(ඩයනා උදයංගනී)
රට පුරා විසිරී සිටින රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ රූපලාවන්‍යාගාරයන්හි ගුණාත්මකභාවය වර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුබද්ධ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මගින් ආරම්භ කර තිබේ.
(SED) සැලෝන්’ නමින් ක්‍රියාත්මක කර ඇති මෙම ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ක්‍රියාත්මක කෙරේ.
මේ වන විටත් මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි අයැදුම්පත්‍ර 2328ක් ලැබී ඇති බවත්, සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම ඇති කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් මෙයට සම්බන්ධ විය හැකි ආකාරය හා ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසයි.
රූපලාවන්‍යාගාරවල සම්මත ප්‍රමිතිය පවත්වා ගැනීම පිළිබඳ දැනුම්වත් කිරීම, ජාත්‍යන්තරව පිළිගත් ජාතික ප්‍රමිති සහතිකය (එන්.වී.කි්‍යු) ලබාගැනීමට යොමු කරවීම, රූපලාවන්‍ය ක්‍ෂේත්‍රය සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම, කුසලතා පූර්ණ ශිල්පී ශිල්පිනියන් ඇගැයීම ආදිය මේ යටතේ සිදුකෙරෙන අතර එම පළමු සම්මාන උළෙල මෙම මාසයේ පැවැත්වීමට නියමිත බව එම කාර්යාලය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බියුටි සැලෝන්වලට ප්‍රමිතියක්