IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රීලනිපයට අර්බුද කියන ඒවා අමුතු දේවල් නොවෙයි

 

ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මෙවර “මුහුණට - මුහුණ” සමග එක්වේ.

 


● ජාතික ආණ්ඩුවක ඉන්නගමන් යූඑන්පී එකට ගහන්නේ මොකද?
අපි කාටවත් ගහන්නෙවත් රිදවන්නෙවත් නෑ. අපිට එහෙම ඕනකමක් නෑ. මම ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෙක් විදියට අපේ පක්ෂය ප්‍රවර්ධනය කරන්න අපේ වැඩපිළිවෙළ අපි අරගෙන යනවා. ඒ වගේ එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවෙ ඉඳගෙන ඒ අයගෙ පක්ෂය ප්‍රවර්ධනය කරන්න වැඩපිළිවෙලක් අරගෙන යනවා. අනිත් දේශපාලන පක්ෂත් ඒ වැඬේ කරගෙන යනවා. මම මහජන නියෝජිතයෙක් වගේම ශ්‍රීලංකා නිදහස් පක්ෂ නියෝජිතයෙක් විදියට පක්ෂයේ කටයුතු කරන්නත් ආණ්ඩුවෙ සාමාජිකයෙක් හැටියට ආණ්ඩුව ස්ථාවරව ගෙන යෑමට සහාය දෙන්නත් කටයුතු කරනවා.

 


● ඔබට මොකක්ද යූඑන්පීය ගැන තියෙන විවේචනය?
එක්සත් ජාතික පක්ෂයට එල්ලවෙන විවේචන ගැන වැඩියෙන් හිතන්න ඕන ඒ අයමයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂය තමයි ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධකරගෙන දේශීයත්වය මූලික කරගෙන මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන පක්ෂය. ඒ ගමනෙදි එක්සත් ජාතික පක්ෂය අපිට එරෙහි වෙනකොට, රටට අහිතකර වැඩ කරද්දී අපිට විවේචනය කරන්න වෙනවා.

 


● රණ්ඩු වෙවී ජාතික ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්ද?
පහුගිය කාලෙ එකම පක්ෂයක් ආණ්ඩු කරද්දීත් ඕන තරම් රණ්ඩු තිබුණා. මත ගැටුම් තිබුණා. පහුගිය ආණ්ඩුවෙ අපි වැඩ කරද්දීත් කොච්චර ගැටුම් ඇති වුණාද? එහෙම තමයි මත ගැටුම් ඕනෑම ආණ්ඩුවක තියෙනවා. ඒ ආණ්ඩුවෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂෙ අය වගේම යූඑන්පීයෙන් ආපු අය හිටියා. ජේවීපී එකේ ඉඳලා ආපු අය හිටියා. එල්ටීටීඊ එකේ ඉඳලා ආපු අයත් හිටියා.  එහෙම තත්ත්වයකදී මත ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයක්. අද ජාතික ආණ්ඩුවට එකතුවෙලා ඉන්නෙ එකිනෙකට විරුද්ධව ඉඳපු ප්‍රධාන පක්ෂ දෙක. ඒකෙදි වාද විවාද ඇති වෙන එක ගැන අහන්න දෙයක් නෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳයි.

 


● මතයක් තියෙනවා ඔබලා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යූඑන්පී යේ ග්‍රහණයට කොටුවෙලා ඉඳගෙනයි ආණ්ඩුවෙ වැඩකරගෙන යන්නේ කියලා.
එහෙම කිසිම ග්‍රහණයකට අපි අහුවෙලා නෑ. අපේ නායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අපේ පක්ෂයට සහ අපිට නායකත්වය දෙනවා. අපිට ඕන දෙයක් ගැන අපේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවනි. මෙතෙක් අපි වැඩ කරපු ආකාරය දිහා බැලුවම ඔබලට තේරෙනවා ඇති අපි කාගෙවත් ග්‍රහණයට කොටුවෙලා නෑ කියලා.

 


● අර්බුදවල කෙළවරක් නැති ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ඉරණම කොයි වගේද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අර්බුද කියන ඒවා අමුතු දේවල් නෙවෙයි. අපේ පක්ෂයට මොන අර්බුද තිබුණත් හැමදාම සිද්ධ වුණේ ශක්තිමත්ව ඒවට මුහුණ දෙන එක. මොකද අපේ ප්‍රතිපත්ති ජනතාවාදියි. බණ්ඩාරනායක මහත්තයා මේක හැදුවෙ එතුම වෙනුවෙන් නෙවෙයිනේ. එතුමා මේ පක්ෂය හැදුවෙ රටේ ජනතාව වෙනුවෙන්. නායකයා ඝාතනය කළත් පක්ෂය ඝාතනය කරන්න බෑ. අපි පක්ෂය ශක්තිමත්ව හැමදාම ඉදිරියට යනවා.


