IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බහුතරය ඇති පිලට ආණ්ඩුව ඕනෑ

අගමැති රනිල් යටතේ තිබූ ජනතාව පත් කළ රජය බිඳ දමා රට අක්‍රිය වී අදට දින 44 ක් ගත ව තිබේ. ජාතික හා ජාත්‍යන්තර බලපෑම්, මඟපෙන්වීම් රටේ ආර්ථිකය සහ ජන ජීවිතය මෙන්ම රජයේ හා පෞද්ගලික අංශයේ කටයුතුද දැඩි ලෙස අකර්මණ්‍යව තිබුණ ද ජනපතිවරයා අඩියක් පසුපසට ගෙන පාර්ලිමේන්තු බහුතරය සහිත කණ්ඩායමට අගමැති ධුරය හා ආණ්ඩු බලය යළි දීමට කටයුතු නොකිරීම විශාල ගැටලුවක් බව එජාපය කියයි.


මේ වන විට ජනපති විසින් ආණ්ඩුව විසුරුවීම හා නව අගමැතිවරයෙකු මෙන්ම ආණ්ඩුවක් පත් කිරීමට එරෙහිව අධිකරණ තහනම් නියෝග දෙකක්ද ලැබී අවසන්ය.
එහෙත් මන්ත්‍රීවරුන් 225 ම අත්සන් කළද රනිල්ට යළි අගමැතිකම නොදෙන බව ජනපතිගේ ස්ථාවරය. එසේමය. පසුගියදා පැවැති ශ්‍රීලනිප සමුළුවේදී තම පක්ෂයේ ප්‍රගමනයට අදාළ කිසිවක් නොකී ජනාධිපතිවරයා අගමැති රනිල් හා එජාපයට එරෙහිව දැවැන්ත ප්‍රහාරය දියත් කළේය.


“අප ඔක්කොම එකතු වෙලා ආප්පයක් පිච්චුවා. ඒ හරහා අප අපේක්ෂා කළේ ප්‍රජාතන්ත්‍රවාදය, සීඝ්‍ර සංවර්ධනය, සාමය හා සංහිඳියාවයි.


“බුදුන් සමයේදී අක්කෝසභාරද්වාජ බමුණා බුදුන් වහන්සේට නිග්‍රහ සහ අපහාස කළා... බුදුන් බමුණාගෙන් ඇසුවේ බමුණ, ඔබේ නිවසට යමෙකු පැමිණුනු විට ඔබ ඔවුන්ට සංග්‍රහ කරනවාද? ඒ සංග්‍රහ ඔවුන් පිළිගන්නේ නැතිනම්, ඒ අාහාර අයිති වන්නේ ඔබටම නේද? බුදුන් විමසුවා.”


“ඒ වගේම මට අවලාද පරිභව කළ කිසිවෙකුට මා දොස් කියන්නේ නැහැ. ඉහත කී ආහාර සියල්ල බමුණාටම ඉතුරු වුණා සේ මට නිග්‍රහ කළ සියල්ලම එසේ කළ අයම සතු වේවි.” අගමැතිවරයා ගාලුමුවදොර හෝටලයේ පැවැති වෘත්තිකයින්ගේ සම්මන්ත්‍රණයේ දී එසේ පැවැසීය.


බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා විවාහ මංගල්‍යයකට යාමට සූදානම්ව සිටියදී එජාප මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිස ඔහු හමුවීමට අරලියගහ මන්දිරයට පැමිණ සිටියහ.
“ජනාධිපතිතුමා කිව්වා, රනිල් මැතිතුමා එයාව ටිකක් විනාශ කළා කියා. ඇයි ඔබතුමා, සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතු කෙනෙකු ටිකක් විනාශ කර නැවැත්තුවේ.? අපට ඒ නිසා ඔබතුමාට දොස් කියන්නත් වෙනවා.” නලින් බණ්ඩාර කතාව ආරම්භ කළේ කාගේත් සිනහා මැදය.


“තානාපතිවරුන් සහ ජාත්‍යන්තරය රටේ ව්‍යාකූලතාව ගැන මාස එක හමාරකට පසු දැන් මොකක්ද ඔබතුමා හමුවෙලා කිව්වේ.?” නවීන් දිසානායක විමසුවේ අගමැති රනිල්ගෙනි.
“රටේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම ඔවුන් දන්නවා. ඔවුන් විතරක් නොවෙයි, ලෝකයම දන්නවා. තානාපතිවරුන් සහ ජාත්‍යන්තර ප්‍රජාව කියන්නේ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තු බහුතරය එකඟ වන නිවැරදි දේ විය යුතුයි කියලයි.


“ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝක බැංකුව සහ ලංකාවට ආධාර දෙන සියලු රටවල් සහ සංවිධාන ඒ සියල්ල නවත්වමිනුයි දැන් ඉන්නේ. රට මේ ආර්ථික දෙදරීම දරා ගන්නේ කොහොමද?” අගමැති රනිල් පිළිතුරු දුන්නේය.


