රොමේෂ් මධුෂංඛ
වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පහක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ අටක් සහ ස්වාධීන කණ්ඩායම් පහක් නාමයෝජනා භාර දී ඇතැයි වවුනියාව තේරිම් භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා අද (21) පස්වරුවේ නිවේදනය කළේය.
වවුනියාව නගර සභාව , වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාව, වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභාව, වවුනියාව උතුර ප්‍රාදේශීය සභාව හා වෙංගලසෙට්ටිකුලම් ප්‍රාදේශිය සභාව එම පළාත්පාලන ආයතනයි.
වවුනියාවෙදී කිසිදු නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප නොවූ අතර ලබාදුන් සහය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් නියෝජිතයින්ට ස්තුතිය පල කළ වවුනියාව තේරිම් භාර නිලධාරිවරයා මින් ඉදිරියටත් සාම කාමීව දේශපාලන ක්‍රියාවලියේ නිරතවන ලෙසද ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd