IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අයවැයෙන් ජනතාවට සහන මල්ලක් දුන්නත් ජනතාව යළි රවටන්න බෑ

(ශ්‍රී ජයවර්ධනපුර - මුදිතා දයානන්ද)

”ලබන වසර මැතිවරණ බහුල වසරක් නිසා මෙවර අයවැයෙන් ජනතාවට සහන මල්ලක් ලබාදුන්නත් දින සීයේ ප්‍රෝඩාවට හසුවූ ජනතාව මෙවර නම් රවටන්න ආණ්ඩුවට හැකියවන්නේ නැහැ” යැයි පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පෙරේදා (6) පැවසීය.

ගම්මන්පිල මහතා මේ බව පැවසූවේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුම කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය. එහිදී අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේද පැවසීය.

”ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ නිතීඥ අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයා ද්විත්ව පුරවැසිකම තිබූ ගීතා කුමාරසිංහ මහත්මිය ගාල්ලේ සන්ධාන ලැයිස්තුවේ සිටි නිසා එම ලැයිස්තුවම අහෝසි වන බව පැවසුවා. අජිත් පෙරේරා මන්ත‍්‍රීවරයාගේ බොරුව සනාථ කළ හැකි කිසිම නඩු තීන්දුවක් රෙගුලාසියක් ව්‍යවස්ථාවක් නොමැති නිසා අජිත් නියෝජ්‍ය ඇමැතිවරයා තමන්ගේ නීතිය පිළිබඳ දන්නාකම ප‍්‍රදර්ශනය කරන්න ගිහින් නොදන්නාකම ප‍්‍රදර්ශනය කිරීමයි.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාව සංශෝධනය කරලා 91 (ඈ) අනු වගන්තිය ලෙස ද්විත්ව පුරවැසියෙකු වීම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමට වගේම කටයුතු කරගෙන යෑමට නුසුදුසුකමක් බවට පත් කළා. නමුත් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කරලා නාමයෝජනා ලැයිස්තුව ප‍්‍රතික්ෂේප කිරීමට ඒක හේතුවක් කළේ නෑ. මොකද කවුරු හරි විරෝධයක් පළකරලා අහවල් අපේක්ෂකයා ද්විත්ව පුරවැසියෙක් කියල කිව්වත් තේරීම් භාර නිලධාරිවරයා කොහොමද ඒ විරෝධතාව මත පදනම් වී නාමයෝජනා ලැයිස්තුව ප‍්‍රතික්ෂේප කරන්නේ. ඒක ක්ෂණිකව කළ හැක්කක් නොවේ. ලියකියවිලි පරීක්ෂා කර බලා කරුණුවලට සවන්දී කළ යුතු දෙයක්. ඒ නිසා තමයි එම කාරණය අධිකරණයට බාරදී තිබෙන්නේ. ඒ නිසා ගීතා මහත්මියගේ මන්ත‍්‍රී ධූරය අහිමි වීම ගාලූ දිස්ත‍්‍රික් සන්ධාන ලැයිස්තුවට කිසිම බලපෑමක් එල්ල කරන්නේ නෑ. නීතිය දන්න කෙනෙක් විදිහට මම ඒක ඉතාම වගකීමෙන් කියනවා.

මේ අනුව සන්ධානයේ ගාලූ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ තනතුරු අහිමි වීමේ කිසිම අවදානමක් නෑ. ඒ නිසා රටේ ඇත්ත ප‍්‍රශ්න යටපත් කරන්න බොරු බිල්ලෝ මවන්න එපා කියා මාගේ උගත් මිත‍්‍රයාගෙන් ඉල්ලා සිටිනවා.

