පාලිත ආරියවංශ , ප්‍රසාද් රුක්මල් සහ පියල් කිත්සිරි
පළාත් පාලන මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා දෙවන අදියරේ නාමයෝජනා බාරගැනීම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි නිමල් අබේසිරි මහතා විසින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (20) සිදුකළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සොරණාතොට, හාලිඇල , හපුතලේ සහ වැලිමඩ යන ප්‍රාදේශීය සභා සඳහා නාමයෝනා බාරදුන්හ.
මහා මාර්ග රාජ්‍ය ඇමති ඇමති ඩිලාන් පෙරේරා,ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක හා විද්‍යා පරේයේෂණ හා තාක්ෂණ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරු අතින් මෙම නාමයෝජනා පත් බාරදීම සිදුවිය.
එක්සත් ජාතික පක්ෂයේ රීදමාලියද්ද ප්‍රාදේශීය සභාවට අදාල නාමයෝජනා බාරදීම ඌව පළාත් සභා මන්ත්‍රී උපාලි සේනාරත්න මහතා අතින් සිදුවිය.
ජනතා විමුක්ති පෙරමුණ හපුතලේ, ඌවපරණගම , රිදිමාලියද්ද . සොරණාතොට,පස්සර,හාලිඇල,වැලිමඩ,යන ප්‍රාදේශීය සභා සඳහා නාමයොජනා බාරදුන්නේය. ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා එම නාමයෝජනාපත් බාරදෙන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd