(තංගල්ල ආරියදාස කොඩිතුවක්කු සිටිනාමලූව, අනිෂා මානගේ, රන්න චන්ද්‍රසේන ගමගේ, වලස්මුල්ල තිලක් මනම්පේරි තංගල්ලේ සිට)
ලෝකයේ නායකයන් කියන්නේ රට සංවර්ධනය කරන දියුණු කරන ජනතාවගේ දුක සැප හඳුනන, අධ්‍යාපනය දියුණු කරන, රැකියා උත්පාදනය කරන, රටේ ප‍්‍රශ්න නැති කරන, සෞඛ්‍ය දියුණු කරන, රාජ්‍ය නායකයන්ට. රට විනාශ කරන ණය බර ඇති කරන අයට නොවේ බෙල්ලේ සාටකයක් පැළඳ ගත්තට, ළමයි ඉම්බට, නායකයන් වෙන්නේ කෙසේදැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා තංගල්ලේදී පැවසුවේය.
තංගල්ල නගරයේ පැරණි පොළ භූමියේ පෙරේදා (22) සවස හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ දිරිය පුරවැසි සමිතිවල නායක නායිකාවන් සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවති ජනතා හමුවකදීය.
සමුළුව ඇමතූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසුවේය.
දිරිය පුරවැසි කමිටු අපි රට පුරා පිහිටුවනවා. හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිලධාරි වසම් සියල්ලේම දිරිය පුරවැසි කමිටු පිහිටුවලා. ඉදිරියේදී උතුරු නැගෙනහිර පළාත්වලත් පිහිටුවනවා. රටේ ජනතාව එකතු වුණොත් විතරයි රට වැටී සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ. රාජපක්ෂ ගැන බැසිල් ගැන කිරිඇල්ල ගැන අඩුවෙන් කතා කරන්න හිතාගෙන ආවේ.
අපේ රටේ සමහරු දේශපාලන සංවර්ධනයකට මුල පුරනවා. මාධ්‍යවේදීන්ටත් විශාල වගකීමක් තියෙනවා. පසුගිය කාලයේ බැඳුම්කර කොමිසම ගැන, විජේදාස රාජපක්ෂ ගැන පුවත් පළවුණා. ඒවා දැන් ඉවරයි. අලූත් පුවත් පළ කරන්න දැන් කටයුතු කරන්න. රාජපක්ෂ ගැන බැසිල් ගැන කිරිඇල්ල ගැන කතා කරන්න බැහැ. ඒක අපට තිත්තවෙලා තියෙන්නේ. රටත් ජනතාවත් හදන්න ඕන. පැයක් වෙන්කරන්න. ගැඹුරු දේශපාලන සංවාදයක් සඳහා.
පිටු විශාල ගණනාවක් ඉරිදා පත්තරවල, ගැඹුරු දේශපාලනයට ගෙන ඒමට අපි මුල පුරන්නේ. අපේ රටේ ඇතිවී තියෙන අර්බුදය අපි හොයා ගන්න ඕන. තේරුම් ගන්න ඕන. අපේ රටේ ආර්ථිකය විශාල වශයෙන් කඩාවැටිලා. රටේ ආර්ථිකය හොඳයි නම් අධ්‍යාපනයේ පහසුකම් තියෙනවා. රැකියා තියෙනවා. ආර්ථිකය හොඳනම් හැම දෙයක්ම හොඳයි.
සීයට හතළිහක් ඉගෙන ගන්නේ නැහැ. රැකියා කරන්නෙත් නැහැ. සජිත් හිතනවා ෆෝම් කොළ බෙදුවම රැකියා ලැබෙනවා කියා. අපේ රටේ ආර්ථිකය කඩා වැටිලා. මෛත‍්‍රීපාල, රනිල් මුදල් ඇමැති කියනවා ණය අර්බුදය කියල. මේ පාලකයන් වසර 10 කට ඉහතදී කිව්වා විශාල ණය මුදලක් හම්බ වෙනවා රට හදනවා කියා.
1985 ණය ප‍්‍රමාණය රුපියල් කෝටි දහතුන් දාහයි. අද ණය ප‍්‍රමාණය කෝටි දශලක්ෂ පනස්දාහයි. ණයක් ගත්තොත් ගෙවන්න බැරිනම් ඒක නාස්ති කරලා.
ණය වලින් තමයි නාමල් රාජපක්ෂලා, යෝෂිත රාජපක්ෂලා, හෝටල් ගත්තේ. සජින් වාස් ගුණවර්ධනලා ගෙවල් ගත්තේ.
අපේ රට බංකොළොත් වෙච්ච හිඟන රටක්. වසර හැත්තෑවක් පාලනය කරපු දෙගොල්ල හිඟන රටක් කළා. හතර වටේ හතර අතේ ණයයි.
අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඕස්ටේ‍්‍රලියාවට, මහජන බැංකුවට, ලංකා බැංකුවට, ඉන්දියාවට ණයයි. මේ වසර ඇතුළත හම්බන්තොට වරාය විකුණා ගන්න බැරි වුනොත් ආර්ථිකය සුන්නද්දුලි වෙනවා. මත්තල ගුවන් තොටුපොළ විකුණල, ඉන් පසු කොළඹ ජැටිය විකුණලා, දුපත් ටික විකුණලා, වසර පහ ඉවර වෙනතුරු දේපළ විකුණනවා. අවුරුදු හැත්තෑවක් පාලනය කරල හිඟන රටක් හැදුවා.
ඩොලරය රුපියල් 156 යි. 1915 ඩොලරය 122 යි. රුපියල කඩා වැටිලා පාලනය කර ගන්න බැරුව යන්නේ. ලෝකයේ කිසිම රටක් හැම දෙයක්ම හදන්නේ නැහැ. නිෂ්පාදනය කරන්න බැහැ. අපිට වඩා උසස් භාණ්ඩ අපි ගේන්න ඕන. ලෝකයේ හැම රටක්ම අද භාණ්ඩ අලෙවි කරනවා. භාණ්ඩ ගේනවා. ජාත්‍යන්තර මුදල් ඒකකය ඩොලරය, අපි විශාල වෙළඳ ක්‍ෂේත‍්‍රයක් තිබෙන රටක්. ඩොලර් අපිට තියා ගන්න බැහැ. පොලිසියෙන් අල්ලනවා. ඩොලර් කෝටි දාහක් මහ බැංකුවට එනවා වසරකට.
පොල් මිල ඉහළ ගිහින් ඵලදාව අඩුයි. ඩොලරයේ වටිනාකම 156 දක්වා ඉහළ ගිහින්. 2015 ඩොලරය රුපියල් 128 යි. 1977 දී රුපියල් අටයි. ඩොලරයේ අගය ඉහළ යන එක විශාල අර්බුදයක් අපේ ණය ප‍්‍රමාණය වැඩි වෙනවා.
තේ රබර් පොල් අපනයන ආදායම අඩුවුණා. රබර් වෙනුවට කෘතිම රබර් ආවා. පොල් අපනයනය කඩා වැටුණා. රුපියල පාලනය කරන්න බැරිවෙලා. බෙල්ලේ සාටකයක් පැලඳුවාට ළමයි ඉම්බට නායකයන් වෙන්නේ කොහොමද? මේ ජාතියේ පාලකයො පොල්පිත්තකින් කපල එල්ලන්න ඕන.
මැද පෙරදිග එදා මිලමයි අදත් කුකුල්මස් කිලෝ එකක්. අපේ රටේ පොල් ගෙඩිය 100 යි. හාල් කිලෝව 100 යි. ආහාරවල ප‍්‍රමිතියක් නැහැ. අපේ රටේ කන බොන දේවලට බෙහෙත් ගහනවා. කෙසෙල්වලට, ගස්ලබුවලට, එළවළුවළට. කන්න බයයි. පසුගිය කාලයේ ඩෙංගු හැදුණා දෙසීයක් තුන්සීයක් මැරුණා. ඩෙංගු මර්දනය කරන්නේ කොහොමද? සමාජවාදී කියුබාව සෑම පුරවැසියකුටම හොඳ ආහාර සපයනවා. විශේෂ වෛද්‍යවරු ඉන්නවා. ප‍්‍රජා සෞඛ්‍ය සේවය ශක්තිමත් කළා. ලක්ෂ හයසීයක බේත් ගන්නවා. ජනගහනය ලක්ෂ 220 යි.