හම්බන්තොට වරාය බදු දුන්නා. මත්තල ගුවන් තොටුපොළත් බදු දුන්නා. අපට තවම බැරි වුණේ හම්බන්තොට ක‍්‍රීඩා පිටිය විතරයි කියලා අගමැතිතුමා කියනවා අපට ඇහුණා. හම්බන්තොට වරාය චීනයට බදු දුන්නේ වසර 99කට. ගුවන්තොටුපොළ ඉන්දියාවට බදුදෙන්න වසර 35කට. මහඉලූක්පල්ලම බීජ පර්යේෂණාගාරය බංගලිදේශයට බදු දෙන්නේ වසර 150කට. මෙහෙම දිගුකාලීන බදුවලට රටේ සම්පත් නොරටුන්ට දෙන ආණ්ඩුවට ජනතාව බලය දුන්නේ කෙතරම් කාලයකටද? යන්තම් අවුරුදු පහකට. අවුරුදු පහකට ගේ කුලියට ගත්තු කෙනා නාන කාමරය චීනෙකුට අවුරුදු 99කට බදු දෙනවා.

මිදුල ඉන්දයන්කාරයෙකුට බදු දෙනවා අවුරුදු 35කට. කුස්සිය බදු දෙනවා අවුරුදු 150ක. දැන් මේක ආරංචි වෙනවා ගෙදර අයිතිකාරයාට. එයා දැන් මොකද කරන්නේ? අවුරුදු පහේ බදු ගිවිසුම ගැන හිතන්නේ නැතුව වහාම ගෙදර ඇවිත් ගේ බද්දට ගත්තුකෙනාව කනින් ඇදලා එළියට දානවා. මේ ආණ්ඩුවට අවුරුදු පහකට රට භාර දුන් ජනතාවටත් ළඟදීම ඒ සඳහා අවස්ථාවක් එනවා. ඒ තමයි පුංචි ඡන්දය. රට විකුණන ආණ්ඩුව කනෙකන් ඇදලා එළියට දානන් පුංචි ඡුන්දය පාවිච්චි කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රට විකුණන මේ ආණ්ඩුව ගෙදර යවලා ජනවාරි 8 වෙනිදා තමන් කළ ඒ ඓතිහාසික වරද නිවැරදි කරන්න කියලා හංසයට කතිරය ගහපු ඊට පස්සේ අලියට කතිරය ගහපු ඒත් රටට ආදරය කරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ සංස්කෘතික ලේකම් උපුල් කෝනාර සහ වව්නියා දිසා සංවිධායක ප‍්‍රසන්න කුලරත්න යන මහත්වරුද සහභාගී වූහ.

 මෙහිදී මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට නිතීඥ උදය ගම්මන්පිල මහතා ලබාදුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය - දැන් ඇතිවී ඇති ඛනිජතෙල් අර්බුදය ගැන ඔබතුමා මොකද කියන්නේ?

පිළිතුර - මේ ප‍්‍රශ්නය ඇතිකරල තියෙන්නේ තෙල් බෙදාහැරීමේ වෙළඳපොළේ සීයට 20 පමණක් පාලනය කරන අයි. ඕ.සී. සමාගමයි. ඒක ඔවුන්ගේ නොසැලකිල්ල නිසා හෝ සිතා මතා කළ දෙයක්. 2002දී වර්තමාන අගමැතිවරයා එවකටත් අගමැති ධුරය දරන සමයේ අපේ රටේ සමස්ත තෙල් පිරවුම් හල්වලින් තුනෙන් එකක ප‍්‍රමාණයක් අයි. ඕ.සී. සමාගමට ලබාදුන්නා. තවත් තුනෙන් එකක් භාරත පෙට‍්‍රල් කියන තවත් ඉන්දියානු සමාගමකට ලබාදීමට කේවල් කරමින් සිටියදී තමයි අපි ඒ ආණ්ඩුව යන්තම් පෙරළ ගන්නේ. එහෙම නොවුණ නම් ලංකාවේ තෙල් බෙදාහැරීමෙන් තුනෙන් දෙකක් හසුරුවන්නේ ඉන්දියාව.