“නීතිපතිතුමා කියන්නේ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් කියලයි. එතුමා 19 වැනි සංශෝධනයේ තිබෙන දේවල් අපේ ව්‍යවස්ථාවට අයිති නැහැ කියා හිතනවද මා දන්නේ නැහැ. නමුත් එතුමා රජයේ පාර්ශවය සනසාලන්න මොනවා හරි කියන්න ඕනෑ නිසා මේවත් කිව්වද කියලත් නීති අංශවල විශාල කතාබහ යනවා?’’ එජාප හිටපු රාජ්‍ය අමාත්‍ය උපාලි පියසෝම කීවේය.


ක්වෝ වොරොන්ටෝ අාඥාවක් ඉල්ලලා අභියාචනා-ධිකරණයට ගියහම මහින්දයි, ඒ ආණ්ඩුවයි නීති විරෝධි කියා තහනම් නියෝගය ලැබිලා තිබෙනවා. උසාවි පලයල්ලා කියා කෑ ගහපු රාජපක්ෂලා දැන් උසාවි තීන්දුවටත් අභියෝග කරනවා


ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊට විරුද්ධව ඉල්ලීම් කර තිබෙනවා. ඒත් ජනාධිපතිතුමා නිසි කලට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් පත් නොකළ නිසා ඒ නඩුව අහන්නත් දැන් පිරිස නැහැල්ලු. රටේ හැම තැනම හිරවෙලා තිබෙන්නේ. “චමින්ද විජේසිරි කී දේ අගමැති ඇතුළු කාගේත් අවධානයට ලක් විය.


මහින්ද මහත්තයා ජාතිය අමතනවා කියා ජාතිය ඉදිරියේ හොටු පෙරාගෙන ඇඬුවා. එතුමා මාර තර්ක ඉදිරිපත් කරන්නේ. රටේ මිනිස්සුන්ගේ බුද්ධියටත් නිඟා දෙනවා.”
“1952 දි හා 1959 දීද ඩී. එස්. හා බණ්ඩාරනායක මැතිතුමන්ලා මියගියාට පසු පත් වෙච්ච අගමැතිවරුන් කෙටි කලකින් මහ ඡන්දයකට ගිය නිසා මේ පාරත් එහෙම කරන්නලු.
“ඒක පුදුම කතාවක්නේ? අපේ අගමැතිතුමා හොඳට ඉන්නවා. ජනාධිපතියි-මහින්ද මහත්තයයි එකතුවෙලා හොර ආණ්ඩු හදා රට අර්බුදයට යවලා දැන් අර්බුදයෙන් බේරෙන්න මහ ඡන්ද ඉල්ලනවා. ව්‍යවස්ථාවේ එහෙම ඉඩක් නැහැ. දැන් ඉක්මනින්ම පැවැත්විය හැකි එකම මැතිවරණය ජනපතිවරණයයි.


“2019 ජනවාරි 08 ට පසු ජනාධිපතිතුමාට ඒ තීන්දුවට ඕනෑ නම් යන්න පුළුවනි.” “හේෂා විතානගේ කීවේය.


“බණ්ඩාරනායක මහතා මියගියාට පසු දහනායක මහතා ආණ්ඩුව කරගෙන යනවිට ඔහුට බහුතරය අහිමි වුණා. ඊට පස්සෙයි, ඔහු මහ ඡන්දයකට ගියේ.” අගමැති රනිල් ඉතිහාස කතාව මතක් කර දුන්නේය.


“මහ මැතිවරණය පවත්වනවා නම් අපෙන් පික් පොකට් ගහපු ව්‍යාජ ආණ්ඩු යටතේ ඒක කරන්න අප එකඟ නැහැ. ඔක්තෝබර් 26 ට පෙර තිබූ ජනතාව පත් කළ රජය ස්ථාපිත කළොත් අප සියලු පක්ෂ එක්ක සාකච්ඡා කර සාධාරණ ඡන්ද පවත්වනවා.” “ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එවැන්නකි.


“ජනාධිපතිතුමා අන්තිමට හමුවූ සාකච්ඡාවේදී මේ ප්‍රශ්නය ඉවර වේවි යයි රටම බලා හිටියා. ඒත් එදා මොකක්ද එතන වුණේ?” චමින්ද විජේසිරි මෙන්ම හේෂා විතානගේ ඇසුවේ එකම විදියේ පැනයකි.


“225 අත්සන් කළත් රනිල් අගමැති කරන්න බැහැ කිව්වා. මා කැමති, මට ගැළපෙන, මාත් එක්ක වැඩකළ හැකි කෙනකු තමයි, මට අගමැතිකමට ඕනෑ කියා එතුමා කිව්වා.”
මා කිව්වා ව්‍යවස්ථාවේ ඔබතුමා කියන එවැනි සඳහන් නැහැ කියලා. ව්‍යවස්ථාවේ තිබෙන්නේ පාර්ලිමේන්තු බහුතරය ඇති කෙනාට අගමැතිකම හා ආණ්ඩුව අනිවාර්යයෙන් දිය යුතුයි කියලයි. ඒ නිසා ඔබතුමා මාස ගණනක් අකර්මණ්‍යව තිබෙන රටට තවත් හානි නොකර අඩියක් පස්සට ගෙන ප්‍රශ්නය විසඳන්නැයි අප කිව්වා.”, ලක්ෂ්මන් කිරිඇල්ල එදින සිදුවීම විස්තර කළේය.