අද ජනාධිපතිවරයා මේ පක්ෂයට නායකත්වය දෙන්නේ. ඒ වගේම හිටපු ජනාධිපතිවරු දෙන්නෙක් මේ පක්ෂයේ අනුශාසකවරු. වෙන කිසිම දේශපාලන පක්ෂයකට ඒ වගේ නායකත්වයක් නෑ.

 


● හැබැයි පක්ෂ ඉතිහාසයේ දරුණුම දෙකඩවීම මේ මොහොතේ සිද්ධවෙලා?
මීට කලින් වතාවක මන්ත්‍රීවරු හතට බැස්සා. අපේ පක්ෂයට අමාරු අවස්ථා ඕන තරම් තිබිලා තියෙනවා. අද පක්ෂය ශක්තිමත්.

 


● ඒ කියන්නේ ඒකාබද්ධය විපක්ෂ කණ්ඩායම නොසලකා හැරිය යුතු පිරිසක්ද?
නෑ, ඒකෙත් ඉන්නවා ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ආදරේ කරන අය. ඔය ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා ඒක විනාශ කරලා ආපු පිරිසක්. වෙන වෙන කණ්ඩායම්වල අයත් ඉන්නවා. ඒ කණ්ඩායමේ ඉන්න පුද්ගලයාගේ ඉතිහාසය  දිහා බලලා තමයි අපිට ඒ අය ගැන තීරණයකට එන්න වෙන්නේ. ඔය කණ්ඩායමේ වැඩිපුර ඉන්නේ තමුන් මුලින් ඉඳපු පක්ෂයෙන් පැනලා අද ඒ පක්ෂ පතුරු අරින පිරිසක්. ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සැබෑ ආදරයක් නෑ. ඒ අයට ගොඩවෙන්න පාලමක් ගැන තමයි හැමදාම ඒ අය කල්පනා කළේ. ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ කරන අය අපි නොසලකා හරින්නේ නෑ. 

 


● ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ඉන්න අයගෙන් ඇත්තටම මේ වෙලාවෙ ශ්‍රීලනිපයට ආදරේ කරන අය ඉන්නවද?
ඉන්නවා. සැබෑ ශ්‍රී ලංකා කාරයින්ට පක්ෂයට ද්‍රෝහිවෙන්න බෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු සැබෑ ශ්‍රීලංකා කාරයො මේ පක්ෂය විනාශ කරන්න කටයුතු කරන එකක් නෑ.

 


● මහින්ද රාජපක්ෂ පක්ෂය ගැන ඇත්ත ආදරයක් තියෙන විදියට ද දැන් වැඩ කරන්නේ?
එතුමා පක්ෂයට හතුරුකම් කරන්නේ නෑ. ආණ්ඩුවට විරුද්ධ වුණාට පක්ෂයට විරුද්ධ වෙන එකක් නෑ එතුමා. රාජපක්ෂවරු රටේ පිළිගැනීමට ලක්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා. ඒ අය කෘතවේදී මිනිස්සු කියලා අපි හිතනවා. ඒක නිසා තමන් තැනකට ගෙනාපු පක්ෂය විනාශ කරන්න ඒ අයට බෑ.

 


● පසුගියදා පැවැති ශ්‍රීලනිප විධායක සභාවට චමල් රාජපක්ෂ සහභාගි වුණා. ඒ කපුකමේ ප්‍රතිඵල තියෙනවද?
ඒක කපුකමක් නෙවෙයි. චමල් රාජපක්ෂ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැපවෙච්ච පක්ෂයට ඉතාම ඉහළින් ආදරය කරන කෙනෙක්. ඒකෙන් ඔහු ඔප්පු කළේ පක්ෂය එක්ක ඉන්නවා කියන එක.

 


● හැබැයි ඔහු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ඉන්නේ.
 ඒක තමයි මම කිව්වේ එතනත් සැබෑ ශ්‍රීලංකාකාරයො ඉන්නවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට විපක්ෂයේ ඉන්නත් අවසර දීපු ප්‍රජාතන්ත්‍රවාදයක් අපේ පක්ෂයට තියෙනවා.

