IMG-LOGO

2025 ජනවාරි මස 13 වන සඳුදා


අපි තවමත් තෙල් විකුණන්නෙ පාඩුවටයි

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග

තෙල් අර්බුදය ඇතුළු දේශපාලන මාතෘකා කීපයක් පිළිබඳ මේ සාකච්ඡාව අමාත්‍ය අර්ජුන රණතුංග සමඟයි. 

 
ඛනිජ තෙල් මිල හිතූ හිතූ හැටියට ඉහළ ද‌ානවා. මේවා ගැන ජනාධිපති දන්නෙත් නැතිලු. මිනිස්සු අහන්නේ මෙහෙම නම් වැඩ කෙරෙන්නේ තෙල්වලට ඇමැති කෙනෙක් මොකටද කියලා...   


 මේ මිල සූත්‍රය කියන ක්‍රමවේදය මීට වසර කීපයකට පෙර කළ යුතුයි කියලා අදහස ආවා. එය ක්‍රියාත්මක වුණේ නෑ. භාණ්ඩාගාරය තීරණය කරල තියෙනවා දැන් ආපහු මේ මිල සූත්‍රය හඳුන්වා දෙන්න. ඒකට කැබිනට් මණ්ඩලයත් කැමැතිවෙලා තියෙනවා.   


 පසුගිය කාලේ කැබිනට් මණ්ඩලෙන් කමිටුවක් දැම්ම මිල සූත්‍රය ගැන හොයලා තෙල් මිල වැඩි වෙනවද අඩු වෙනවද කියලා හොයන්න. ඒත් අවාසනාවකට ඒ ගැන අපි ඒ තරම් දැනුවත් වුණේ නෑ. ඒ ගැන භාණ්ඩාගාරයම තීරණය අරගෙන භාණ්ඩාගාරෙන්ම රෑ නිවේදනය කරනවා මිල වැඩිවෙනවා කියලා. ජනාධිපතිතුමා, අගමැතිතුමා පවා දැනගෙන හිටියේ නෑ මේ ගැන. ඒක තමයි මෙතන ප්‍රශ්නය වුණේ.   


මම දැනගෙන හිටියෙත් නෑ. මම ජනාධිපතිතුමාට කතා කරල ඇහුවාම එතුමා කිව්වා හෙට වෙනකම් මොකුත් කරන්න එපා කියලා. සාකච්ඡා කරලා මේ ගැන තීරණයක් ගනිමු කියලා ජනාධිපතිතුමා කිව්වා. ඊළඟ කැබිනට් මීටින් එකට එනකං අපි ඒක ක්‍රියාත්මක කළේ නෑ. කැබිනට් මීටින් එකෙන් පස්සේ ජනාධිපතිතුමා එක්ක කරපු සාකච්ඡාවේදි මිල සූත්‍රය ක්‍රියාත්මක කළ යුතුයි කියන තීරණයට ආවා. මම පෙන්නලා දුන්නෙ මේ හරහා මේ රටේ ජීවන වියදම ඉහළ යනවා කියන එක. මෙතනදී තෙල් මිල වැඩි කිරීම විතරක්ම නෙවෙයි සිද්ධ වෙන්නේ. මේකෙ බලපෑම ක්ෂේත්‍ර ගණනාවකට බලපානවා.​ මේ කරුණු සියල්ල සලකා බලා මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න තීරණය කළා. මුලින් දවස ගානෙ කරන්න කතාබහ කළත් පස්සේ ඒක මාසෙකට වරක් කරන්න තීරණය කළා. පිටරටවල්වල නම් දිනපතා මේක කෙරෙනවා. අපිට ඒතරම් තාක්ෂණික හැකියාවක් නෑ. කොහොම හරි අපි තීරණය කරපු පරිදි ඉදිරියට මිල සූත්‍රය ක්‍රියාත්මක වෙනවා.   


• ඔබ මේ අමාත්‍යාංශය බාර ගත්ත දවසෙ ඉඳලා මොකක් හරි ලෙඩක් හැමදාම වගේ. ඇයි මේ?   


මේ ප්‍රශ්න එන එක හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ. මොකද බොර තෙල් ගේන්න හදපු අවස්ථාවේ මම ඒකට විරුද්ධව කටයුතු කළා. එතකොට රටම ඒකේ ඇත්ත නැත්ත දැනගත්තා. මේ ප්‍රශ්නෙදි වුණත් මම බැලුවෙ ජනතාවගෙ පැත්තෙ ඉඳලා. මේ වගේ ආයතන ජනතා සුබ සිද්ධියට ක්‍රියාත්මක විය යුතු ආයතන. ආණ්ඩුවක් හැටියට අපි තීරණය කරන්න ඕනැ මේ ආයතන ලාබ ලබන ආයතන ද සේවා සපයන ආයතන ද කියලා. මගේ ප්‍රතිපත්තිය නම් අපි යම් පාඩුවක් ලැබුවත් මේකෙ බර ජනතාව පිට පටවන්න එපා කියන තැන. ඒකෙන් අනෙක් හැම දේකම මිල ඉහළ යන එක වළක්වන්න බෑ.   


