ලැජ්ජයි.
ඔය මොන සභාවකින්වත් වැඩක් ජනතාවට.
නරකද ආර්ථික අර්බුදයට හේතුව අර 62 ට දැම්මොත්. එතකොට ඔය දෙගොල්ලොම බේරිලා.