(මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා සහ කළුබෝවිල - පින්සිරි ආරියරත්න)
පොහොයදා වැඩිමිලට අලෙවි කිරීමට ගෙනා මත්පැන් බෝතල් විසි තුනක් ළඟ තබාගත් බව කියන සැකකාරියක අඟුලාන සයුරුපුරදී (4) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බුද්ධි අංශ නිලධාරි 38928 බණ්ඩාර යන අයගෙන් ලද තොරතුරකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර අරක්කු කාලක් රුපියල් පන්සීය බැගින් ද බෝතලයක් රුපියල් දෙදහසකට අලෙවි කර ඇති බවද පොලිසිය පවසයි.
වැඩිමහළු දරුවන් සිටින 63 හැවිරිදි සැකකාරිය පොහොය සහ නිවාඩු දිනයන්හිදී වැඩි මිලට මත්පැන් අලෙවි කිරීමේ ජාවාරමේ කලක සිට නිරත වී ඇති බවද පොලිසිය කියයි.
සැකකාරිය අඟුලාන ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර මොරටුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අඟුලාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් උපපොලිස් පරීක්ෂක අලහකෝන්, පොලිස් සැරයන්වරුන් වන 29272 කුමාරසිංහ, 31433 මංගල, කොස්තාපල්වරුන් වන 70256 සූරියගොඩ, 81934 අරුණ, 34592 හේරත්, 80786 ලක්මාල්,_කාන්තා පොලිස් කොස්තාපල් 8176 ටි්රලීෂියා යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආච්චි පොහෝ දින සිල් අරන්, සිල් පවාරණය වුණාට පස්සෙද මේ ජොබ් එක කරන්නේ? වළ පයයි, ගොඩ පයයි තියන් ඉන්න මේ උපාසිකාව, හවසට හොඳටම බීලා බෝතලේ, කාලේ, බාගේ වගේ වෙළඳාම ජොලියේ කරගෙන ගිහින් තියෙන බව පැහැදිලිවම පේනවා. බය වෙන්න එපා ආච්චියේ, හෙට හවස ඔය සල්ලි වලින්ම ඇප අරගෙන ගෙදර එන්න පුළුවන් වෙයි ....
බොහෝ රට වල වයසට යනකොට ආණ්ඩුවෙන් මුදලක් දෙනවා ජීවත් වෙන්ට සෑහෙන්නට. පින් පඩිය වගේ සොච්චමක් නෙවේ. අපේ රටේ පාර්ලිපෙන්තුවේ අය විතරනේ වයසට යන්නේ
වයසක මිනිස්සු බලාගන්න ක්‍රමවේදයක් අවශ්‍යයයි. අනික ඔය වයස අයට එහෙම ලොකු සිහිකල්පනාවක් මතකයක් නැහැ පෝය කියලා.
500ට වික්කම මොකක්ද තිබෙන ලාභෙ?