අපි ඔක්කොම එකතුවෙලා හැම කෙනෙකුගේම ජීවිතය සාර්ථක කර ගන්න සමාජ ක‍්‍රමයක් හදමු. සෑම අම්ම තාත්තා කෙනෙක්ම කල්පනා කරනවා තමන්ට වඩා හොඳ ජීවිතයක් දරුවන්ට ලබා දෙන්න. ජපානයේ පන්ති තියෙන්නේ පාසලේ උගන්නන්නේ නැති දේවල් ඉගෙන ගන්න. ඉතාලියේ පන්ති දානවා. පාසල් අධ්‍යාපනය තීරණය වෙන්නේ මුදල් මත නිදහස් අධ්‍යාපනයේ දොරටු විවෘත වූ නිසා අධ්‍යාපනය ලබා ගන්නට හැම කෙනෙකුටම පුළුවන් වුණා. ළමයා පාසල් යනවා. පන්ති යනවා. ගෙදර එන්නේ ?ට නිදහසක් නැහැ. කන්න බොන්න වේලාවක් නැහැ.
ලංකාව අධ්‍යාපනයට අඩුවෙන්ම මුදල් වෙන්කරන රට බවට පත්වෙලා. නෙවිල් ප‍්‍රනාන්දු දැනුම පැකට් කරල විකුණනවා. මාසයකට ලක්ෂ දෙකහමාරයි. රාජිතට පුළුවන් වියදම් කරන්න. තව සයිටම් ඉදිරියට තව තවත් ඒවි. අධ්‍යාපනය මුළු මනින්ම කණපිට හරවන්න ඕන. යෝෂිත එංගලන්තේ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවේ ලක්ෂ සිය ගණනක් වැය කරලා.
වාහන හැප්පිලා 2016 දී එක දවසකට 16 ක් මැරිලා. දවසකට ගෙවල් දාහතක් කඩනවා. අපේ රටේ 2017 වසරේ 18 ට අඩු දරුවන් 334 ක් දුෂණය වෙලා මේ අර්බුද නිර්මාණය කළේ දේශපාලනය මේක වෙනස් කරන්න ඕන.
ලංකාවේ ග‍්‍රෑම් දෙකකට වඩා කුඩු අහුවුණොත් මරණ දඬුවම ඒත් දඬුවම් දෙන්නේ නැහැ. මේ සමාජය යහපත් කරන්න ඕන. ආර්ථිකය හදන්න ඕන. බලයක් අපට ලැබෙන්න ඕන. ලක්ෂ එකහමාරයි අපට තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිම ගනුදෙනුවක් නැහැ. අපි කථා කරන්නේ මේ රටේ ජනතාවට යහපත පිණිස.
මම අභියෝග කරනවා ව්‍යවස්ථාව ගැන විවාද කරන්න අපි ලෑස්තියි. මහින්ද රාජපක්ෂට අභියෝග කරනවා. නායකයන්ගේ සළුපිළි ගලවනවා. නිර්වස්ත‍්‍ර කරන්න අපි ලෑස්තියි. ඡන්ද ක‍්‍රමය වෙනස් කළා. අපි මේ මැතිවරණයට පස්සේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කොට්ඨාස 155 ක් තියෙනවා. අපි හොල්ලනවා. 155 දෙනාම ශක්තිමත් ලැයිස්තුවක් අපි හදනවා. ගමේ නායකයන්ගෙන් සමන්විත පිරිසක් ඉදිරිපත් කරනවා. ගමට නායකයෙක් හැදෙනවා. පළාත් සභා ඡන්ද එනවා. 2020 ජනාධිපතිවරණය එනවා. මෛත‍්‍රීපාලට කිසි අයිතියක් නැහැ ජනාධිපතිවරණයට. අපි පෙරමුණවල් හදලා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයක් හදලා ශක්තිමත් ජනතා ව්‍යාපාර හදලා ධීවර සමිති හදනවා. වෘත්තියවේදීන්ගේ සමිති අපි හදනවා.
සේනානායකලා, පේ‍්‍රමදාසලා ජයවර්ධනලා චන්ද්‍රිකාලා බණ්ඩාරනායකලා රාජපක්ෂලා රනිල්ලා මෛත‍්‍රීපාල වසර හැත්තෑවක් රට පාලනය කළා. මොකක්ද ඇතිවෙලා තියෙන වෙනස. රට හදනවද? ජනතා විමුක්ති පෙරමුණට වැඩ පිළිවෙළක් තියෙනවා. සංවාදයට අපි ලෑස්තියි. අපි ඔක්කොම එකතුවෙලා ශ්‍රීලංකා නිදහස් පාක්‍ෂිකයන්, එක්සත් ජාතික පාක්ෂිකයන් හම්බවෙලා අපේ පැත්තට හරවා ගනිමු. 2020 අපේ පාලනයක් ඇතිකරන්න වැඩ කරමු.