• ජනාධිපතිවත් අගමැතිවත් ඇමැතිවත් නොදැන මේවා සිද්ධ වුණේ කොහොමද?   


ඇත්තටම ඒක මම එකඟ වෙන්නෙම නැති දෙයක්. මොකද භාණ්ඩාගාරෙ නිලධාරින්ට තීරණය කරන්න බෑ රටේ ඉන්ධන මිල වැඩිවෙනව ද නැද්ද කියන එක. අනිත් එක ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් දන්නෙ නැතුව මමත් දන්නෙ නැතුව තෙල් මිල හිටි හැටියේ වැඩි වෙනව නම් එතන ලොකු අවුලක් තියෙනවා. දේශපාලන අධිකාරියෙන් පිට මේ දේවල් සිද්ධ වෙන්න බෑ. මම ​ෙම් දේ ගැන ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් දැනුවත් කළා. ඇත්තටම මෙතන යම් අතපසුවීම් වගයක් වෙලා තියෙනවා. ඒක මංගල සමරවීර ඇමැතිතුමත් කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කළා. රටට කියන්නෙ තෙල් සංස්ථාවෙන් මිල වැඩි කළා කියලා. ඒත් ඇත්තටම වැඩි කරලා තියෙන්නේ භාණ්ඩාගාරෙන්.   

ලෝක උරුමයක් නම් කරලා තියෙන දෙයක්. ඒ තත්ත්වයට හානි වෙන්න දෙන්නත් පුළුවන් කමක් නෑ. ගාල්ලේ ග්‍රවුන්ඩ් එකේ හදපු එක බිල්ඩිමකින් තමයි ඔය ප්‍රශ්නෙ ආවෙ. ඒ බිල්ඩිම ඔතනින් අයින් කළොත් ඔය ප්‍රශ්නෙ සමථයකට පත් වෙන්නත් පුළුවන්.


• භාණ්ඩාගාරෙ නිලධාරින්ට මෙහෙම කරන්න තියෙන හයිය මොකක්ද?   


කැබිනට් මණ්ඩලෙන් මේ සම්බන්ධ කමිටුවක් දැම්මම මම යෝජනා කළා අමාත්‍ය ලේකම්ගෙ සභාපතිත්වයෙන් කමිටුවක් ද‌ාන්න කියලා. ඒකට ජනාධිපතිතුමාගේ නියෝජිතයෙක් අගමැතිතුමගේ නියෝජිතයෙක් වගේම භාණ්ඩාගාරෙ නියෝජිතයෙකුත් ඇතුව කමිටුව යෝජනා වුණා. මේක ලේසි වැඩක් නෙවෙයි. මේක දෙතුන් දෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. නිලධාරින් හත් අට දෙනෙක් මේ වැඩේට අවශ්‍යයි. මේ අයගෙ වගකීම මේ ගැන අපිව දැනුවත් කිරීම. පනත අනුව මේ නිලධාරින් මාව දැනුවත් කරන්න ඕනෑ. මම තමයි මුදල් ඇමැතිගේ එකඟතාවයක් ඇතුව තෙල් මිල වැඩි කරනවද කියලා තීරණය කරන්නේ. පනතෙන් ඛනිජ තෙල් සම්පත් ඇමැතිට ඒ බලතල තියෙනවා.   


• මේවා සිද්ධවෙන විදිහ ඔබලා දන්නෙවත් නැත්නං මොකක්ද ඔබලාගෙ තත්ත්වය?   


ඇත්තටම මම විශ්වාස කරනවා මේ වගේ රටට බලපාන තීරණාත්මක දේවල් සිද්ධ වෙද්දි ඒවා ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා නොදැන සිදු නොවිය යුතුයි කියලා. මම ජනාධිපති වෙලා හිටියා නම් මමත් මේ වගේ දේවල් වෙනවට කැමැති නෑ. රටේ ප්‍රධාන නායකත්වය දන්නෙ නැතුව නිලධාරින්ට මෙහෙම වැඩ කරන්න බෑ.   


