IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපතිවරුන් 25ක ගෙන් වැනසුණු ලයිබීරියාව

වළපල්ලට ගිය රටවල්

කුණු කඳු  

 

 

පාලකයන්ගේ කාර්යභාරය වියයුත්තේ ලැබුණ බලය මහජන අභිවෘද්ධිය සඳහා යෙදවීමයි. දිනාගත් බලය තුළින් ජනතාව ගසා කෑම අද බොහෝ රටවල පාලකයින් විසින් සිදු කරන්නකි. වළපල්ලට යන්නේ ඒ රටවල්ය. පුරවැසියාගේ නිදහස හා පරමාධිපත්‍ය බලය ශක්තිමත් නොකරන පාලකයින්ගෙන් රටකට වැඩක් නැත. ඇතැම් රටවල සිටින්නේ නීතියට ඉහළින් සිටින පාලකයින්ය. රටවැසියන්ට පිළිසරණක් හෝ හව්හරණක් නොලැබෙන්නේ මෙවැනි පාලකයින්ගෙනි.  


මා ඉකුත් සතියේ මේ තීරයෙන් ලිව්වේ උගන්ඩාව ගැනය. දැඩි තීරණ ගනිමින් මුදල් යටිමඩි ගසා වැඩි වැඩ කරන්නට ගොස් හැඩිදැඩි ඉඩි අමින් ප්‍රමුඛ පාලකයින් තිදෙනෙකු උගන්ඩාව කාදැමූ හැටිය. අද ලියන්නේ කාලකන්නි තත්ත්වයට ඇද වැටුණ තවත් රටක් ගැනය. ඒ ලයිබීරියාවයි. ලයිබීරියාව හැඳින්විය හැක්කේ ජනාධිපතිවරුන් 25 දෙනෙකු හිතේ හැටියට කාදැමූ රටක් වශයෙනි.  


මිහිපිට අපාය  


එදා දියමන්ති ආකරයක් වූ ලයිබීරියාවේ අද දියමන්ති නැත. එහි පාලකයින් හා දේශපාලකයින් කුණු කොල්ලයට රට පැටවූ තම දේශයේ දියමන්ති අද ලොව දියුණු රටවල දිලිසි දිලිසී තිබෙන්නේ දියමන්ති මංකොල්ලයේ ඇතුළු පැත්ත ලොවට සඟවමිනි. මේ දියමන්තිවල අගය ලයිබීරියාවේ දහදුක් විඳින ජනතාව නොදනී. ඇත්තෙන්ම ලයිබීරියාවද අද මිහිපිට අපායකි. මුළුරටම කුණු කඳු පිරුණු විෂබීජ බහුල මහ මඟ පණ අදින ජනතාවගෙන් යුත් කතරකි. මෙහි දේශපාලකයින්ට රජ සැපය. ජනතාවට දහදුකය.  


අද බොහෝ රටවල දේශපාලකයෝ ජනතාවගේ අභිමානය, ගෞරවය, විශ්වාසය සහ හොඳ හිත දිනාගැනීමට අසමත්ව සිටිති. ලංකාවේ තත්ත්වයද මෙහෙමය. මොවුහු පුනරුත්ථාපනය කළ නොහැකි තරමට දුෂ්‍ය වී සිටී. රටක් හැදෙන්නේ ඔවුන් පලවා හැරීමෙනි. ලයිබීරියාවේ ජනතාවද කාලාන්තරයක් මුළුල්ලේ මෙසේ තම රට කන පිශාචයින් පලවාහැරීමට උත්සුක නොවීම තුළින් රට පරිහානියට පත්විය.  


ලයිබීරියාව පිහිටා ඇත්තේ බටහිර අප්‍රිකාවේය. විශාලත්වය වර්ග කි.මී. 111369 කි. ජනගහනය ලක්ෂ 47කි. සියරා ලියෝන් සහ ගිනියා යන රටවලට මායිම්ව පිහිටා ඇත. දෙවැනි ලෝක සංග්‍රාමයේදී ඇමෙරිකාවට සහය දුන් රටවලින් එකකි ලයිබීරියාව. වළපල්ලට ගිය රටවල් පිළිබඳව විස්තර ඉදිරිපත් කරද්දී අප්‍රිකාවේ රටවල් පමණක් ගෙන හැර දැක්වීම මගේ අරමුණ නොවේ. මෙම ලිපි පෙළ ආරම්භයේදීම ඉදිරිපත් කළේ ඇමෙරිකාවට නුදුරුවම පිහිටි හයිටි (HAITI) රාජ්‍යය ගැනය. ඉදිරියේදී වළපල්ලට ගිය සහ යමින් සිටින තවත් මහද්වීප කීපයක පිහිටි රටවල් ගැන විස්තර ද ඉදිරිපත් කෙරේ.  