මහින්ද රාජපක්ෂ යුගයේ අයි. ඕ.සී. සමාගම සතු ඉන්ධන පිරවුම්හල් ප‍්‍රමාණය තුනෙන් එකේ සිට පහෙන් එක දක්වා පහළ දැම්මා සංස්ථාව සතු ඉන්ධන හල් ප‍්‍රමාණය වැඩි කිරීමෙන්. එහෙම නොවුනම්, අද සීයයට විස්සක් අයි. ඕ.සී එකට තිබියදී අර්බුදය මෙහෙමනම් සීයට තිස්තුනේ මට්ටමේ ඔවුන් සතු ඉන්ධනහල් ප‍්‍රමාණය තිබුණා නම් ඇතිවන තත්ත්වය අපිට හිතාගන්න පුළුවන්. ඒ නිසා සරල ප‍්‍රශ්නයක්වත් විසඳගන්න බැරි මේ ආණ්ඩුවට බැරි බව නැවතත් ඔප්පු කර තිබෙනවා.

ප‍්‍රශ්නය - මෙවර අයවැයෙන් ජනතාවට මොන වගේ ප‍්‍රතිලාභ ලැබේවිද?

පිළිතුර - 2018 වසර පුංචි ඡන්දය, පළාත් පාලන මැතිවරණය වගේම රට බෙදන ව්‍යවස්ථාවට ජනතාවගේ අනුමැතිය ලබාගැනීමට ජනමත විමසුම කියන මැතිවරණ ගොන්නක් පැවැත්වෙන වසරක්. ආණ්ඩුවේ උපායමාර්ගය වෙලා තියෙන්නේ දැවැන්ත සහන දෙන අයවැයක් ඉදිරිපත් කරලා ඒ සහන දෙන කෙටිකාලය තුළ සියලූම මැතිවරණ පවත්වලා රට බෙදන ව්‍යවස්ථාවටත් ජනතා අනුමැතිය අරගෙන නැවත බඩු මිල ඉහළ නැංවීමටයි. මේක ජනතාවට අලූත් අද්දැකීමක් නෙවෙයි. අපි දැක්කා දින 100 ප්‍රෝඩාව. එදා 2015 ජනවාරි 29 ඉදිරිපත් කරපු අයවැයෙන් සහන මල්ලක් දුන්නා. ජනතාව මේ සහනවලට රැවටිලා 2015 අගෝස්තු 16 වැනිදා මේ ආණ්ඩුවට නැවතවතාවක් පාර්ලිමේන්තුවේ බහුතරයක් අරන් දුන්නා. ඉන්පසුව සියලූම සහන අයින් කරලා තියෙනවා.

මැතිවරණ සියල්ල අවසන් වූ  වහාම පළමු පහර වදින්නේ ඛනිජ තෙල්වලටයි. දින 100 ප්‍රෝඩාවට හසු වූ ඡන්දදායකයා මෙදා පාර අයවැය දැක්කාම උඩ පැනලා සතුටු වෙන එකක් නැහැ. මංගල සමරවීර ඇමැතිතුමා ගෙනඑන සහන යෝජනාවක් යෝජනාවක් පාසා ජනතාවගේ කේන්තිය වැඩිවෙනවා.



අදහස් (4)

අයවැයෙන් ජනතාවට සහන මල්ලක් දුන්නත් ජනතාව යළි රවටන්න බෑ

kap Wednesday, 08 November 2017 11:01 AM

ඉරිසියද? මොනවා හරි සහනයක් ලැබෙන එකට විරුද්ධ ඇයි?

:       0       0

BamunuarachchiTuesday, 14 November 2017 02:35 AM

නැහැ නැහැ ලෑන්ඩ් කෲසර් එකක මිල කොටි 2 කින් නග්ගලා අපේ පෙර්මිට් එක විකුණා ගන්න දීපු සහනය කොපමණද? ඊරිසියාවක් නැත වෛරයක් තිබෙන්නේ.

:       0       0

bamunuarachchi Wednesday, 08 November 2017 02:27 PM

ගම්මන්පිල මහතා, පෙනෙනවා නේද කතාව? මේ ගොල්ලන්ට ටොපියක් දුන්නත් ඇති රැවටෙන්න.

:       0       0

Rohana Monday, 13 November 2017 12:47 AM

2020 එනකල් බලා ඉන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site