• මේ ගැන ඔබලා අතරේ අන්‍යොන්‍ය අවබෝධයක් නැද්ද? මංගල සමරවීර ඇමැතිතුමාට එයාට ඕනැ ඕනැ විදියට ද වැඩ කරන්නේ?   


එහෙම ප්‍රශ්නයක් නෑ. මාත් එක්ක මංගල සමරවීර ඇමැතිතුමා ඉතා සුහදව වැඩ කටයුතු කරනවා. මංගල ඇමැතිතුමාටත් මේ යෝජනා දෙන්නේ නිලධාරින්. ඒකයි මම කිව්වේ මේකට විධිමත් කමිටුවක් පත් කරන්න ඕනෑ කියලා. මේ මිල වැඩි කළා කියලා අපේ ආයතනය ලබන කිසිම ලාභයක් නෑ. බදු ඒවා මේවා එක්ක සියල්ල ලැබෙන්නේ භාණ්ඩාගාරයට. අපි තාමත් පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් තුනම පාඩුවට විකුණන්නේ.   


• ඔය කියන නිලධාරින් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න හිතා මතා ද ඔය වගේ ක්‍රියාකරන්නේ?   


මම එහෙමම කියන්නේ නෑ. කැබිනට් මණ්ඩලය තමයි මේ දේවල් ගැන තීන්දු ගන්නේ. නිලධාරින්ගෙන් යෝජනා අරගෙන තමයි මේවා ක්‍රියාත්මක කරන්නේ. ලෝක වෙළෙඳ පොළේ තත්ත්වය එක්ක හැප්පෙන්නත් සිද්ධ වෙනවා. ඒත් අපේ රටට හිතකර ක්‍රමයක් අපි සකස් කරගත යුතුයි. ලෝක වෙළෙඳ පොළ තත්ත්වයත් එක්කම අපි වෙනස් වෙන්න ඕන කියලා මම හිතන්නේ නෑ. එහෙම කළොත් රට ලොකු අර්බුදයකට යනවා. අපි ජනතාවගෙ පැත්තෙන් බැලිය යුතුයි.   


• ඛනිජ තෙල් සංස්ථාවෙ සභාපතිත් ඔබේ සහෝදරයා.   


 අපි මේ ආයතන නිසි ක්‍රමවේදයකට තමයි අරගෙන යන්නේ. ඒකට අවශ්‍ය විද්‍යානුකූල වැඩපිළිවෙළක් අපිට තියෙනවා. මේ ගැන කැබිනට් මණ්ඩලයත් මම පහුගිය කාලේ දැනුවත් කළා. ඒත් මුදල් අමාත්‍යාංශය හා භාණ්ඩාගාරයේ යෝජනා තමයි ක්‍රියාත්මක කරන්න කියලා කිව්වෙ. මම පෙන්නලා දුන්නා හරි ක්‍රමය මොකක්ද කියලා. ඒත් කැබිනට් මණ්ඩලේ ​ෙපාදු තීරණවලට මට තනියම විරුද්ධ වෙන්න බෑ.   


එ්ත් කැබිනට් මණ්ඩලේ අපිට ලැබෙන යොජනා විවේචනය කරන්නත් අපිට පුළුවන් කමක් තියෙනවා. මගේ යෝජනාවට වඩා භාණ්ඩාගාරේ යෝජනාව එක්ක යමු කියලා මුදල් ඇමැති මංගල සමරවීර කරපු යෝජනාවට මම විරුද්ධ වුණේ නෑ. ඒත් මම මගේ අදහස ප්‍රකාශ කළා.   


• මේ වගේ තෙල් ප්‍රශ්නයක් එනවා කියලා දැනගත්තු ගමන් ෂෙඩ් අයිතිකරුවෝ හිතූ හිතූ හැටියට වැඩ කරනවා. මේවා මට්ටු කරන්නේ නැද්ද?   


ඇත්තටම මේ තත්ත්වය ගැන අපි සැලකිලිමත් විය යුතුයි. අද නව තාක්ෂණය උඩ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වෙනස් වීම කෙටි කාලයක් ඇතුළත දැනගන්න පුළුවන්. තෙල් මිල වැඩි වෙනවා කියලා දැනගත්තු ගමන් ස්ටොක් තියාගෙන ඕනෑ නම් තෙල් නොගහ ඉන්න ෂෙඩ් හිමියන්ට පුළුවන්. අපි මේවා ගැන කැබිනට් මණ්ඩලය දැනුම්වත් කරලා තියෙන්නේ. මේවයි තියෙන ප්‍රායෝගික ගැටලු සමහර නිලධාරින්ට තේරෙන්නේ නෑ. මේවා ගැන දැඩි තීන්දු තීරණ අපිට අරගන්න සිද්ධවේවි. නීතිය ක්‍රියාත්මක වෙනකොට ජනතාව අපහසුතාවයට පත්වෙලා ඉවරයි. අපි මේ ප්‍රශ්න ගැන සංවේදියි. මම විතරක් නෙවෙයි මේ ප්‍රශ්නය ගැන සරත් අමුණුගම ගරු ඇමැතිතුමා පවා කැබිනට් මණ්ඩලය දැනුවත් කළා. තෙල් මාෆියාවක් ඇති විය හැකියි කියලා ඔහු පෙන්නා දුන්නා.   