ලයිබීරියාව ලේ ගංගාවක් වුණ හැටි  


1980 දී ලයිබීරියාව පාලනය කළේ විලියම් ටෝල්බර්ට් ය. ඔහු ඝාතනය කර හමුදාව අතට රටේ පාලන බලය ලැබීම එහි ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ සිද්ධියකි. ලයිබීරියාව ලේ ගංගාවක් බවට පත්වුණේ මේ සිද්ධියෙනි.  


හමුදා කුමන්ත්‍රණය තුළින් සිදු වූ අරගලයෙන් මියගිය සංඛ්‍යාව 250,000කි. එය රටේ මුළු ජනගහනයෙන් සියයට 8% කි. හමුදා පාලනය නිමවී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළින් ඉන්පසු බලයට පත්වූ හැම පාලකයෙක්ම ලයිබීරියාව සූරාකෑම ගජරාමයට සිදුකළහ.  


රටේ මුළු ජනගහනයෙන් සියයට 85ක්ම ජාත්‍යන්තර ජීවන රේඛාවටත් (INTERNATIONAL POVERTY LINE) පහළින් සිටින අන්ත දුගී අසරණ පුරවැසියන්ය. කොරේ පිටට මරේ කීවාක් මෙන් 2010 වසරේ සිට මේ දක්වා එබෝලා වයිරසයෙන් ලයිබීරියාවේ මියගියවුන්ගේ සංඛ්‍යාව දසදහස් ගණනකි. මෙහි බොහෝ ප්‍රදේශවලට අධ්‍යාපන, සෞඛ්‍ය, ගමනාගමන, ජලය, විදුලිය ආදී පහසුකම් ලබාදී නැත. ක්ෂය රෝගය තදින් පවතී. ස්ත්‍රී දූෂණ බහුල වශයෙන් සිදුවේ. නීතිය වල් වැදී ඇත.  


මෙහි ජනගහනය ලක්ෂ 47කි. පළාත් 15කි. දිස්ත්‍රික්ක 90කි. දේශපාලන පක්ෂ 20කි. මේ පළාත් සහ දිස්ත්‍රික්ක පාලනය කරන්නට මහජන නියෝජිතයින් ඡන්දයෙන් තෝරා ගනී. ඡන්ද දූෂණ සිදුවන්නේ පාලකයින් ඇස්පියාගෙන සිටින නිසාය. ලොව දූෂිතම රටවල් 187කින් 87 වැනි ස්ථානය හිමි ලයිබීරියාවටය. අප්‍රිකාවේ දූෂිත රටවල් 47න් 11 වැනි තැන ලැබී ඇත්තේ ලයිබීරියාවටය.  

 


ලයිබීරියේ සිදුවූ මනුෂ්‍ය ඝාතන  

 

 

හොරකම් කළ දේශපාලකයෝ  


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු අන්තර් ජාතික සංවිධාන හා විදේශ රටවලට ලයිබීරියාව මේ වනවිට ඩොලර් බිලියන 4.5කට වැඩි මුදලක් ණය වී සිටී. මේ ණය උගුලේ හිරවී සිටින ලයිබීරියාව ඉන් මේ කපේදී ගොඩඑන පාටක් නැත.  


මින් පෙනී යන්නේ රට පාලනය කළ අයගේ කෙරුවාවයි. 1980න් පසු බලයට පත්වූ දේශපාලකයින් විදේශ ආධාර හා ණය මුදල් ර​ෙට් සංවර්ධනය තකා යොදනවා වෙනුවට තම පවුලේ හා ඥාති වර්ගයාගේ සුබ සිද්ධිය තකා යෙදවීම තුළින් රට අස්ථාවර විය.  


ශෝචනීය ඉරණම  


අතීතයේ මුළු ලෝකයේම ප්‍රධානතම රබර් කර්මාන්තශාලාවලින් එකක් පිහිටා තිබුණේ ලයිබීරියාවේ මාර්ගිබි පළාතේය. එය ෆයර්ස්ටෝන් නමැති ලෝක ප්‍රසිද්ධ දැවැන්ත රබර් කම්හලයි. බලයට පත්වූ දේශපාලකයින්ගේ සූරවීරකම් නිසා මේ රබර් කර්මාන්තශාලාව අභාවයට ගියේය. හරියට ලංකාවේ කන්තලේ සීනි කර්මාන්තශාලාව වැනි නිෂ්පාදනාගාර නැත්තටම නැතිවුණා වගේය.  