 


● පසුගියදා ඒකාබද්ධ විපක්ෂෙන් චන්දිම වීරක්කොඩිගෙ වැයික්කියෙ තියපු රැස්වීම කොහොමද?
ඒකේ සාර්ථක අසාර්ථකභාවය ගැන නම් ඒ අයගෙන්ම අහන එක තමයි වඩා හොඳ. මහින්ද රාජපක්ෂ දිනවන්න දායක වුණු ප්‍රධාන ආසනයක් තමයි හබරාදූව. මම සංවිධායකවරයා විදියට මීට කලින් තියපු රැස්වීම්වලට ගෙන්නපු සෙනඟ ගැන කවුරුත් දන්නවා. පක්ෂය වෙනුවෙන් කොහේ රැස්වීමක් තිබුණත් මම විශාල පිරිසක් හබරාදූවෙන් ගෙනියනවා. ඒත් මේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පෞද්ගලික කාරණා මත හබරාදූවෙ රැස්වීමක් තියලා මහින්ද රාජපක්ෂ මහත්තයටත් ලැජ්ජ කළා. හබරාදූවෙන් මම එතුමගෙ රැස්වීම්වලට ගෙනියපු සෙනඟ ප්‍රමාණයවත් රට වටෙන්ම ඒ රැස්වීමට ගේන්න ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට බැරිවුණා. ඒ තුළ සමච්චලයට ලක්වුණේ ඒ අයමයි.

 


● ඒ රැස්වීමේදී චන්දිම වීරක්කොඩිටත් සමහර කථිකයෝ ලුණු ඇඹුල් ඇතුව කිව්වලුනේ?
 ඔය යූඑන්පියෙන් ආපු සමහරු මට බැන්නට ඒ රැස්වීමෙන් ඒ අය ලැජ්ජ කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාටමයි.

 


● ඇයි ඒ අය ඔබට බැන්නේ? ඔබ ඒ රැස්වීම කඩාකප්පල් කරන්නවත් හැදුවද?
කිසිම ආකාරයකින් ඒ රැස්වීම කඩාකප්පල් කරන්න මම උත්සාහ කළේ නෑ. මට කිව්වා ඒ අය පිට්ටනියක් අවශ්‍යයි කියලා. මම ඒකත් ලබාදුන්නා. කොග්ගල ආයෝජන කලාපයේ පිට්ටනිය තමයි ලොකු රැස්වීමක් තියන්න පුළුවන් තැන. මම ඒක ලබාදුන්නා ලිඛිතව. හැබැයි පිට්ටනිය දුන්නට පස්සේ ඒකෙ රැස්වීම නොතියා සිඟිති උයනෙ රැස්වීම තිබ්බා. ඒක ඒ අයගෙ වැඩක්. රැස්වීමට ගෙන්නගන්න පුළුවන් ප්‍රමාණය ගැන ඒ අයට තක්සේරුවක් තියෙන්න ඇති. ලොකු පිට්ටනියක රැස්වීම තියලා ලැජ්ජවෙන්න සිද්ධවෙන නිසා පොඩි තැනක තියන්න ඇති. ඒ අය උත්සාහ කළා එයාලට පිට්ටනිය දෙන්නෙ නෑ කියලා ප්‍රචාරයක් යවලා නැති ප්‍රශ්නයක් ඇති කරන්න. ඔය රැස්වීම තියෙන දවසෙ මම ගමේවත් හිටියෙ නෑ.

 


● රමේෂ් පතිරණල වගේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ඉන්න අයගේ ආසන සංවිධායකකම් අයින් කළා. මේවා වෙන්නෙ කාගෙ ඕනකමටද?
පක්ෂයක් හැටියට විනයක් තියෙන්න ඕන. පක්ෂ විනයට පිටින් කටයුතු කරන අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග අරගන්න ඕන. පක්ෂෙ ඉන්න ඕන අයත් මෙතනදි සංවිධායකකම්වලින් අයින් කරලා. මම ඒ ගැන කනගාටු වෙනවා. පක්ෂය ගන්න තීන්දුවලට ඕන කෙනෙක් හිස නමන්න ඕන. පක්ෂයට විරුද්ධව රැස්වීම් තියලා පක්ෂයට ගහද්දී ඒ අය ගැන පක්ෂය විනය තීන්දුවක් ගන්න ඕන. ඔය වගේ දේවල් මීට කලිනුත් ඕන තරම් වෙලා තියෙනවා.

 


● ගාල්ලෙ ශ්‍රීලංකා නිදහස් පක්ෂ දේශපාලනය ඇත්තටම හසුරුවන්නේ කවුද දැන්?
දිස්ත්‍රික් නායකයා පියසේන ගමගේ. අපි හැමෝම එකතුවෙලා වැඩකරනවා.

 


● පාර්ලිමේන්තුවටවත් යන්න බැරි අයද ගාල්ලට නායකත්වය දෙන්නේ?
පියසේන ගමගේ දැන් පාර්ලිමේන්තුවෙ නෑ තමයි. ඉතින් පහුගිය කාලේ එක්සත්  ජාතික පක්ෂයේ දිස්ත්‍රික් නායකයා විදියට කටයුතු කළ වජිර අබේවර්ධනත් පාර්ලිමේන්තුවෙ හිටියෙ නෑනේ.

 


● කොහොම හරි ඔබලගෙ  දිස්ත්‍රික් නායකයා පාර්ලිමේන්තුවට එන්න ගේමක් දෙනවා නේද?
ඒක අධිකරණය කරන්න ඕන දෙයක්. අපිට ඒ ගැන මොකුත් කියන්න බෑ.

