IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


අපේ පාලන කාලයේ රටේ දේපළ වැඩිකළා

මේ ආණ්ඩුව ඒවා විකුණාගෙන කන්න හදනවා

 අපේ පාලන කාලයේ රටේ දේපළ වැඩි කළා. ඒවා ශක්තිමත් කෙරුවා මිස විකුණන්න ගියේ නෑ. මේ ආණ්ඩුව දේපළ විකුණාගෙන කන්න උත්සාහ කරනවා. ප‍්‍රශ්න විසඳන්න ආර්ථික විශේෂඥයන්ට හැකියාව තිබෙන්න  ඕනෑ. දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒ අයගෙන් උපදෙස් ගන්න  ඕනෑ. අපිට පිටරටින් නැව් එනකම් බලා ඉන්න වෙලා තිබෙනවා යැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (28* පැවසීය.

කෘතහස්ත දේශපාලනඥයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ 45 වන ගුණසැමරුම නිමිත්තෙන් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශාලාවේ පෙරේදා සවස පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ කීය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

අධිරාජ්‍ය විරෝධී සටන් වලදී පෙරමුණේ සිටි එඩිතර නායකයකුවූ පිලිප් ගුණවර්ධන මහතාගේ ගුණසැමරුම් උත්සවයට එක්වෙන්න ලැබීම ගැන සතුටුවෙනවා. අපේ රටට නිදහස ලබාගන්න වගේම විදේශීය සමාගම් ජනසතු කළ වැඩපිළිවෙළකට ඉහළ දායකත්වයක් පිලිප් ගුණවර්ධන මහතා ලබාදුන්න බව අපිට අමතක නෑ.

එන්.එම්., ඞී.ඒ. රාජපක්ෂ, දොස්තර එස්.ඒ. වික‍්‍රමසිංහ වැනි නායකයන් සමග එක්ව සටන් ව්‍යාපාර මෙහෙයවූ හැටිත් මතකයි. මේ ආදර්ශවත් චරිත වර්තමානයේ දේශපාලනය කරන අයත් රටේ තරුණයනුත් ආදර්ශයට ගන්න  ඕනෑ. මේ අයගේ සටන් ව්‍යාපාර ඉගෙන ගන්න  ඕනෑ. රටට ආදරය කළ මෙවැනි නායකයන් ගැන හදාරන්න  ඕනෑ. මේ ගැන රචනා තරගයක් පැවැත්වුවා කියලා කියවුණා. එය ඉතාම හොඳයි.

පිලිප්ලා, රොබට්ලා ගිය අඩි පාරේ යමින් ගුණවර්ධන පවුලේ අය කටයුතු කරනවා. සටන් කරනවා. පිලිප් වරක් පාර්ලිමේන්තුවෙන් එළියට දැම්මා. හිරේ ගියා. එය කඩාගෙනත් ආවා කියනවා. දිනේෂ් ගුණවර්ධන මහතාත් ළඟදී පාර්ලිමේන්තුවෙන් එළියට දැම්මා. මේක පළිගැනීමක්ද කියලා හිතෙනවා.

ගුණවර්ධන මාතාව ගිරුවාපත්තුවේ උපන් තංගල්ලේ කෙනෙක්. අපේ පවුලත් සමග සබඳකම් තිබුණා.

රටේ ඩෙංගු පැතිරෙමින් තිබෙනවා. මේවා වළක්වා ගන්න  ඕනෑ. එදා මැලේරියාව මර්දනය කරන්න පෙරමුණ ගත්ත හැටි අමතක කරන්න එපා. සියලූදෙනා එකතුවෙලා සාර්ථකව මැලේරියාව රටින් තුරන් කළා වගේ මේ ඩෙංගු උවදුරටත් තුරන් කරන්න අවශ්‍යයි.

මගේ ජයග‍්‍රහණයටත් ගුණවර්ධන පවුලේ ප‍්‍රබලයන් උදවුකර තිබෙනවා. ආයතනවලට ඇවිත් උදවුකළා මතකයි. එඩිතරව කතාකරන අය කවදත් හිටියා. හොඳ සටන්කාමීන් ගුණවර්ධන පවුලෙන් බිහිවුණා. දේශපාලනය කරන අය මේවා ආදර්ශයට ගන්න  ඕනෑ. ඔවුන් කළ සේවය ගැන ඉගෙනගන්න  ඕනෑ.

අපිට මතකයි පිලිප් ගුණවර්ධන මහතා කුඹුරු පනත ගෙනැල්ලා කෘෂිකර්මය නගාසිටුවන්න වැඩකළ ආකාරය.

මගේ පියාත් ඒ කාර්යයට සහාය දුන්නා. අඳ ගොවි ප‍්‍රශ්නය විසඳුවා. රටේ ලොකු පෙරළියක් වුණා. ගොවිතැනට හොඳ තැනක් ලැබුණා වගේම ගොවියන් ශක්තිමත් වුණා. අද වන විට ගොවිතැනට මොකද වෙලා තිබෙන්නේ කියලා කවුරුත් දන්නවා. ගොවිතැන පැත්තකට දාලා රටින් ගේනකම් බලාඉන්න වෙලා තිබෙනවා. කුඹුරු හාරලක්ෂයක් පුරන් වෙලා කියලා කියනවා. මෙය ඛේදවාචකයක් බව කියන්න  ඕනෑ.

එදා ගොවීන් රැුකගන්න පිලිප්ලා වැඩකළා. අද ගොවීන් රැුකගන්නවා කියපු නායකයන් නිහඬවෙලා ඉන්නවා. ගොවීන් අසරණ වෙලා තියනවා.

ආණ්ඩුව රටේ දේපළ විකුණගෙන කන තත්ත්වයට වැටිලා තිබෙනවා. අපේ කාලයේ එහෙම කළේ නෑ. ඒවා ශක්තිමත් කළා. විදේශ අයගෙන් උපදෙස් අවශ්‍ය නෑ. දක්ෂ අය අප අතර ඉන්නවා. මේ අය ලෙහෙසිම දේ කරන්න බලනවා.

මෙම කෙටි උත්සවයේදී රජයේ හිටපු ප‍්‍රධාන ඉංජිනේරුවරයකු වන විද්‍යාජෝති ඒ.වී.ඞී.එස්. ගුණවර්ධන මහතා හා ආචාර්ය උපුල් කුලසිංහ, යදාමිණි ගුණවර්ධන යන මහත්වරුද කතා කළහ.

මෙහිදී පිලිප් ගුණවර්ධන සමරු පදනමෙන් සංවිධානය කර තිබූ දීප ව්‍යාප්ත පාසල් රචනා තරගයෙන් ජයගත් සිසුන්ට ත්‍යාග හා සහතිකපත්ද පිරිනැමිණි.

මෙම උත්සවයට ඇල්ලේ ගුණවංශ, කිරම විමලජෝති යන හිමිවරු හා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ දේශපාලනඥයන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)



අදහස් (0)

අපේ පාලන කාලයේ රටේ දේපළ වැඩිකළා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 161 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site