අතීතයේ උක් වගාවට නමක් දිනාගෙන සිටි ලයිබීරියාවේ අද තත්ත්වය ඉමහත් ශෝකජනකය. පෘතුගීසීන්, ඕලන්ද ජාතිකයින් හා බ්‍රිතාන්‍යයන් විසින් විටින් විට පාලනය කරනු ලැබූ මේ රටට අද මේ තත්ත්වය උදාවී ඇත්තේ දූරදර්ශී, අවංක, ප්‍රතිපත්තිගරුක, රටට දැයට හිතැති පුද්ගලයින්ට මෙහි පාලන බලය මෙතෙක් හිමිනොවූ නිසාය.  


ලේ දියමන්තිය  


1980 සිට 1990 දක්වා වසර 10ක් ලයිබීරියාව පාලනය කළේ හිටපු සාමාන්‍ය හමුදා සෙබළෙකු වූ සැමුවෙල් ඩෝය. (SAMUEL DOE) ඔහු තමා කවදා හෝ ලයිබීරියාවේ පාලනය සියතට ගන්නවා යයි, තවත් හමුදා සෙබළුන් කීපදෙනෙකු සමඟ විහිළුවට කී දේ සැබෑ විය. ඔහුද රට විනාශ කළේය. චාල්ස් ටේලර් ලයිබීරියාවේ හිටි දූෂිතම පාලකයෙකු වශයෙන් හඳුන්වනු ලබයි. ඔහු එහි 22 වැනි ජනාධිපතිවරයාය.  


1997 සිට 2003 දක්වා ලයිබීරියාවේ පාලකයාය. රට පාලනය කළේ ඔහු ඇතුළු මුළු පවුල විසිනි. ඔහු දියමන්ති මංකොල්ලය දිගටම සිදු කළේය. ඔහුව හැඳින්වූයේ BLOOD DIAMOND හෙවත් ලේ දියමන්තිය වශයෙනි. ජනතා විරෝධය හමුවෙහි කරකියාගත හැකි දෙයක් නොමැතිව ඔහු ප්‍රමුඛ පවුලේ බොහෝ දෙනා 2003 දී ලයිබීරියාවෙන් නයිජීරියාවට පලා ගියහ.  


2012 වර්ෂයේදී ජාත්‍යන්තර අධිකරණය මගින් චෝදනා 11කට වරදකරු බවට පත්වීම නිසා ඔහුට අවුරුදු 50ක සිර දඬුවමක් නියමවිය. පැහැර ගැනීම්, මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ, යුද අපරාධ ආදිය මෙම චෝදනාවලට ඇතුළත් විය. රටක් වළපල්ලට යැවූ තවත් පාලකයෙකුට අත්වූ ඉරණම මෙයයි. චාල්ස් ටේලර්ගෙන් පසුව ලයිබීරියාවේ මුල් පුටුවට පත්වූයේ කාන්තාවකි. ඇය එලන් ජොන්සන් සර්ලීෆ්ය. (ELLEN JOHNSON SIRLEAF) ඇය ලයිබීරියාවේ පමණක් නොව අප්‍රිකාවේ රටක ජනපති තනතුරට පත් ප්‍රථම කාන්තාවයි. ඇය 2012 ජනවාරි 22 දා තෙක් එම තනතුර දැරුවාය. තම පුතුන් තිදෙනා ඇතුළු පවුලේ ඥාතීන්ට රටේ ප්‍රධාන මර්මස්ථානවල පාලනය පැවරීම ඇයට එල්ල වූ ප්‍රධාන චෝදනාවයි.  


ඇයගෙන් පසු ඇයගේ පුතුන් තිදෙනාට රටේ පාලන බලය ලබාදීමට ඇය බලවත් උත්සාහයක නිරත වූවාය. එම උත්සාහය ව්‍යර්ථ කරමින් ෆුට්බෝල් (FOOT BALL) ක්‍රීඩකයෙකු වූ ​ජෝර්ජ් වී (GEORGE WEAH) පාලන බලය ලබාගත්තේය. කවුරු බලයට පත්වුණත් ලයිබීරියාව එතැනමය. 

 

 


තව කොටසක් ලබන සතියේ.  

 

 

 

 

 

සිරී හීන්පැල්ල 
නිව්යෝර්ක් නුවර සිට ලියයි

 

 



අදහස් (0)

ජනපතිවරුන් 25ක ගෙන් වැනසුණු ලයිබීරියාව

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 222 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16158 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7905 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2789 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3943 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site