මහාචාර්ය ධර්මා රාජපක්ෂ, වෛද්‍ය රංග කොඩිතුවක්කු, හිටපු තංගල්ල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී රුවන් සෙනරත් මහත්ම මහත්මීහුද අදහස් දැක්වූහ.
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් ක
ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ජීවත්වන ජනතාවට අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වසර තුන තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්
ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ
උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
අපේ රට හිඟන රටක් කළාට පාලකයන් දෙගොල්ලොම වගකියන්න ඕනෑ
Rohana Tuesday, 24 October 2017 06:15 AM
2020 ජනතා ජයග්‍රහණයට ජනතාව පෙලගස්සමු. ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා!
Shan Tuesday, 24 October 2017 07:06 AM
මෙයාල 1971, 1986 රටේ දේපල ගිනි තියල කලේ සංවර්ධනයක් වෙන්න ඇති එහෙනම්.
bamunu Tuesday, 24 October 2017 08:34 AM
ශාන් 1988 ඒවා දැන් කතා කරල මොනා කරන්නද. ඉස්සරහට කරන්න තිබෙන දෙයක් කතා කරන්න.
Lapaya Tuesday, 24 October 2017 08:44 AM
71, 88,89 විනාස කල ජිවිත සහ රජයේ දේපල තිබුනානම් අද මෙහෙම වෙන්නේ නැහැ. ඒක මට තේරෙන්නේ පස්සේ වෙන්න පුළුවන්.
sujee Tuesday, 24 October 2017 10:36 AM
බස් ගිනිතියාලා ට්‍රාන්ස්ෆොර්මෙර් ගිනිතියපු අයත් වග කියන්න ඕන.
saman Tuesday, 24 October 2017 11:09 AM
නිකන් වීදුරු ගෙවල් වල ඉදගෙන ගල් ගහන්න එපා
naradha Tuesday, 24 October 2017 05:03 PM
අද මා ජනතා විමුක්ති පෙරමුණේ දකින ප්‍රධාන අඩු පාඩුවක් නම්, ඔවුන්ගේම සැලසුමකට පරිදි, රට දියුණු කිරීමට ගන්නා ක්‍රියා මාර්ගය, ඔවුන් විසින් විස්තර නොකිරීමයි. ඔවුන් ඉදිරියේදී රට ගොඩනැගීමට ගන්නා ක්‍රියා මාර්ගය ජනතාව වෙත ඉදිරිපත් නොකලොත් සිදුවන්නේ, ජනතාව විසින් ඔවුන් අතීතයේ ('71, '88/'89 කාලයේ) ක්‍රියා කල ආකාරය පුර්වාදර්ශයක් ලෙස ගැනීමයි. එවැනි අතීතයක් බොහෝ දෙනෙකුට එතරම් මිහිරි නොවනු ඇත.
bamunuarachchi. Wednesday, 08 November 2017 07:34 AM
අනුර මහතා මෙතන ලිවෙන අදහස් වලින් පෙනෙනවා මේ පරම්පරාව මැරී යනතුරු ඔබලාට හිස එසවීමට බැරිබව එමනිසා මේගොල්ලෝ වෙනලොකෙකට යවාගන්න ක්‍රමයක් සිතන්න.
Raveendra Friday, 10 November 2017 04:24 AM
අපිනම් මැරිලා ඉපදුනේ නැහැ තාම ඔහේ කියන හිගන පක්ෂදෙක විතරක් නොවේ ඔහෙලගෙ පක්ෂයත් අපගේ මාතෘ භූමිය හිගන රටක් කරන්න " එක හා සමානව " දායක වෙලා තියෙනවා.අප හැමදාමත් ඔහෙලගෙන් අහනවා මේ ප්‍රසන නමුත් කිසිදවසක උත්තරනම් ලැබුනේ නැහැ ඒවාට.හොදා අදවත් කියනවකො බලන්න ( 1971 ගැන අපට එතරම් මතකයේ නැහැ ) 1988,1989, 1990 වකවානුවල තමුසෙලා ලංකා මාතාවගේ ආදරණිය දු දරුවෝ කීදෙනෙක් අමු අමුවේ මරා දැම්මද කියල ??? ලක්මවගේ දේපොළ කොච්චර ගිනිබත් කලාද විනාශ කලද කියල ???? දැන් බබා වගේ හතරට ගැන ගන්න බැරි හිගන බබා........හොදින් මතක තියාගන්නවා මේ ටික ලක් මවට ආදරය කරන අපි සියල්ලෝම ඉතා හොදින් දන්නවා රතු, කොළ නිල් අම්බරුවන්ගේ පැටිකිරිය....