• යහපාලන ආණ්ඩුවේ සුජාතභාවය පිළිබඳව දවසින් දවස ප්‍රශ්න ඇති වෙනවා.   


මම නම් හිතන්නේ අපේ වැඩ ජනතාව අතරට යන්නේ නැති නිසා තමයි ඔය වගේ මතයක් ඇතිවෙලා තියෙන්නේ. අපි කරන වැඩවලට ප්‍රචාරය හොඳටම මදි. පහුගිය ආණ්ඩුව පොඩි වැඩක් කළත් ලොකු ප්‍රචාරයක් දුන්නා. අපේ මාධ්‍යවල පවා ඒවා යන්නේ නෑ ලොකුවට. වියදම් අඩු කරලා වැඩ කරන්න බලනවා. ඉතිං ප්‍රචාරයටත් වියදම් කරන්නේ නෑ. ආණ්ඩුව කරපු සංවර්ධන වැඩ, ප්‍රගතිශීලි ප්‍රතිසංස්කරණ ගැන කවුරුවත් ඒ හැටි කතා කරන්නේ නෑ. කැබිනට් මණ්ඩලේ පවා අපි මීට කලින් නොලබපු නිදහසක් භුක්ති විඳිනවා. විවේචනවලට ඉඩ තියෙනවා.   

අද නව තාක්ෂණය උඩ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වෙනස් වීම කෙටි කාලයක් ඇතුළත දැනගන්න පුළුවන්. තෙල් මිල වැඩි වෙනවා කියලා දැනගත්තු ගමන් ස්ටොක් තියගෙන ඕනෑ නම් තෙල් නොගෙන ඉන්න ෂෙඩ් හිමියන්ට පුළුවන්. අපි මේවා ගැන කැබිනට් මණ්ඩලය දැනුම්වත් කරලා තියෙන්නේ.


• රටේ සම්පත් විකුණනවා කියලා​ මේ ආණ්ඩුවට දිගටම චෝදනා එනවා.   


දැන් ඔය හැමෝම මත්තල ගැන කතා කරනවා. අපි ගමුකො ඊට ඉස්සෙල්ලා හම්බන්තොට වරාය. හම්බන්තොට වරායට අදාළ ගිවිසුම අස්සන් කරලා තිබුණෙ රාජපක්ෂලගෙ කාලෙමයි. ඔය පොහොට්ටුවෙ කට්ටිය කවුරුවත් හම්බන්තොට වරාය ගැන කතා කරන්නෙ නෑනේ. අපි කතා කරපු තරම්වත් ඒ අය කතා කරන්නේ නෑ. මේ අය මාධ්‍යවල බොරු සංදර්ශන ද‌ානවා. මේ දේවල් පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හැමෝම දන්නවා. මත්තල ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේවා රටට බරක් නැති තැන් බවට පත් කරන්න ඕනෑ. අපි ර​ෙට් සම්පත් විකුණන්න සූදානම් නෑ. ඒ ආණ්ඩු වි​ෙරා්ධී පිරිස් හැමදාම හැමදේම ගැන බොරු බිල්ලෙක් මවනවානේ.   


• ඔබ මොන ඇමැතිකමේ හිටියත් ක්‍රිකට් ගැන කතා කරන්න උනන්දුයිනේ. ගාල්ලෙ ග්‍රවුන්ඩ් එකට මොකද වෙන්නේ?   


 ඇත්තටම මෙතන ඇතිවෙලා තියෙන තත්ත්වය මොකක්ද කියන්න හරියටම දන්නේ නෑ. ලෝක උරුමයක් හැටියට නම් කරලා තියෙන දෙයක්. ඒ තත්ත්වයට හානි වෙන්න දෙන්නත් පුළුවන් කමක් නෑ. ගාල්ලේ ග්‍රවුන්ඩ් එකේ හදපු එක බිල්ඩිමකින් තමයි ඔය ප්‍රශ්නෙ ආවෙ. ඒ බිල්ඩිම ඔතනින් අයින් කළොත් ඔය ප්‍රශ්නෙ සමථයකට පත් වෙන්නත් පුළුවන්. මේවා ගැන හොයා බලල සාකච්ඡා කරලා තීරණ ගන්න ඕනෑ. ඒකට තමයි ක්‍රීඩා ඇමැති කෙනෙක් ඉන්නේ. 