“දැන් රටේ අගමැතිලත් නැහැ. ආණ්ඩුවකුත් නැහැ. විපක්ෂ නායකලත් නැහැ. විපක්ෂයකුත් නැහැ. ගිනස් වාර්තාවක් මේක.


“මහ ඡන්දයකට වැරදිලාවත් අප යනවා නම් ඊට කලින් අනිවාර්යයෙන්ම ආණ්ඩුව පිහිටුවිය යුතුමයි. ඒ ආණ්ඩුව බහුතරය ඇති කණ්ඩායමට දීම අනිවාර්යයයි.“ නවීන් දිසානායක කීවේය.


“ජනාධිපතිතුමායි, මහින්ද ඇතුළු කණ්ඩායම හා එජාපෙ අප හම්බවුණු වෙලාවේ මා මහින්දට කිව්වා. ඔබ දෙවරක් ජනාධිපතිකම් කළාටත් පසු ප්‍රජාතන්ත්‍ර විරෝධීව පස්ස දොරෙන් අගමැතිකම් ගැනීම ඔබේ ප්‍රතිරූපයට හානියක් නේද කියා මා මුහුණටම ඇහුවා. ඒ වගේම මා ජනාධිපතිතුමාට කිව්වෙත් ඔබතුමා අඩි 6 ක් යටට යවනවා කියපු, සිගරට් කොම්පැණි ළඟ හෑල්ලු කළ බව කියපු, මොරගහකන්දට සල්ලි දුන්නේ නැහැ කියපු, මහින්ද සමග එකට හිටගන්න පුළුවන් නම් රනිල් එක්ක එකට හිට ගන්න බැරි ඇයි කියලායි. මේවා අහනවිට මේ දෙන්නම බිම බලා ගත්තා මිසක් උත්තර දුන්නේ නැහැ. “ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


“පාර්ලිමේන්තුවේදී විසඳාගත හැකි ප්‍රශ්නය දරදඬුකම නිසා උසාවියටත් ගියා. දැන් ඔවුන් උසාවියටත් අභියෝග කරන තැනට ඇවිත්. මේ ප්‍රශ්නය මහ පාරෙදි, ලේ හළලා-දේපොළ විනාශ කරගෙන, රටේ කීර්තියත් ජාත්‍යන්තර ලෙස නැත්තටම නැති කරගෙන විසඳන්නද උත්සාහ කරන්නේ?


“ජාත්‍යන්තර මැදිහත්කරුවකු මේකට හවුල්කර ගෙන ප්‍රශ්නය නිමා නොකරන්නේ ඇයි ද කියා සමහරුන් අහනවා. මා හැමදාම සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදීව, ජනසම්මතවාදයට අනුව වැඩ කරන කෙනෙකි. ඒ නිසා පාර්ලිමේන්තු බහුතරය ඇති කණ්ඩායමට ජනතාව පත් කළ ආණ්ඩුවේ බලය දීම හැර, ජනතාව කියන දරදඬු විකල්පවලට අප හදිස්සි විය යුතු නෑ කියලයි මා අදටත් හිතන්නේ.”


“මා ප්‍රාර්ථනා කරනවා ජනාධිපති ඇතුළු කණ්ඩායමත් රට වෙනුවෙන් ඒ නිවැරදි ස්ථාවරයට පැමිණේවා කියලා.” අගමැති රනිල් කළ විග්‍රහය කාගේත් දැඩි ප්‍රශංසාවට ලක්විය.



අදහස් (0)

බහුතරය ඇති පිලට ආණ්ඩුව ඕනෑ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ගෝඨාභය තමයි ලංකා ඉතිහාසයේ ලොකුම පාවාදීම කළේ
2024 අප්‍රේල් මස 26 7 0

රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව හා අනාගත ක්‍රියාමාර්ග ගැන විමසමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා සමග කළ සාකච්


රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න
2024 අප්‍රේල් මස 10 1082 7

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිම


ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නෙවෙයි
2024 අප්‍රේල් මස 01 61 0

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ සූදානම කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහත සමග කළ සාකච්ඡාවකි.


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන්න බෑ ඒක මිථ්‍යාවක්
2024 මාර්තු මස 19 448 0

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සම


ජනපතිවරණයට කලින් මහ ඡන්දය තැබිය යුතුමයි
2024 මාර්තු මස 19 936 0

ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලා


මහ බැංකුව වැටුප් වැඩිකර නොගත්තා නම් හොඳයි
2024 පෙබරවාරි මස 26 91 0

මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site