 


● ඇමැති සංශෝධනයක් ගැන කසුකුසුවක් තියෙනවා. ආරංචිද ඒ ගැන?
මම ඒ ගැන නම් දන්නෙ නෑ. මට ඕවා ගැන හොයන්න ඕනකමකුත් නෑ. වෙලාවකුත් නෑ. මම දවසෙන් වැඩි හරියක් අමාත්‍යාංශයේ වැඩ. ඇමැති සංශෝධනයක් සිද්ධ වෙනවා නම් ඒක කරන්නේ ජනාධිපතිතුමා. එතුමා ගන්න තීන්දු එතුමා ගනීවි. ඒවට ඇඟිලි ගහන්න අපිට ඕන නෑ.

 


● දැන් කැබිනට් රැස්වීම්වල හැමදාම වගේ ගෝරිලු නේද?
අතින් පයින් ගහගන්නේ නෑ. මතවාදීව ගැටෙනවා. ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදය. එහෙම නැත්නම් කැබිනට් එකක් මොකටද? පාර්ලිමේන්තුවක් මොකටද?

 


● පහුගිය ආණ්ඩුව කාලේ ඔය වගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔබලා කට හෙල්ලුවේ නෑ.
ඒක නිසා තමයි ඒ ආණ්ඩුව වැටුණේ. ගිය ආණ්ඩුව පිරිහෙන්න හේතු තිබුණා. අපිටත් ප්‍රශ්න තිබුණා. ඒවා විවෘතව කතා කරන්න ඉඩ තිබුණෙ නෑ. ඒවා වහන්න අපිට ඕන නෑ.

 


● 2015 ජනාධිපතිවරණයේ දී ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දුන්නේ නෑ කියලා ඔබම කියන මහින්ද රාජපක්ෂ පිලේ ඔබ හිටියේ. දැන් සදාචාරයක් තියෙනවද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න?
අපි පක්ෂයක ඉන්නකොට පක්ෂය ගන්න තීරණය එක්ක ඉන්න ඕන. අපි එදා පක්ෂය එක්ක හිටියා. පක්ෂය නියෝජනය කරමින් තරග කරපු අපේක්ෂකයා වුණු මහින්ද රාජපක්ෂට අපි සහයෝගය දුන්නා. මැතිවරණයෙන් පස්සේ ඇති වුණු තත්ත්වය උඩ පක්ෂ නායකත්වය මෛත්‍රිපාල මැතිතුමාට ලැබුණා. එතැනදිත් අපි පක්ෂය ගන්න තීන්දුව එක්ක හිටියා.

 


● ඊළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා කවුද?
මේ මොහොත වන විට පක්ෂයේ නායකත්වයේ ඉන්න මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තමයි අපේ ඊළඟ අපේක්ෂකයා. පක්ෂ නායකයා තමයි හැමදාම ජනාධිපති අපේක්ෂකයා.

 


● ඔහු මුලින් කිව්වේ දෙවෙනි වතාවට ජනාධිපති වෙන්න සූදානමක් නෑ කියලා.
ඔහුට තනියම තීන්දු ගන්න බෑ. ඔහු පක්ෂ නායකයා වුණා. ඔහුට තනියම තීන්දු ගන්න බෑ. පක්ෂය කියන දේ අහන්න ඔහුට සිද්ධවෙනවා.

 


● ඔබලා ඔහුව පක්ෂය ඇතුළෙ හිරකරනවද?
අපෝ නෑ. පක්ෂ නායකයා පක්ෂය සහ පාක්ෂිකයන් කියන දේ අහන කෙනෙක්.


ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

ශ්‍රීලනිපයට අර්බුද කියන ඒවා අමුතු දේවල් නොවෙයි

ඔබේ අදහස් එවන්න

දේශපාලන

රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න
2024 අප්‍රේල් මස 10 1077 7

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිම


ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නෙවෙයි
2024 අප්‍රේල් මස 01 61 0

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ සූදානම කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහත සමග කළ සාකච්ඡාවකි.


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන්න බෑ ඒක මිථ්‍යාවක්
2024 මාර්තු මස 19 446 0

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සම


ජනපතිවරණයට කලින් මහ ඡන්දය තැබිය යුතුමයි
2024 මාර්තු මස 19 936 0

ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලා


මහ බැංකුව වැටුප් වැඩිකර නොගත්තා නම් හොඳයි
2024 පෙබරවාරි මස 26 89 0

මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන


ජනාධිපති වෙන්න මට තියෙන නුසුදුසුකම මොකද්ද ?
2024 පෙබරවාරි මස 19 123 0

සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට කැපිලි කෙටිලි දමන්නේ ආණ්ඩු පක්ෂය වේ. එහෙත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site