ක්‍රිකට් පාලක මණ්ඩලය කියල එකක් තියෙනවද මං දන්නෙ නෑ. ඒ ගොල්ලො මේවට මැදිහත් වෙන්න ඕනෑ. ඇත්ත ප්‍රශ්නෙ අඳුනාගෙන විසඳුමක් දෙන්න ඕනෑ. අවුරුද්දකට මැච් එකක් දෙකක් ගහන ගාල්ලෙ වගේ තැනක ස්ථිර බිල්ඩින් අවශ්‍යද කියන එක බලන්න ඕනෑ. ක්‍රීඩාංගණය පිළිබඳ නෙවෙයි මෙතන ප්‍රශ්නය. ඒක දිගටම තිබුණු එකක්. ඉස්සරත් ලෝක උරුමයෙන් කිව්වේ ලොකු ස්ටේඩියම් ගහන්න එපා කියලා. මම ක්‍රිකට් ආයතනයේ ඉද්දී දිවා රාත්‍රී තරග ගහන්න අපි ලයිට් දාන්න හදද්දී ඒක කරන්න එපා කිව්වා. අපි ඒකට අවනත වෙලා ඒක නැවැත්තුවා. ලෝක උරුමයක් විදියට නම් කරපු තැනක ඒ අදාළ කොන්දේසිවලට අපි අවනත වෙන්න ඕනෑ.

 

මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නය අදාළ වගකිව යුතු පුද්ගලයො තාම හරියට සාකච්ඡා නොකරපු එකයි තියෙන අවුල.

 

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි

 

 



අදහස් (0)

අපි තවමත් තෙල් විකුණන්නෙ පාඩුවටයි

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

තුන් වතාවක් නම වෙනස් වී වමටත් දකුණටත් ගිය ආසනය
2025 ජනවාරි මස 07 187 0

1947 ප්‍රථම මහා මැතිවරණයේ සිට ඡන්ද කොට්ඨාස මට්ටමෙන් පැවැත්වූ අවසාන මැතිවරණය වූ (1977) දක්වා “තට්ටු මාරු ක්‍රමයට” වමටත්, දකුණටත් ජයග්‍රහණය ලබා දුන් අවස්ථා තු


ලෙනින්ගේ සයිබීරියානු පිටුවහල් ජීවිතය
2025 ජනවාරි මස 07 191 0

1897 පෙබරවාරි 13 වැනි දින ලෙනින්ට නැගෙනහිර සයිබීරියාවට අවුරුදු 3ක් පිටුවහල් කරහැරීමේ දණ්ඩනයක් පනවන ලදී.


ධූරයෙන් ඉවත් කළ මැති ඇමතිවරු
2025 ජනවාරි මස 06 286 0

ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමෙහිලා සහ ඉටු කිරීමෙහිලා තමාට සහය දීම පිණිස තම මතය අනුව අවශ්‍ය වන ලේකම්වරයන් පත් කිරීමට ද, අමාත


මැති ඇමති ඉල්ලා අස්වීම් පුරාණයෙන්
2025 ජනවාරි මස 06 68 0

මැති ඇමති මන්ත්‍රීන් ඉල්ලා අස්වීම යනු ලෝක දේශපාලනයේ නවමු පුවතක් නොව නිතර ඇසෙන පුවතකි. යම් වරදක් අඩුපාඩු සිදුවූ විට එහි වගකීම බාරගනිමින් තමන් දැරූ ධූරය


සියල්ල සුද්ද කරන්න ක්ලීන් ශ්‍රී ලංකා
2025 ජනවාරි මස 06 59 0

“ලස්සන ලංකාවක්”‍ හදන්නට අප මතක ඇති කාලයේ පටන් සිහින දකිමින් සිටින්නෙමු. කලින් පරපුරත් එලෙස සිහින දකින්නට ඇත. පසු පරපුරත් සිහින දකිමින් සිටියි. ජාතික ජ


පොරොන්දුත් සමග කල්යන අලුත් ව්‍යවස්ථාව
2025 ජනවාරි මස 06 37 0

ලංකාව තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැදූ රටක් ලෝකයේ තවත් තිබේදැයි සැක සහිතය. 1947 දී හැදූ ව්‍යවස්ථාව 1972 දක්වාම තිබුණේ එය බ්‍රිතාන්‍යයන් විසින් සකසා දී තිබූ න


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 176 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 538 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 288 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site