(ප්‍රසන්න පත්මසිරි සහ පාලිත ආරියවංශ )
ලුණුගල කොටිටල්බැද්ද ප්‍රදේශයේදී අද ( 17) වෑන් රියක් ප්‍රපාතයක තිබෙන ඇළකට පෙරැළී සිදු වු අනතුරකින් වෑන් රියෙහි ගමන් ගත් අයකු මියගොස් 09 දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය කියයි.
අනතුරින් ලුණුගල කොහිලවත්ත ගම්මානයේ පදිංචි සමරසිංහ බංඩාර (48 ) යන අය මිගොස් ඇත.
බරපතල තුවාල ලැබු පස්දෙනෙකු බදුල්ල මහ රෝහලේ දැඩිසත්කාර අංශයටත් තවත් සිව් දෙනෙකු ලුණුගල රෝහලටත් ඇතුලත් කර තිබෙන බව පොලීසිය කියයි.
ලුණුගල ජනතාපුර ගමිමානයේ පදිංච් අනතුරට ලක්වු පිරිස 16 දින කලුතර ප්‍රදේශයේ පැවති පොලිස් විසිරයෑමේ උත්සවයකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදී ලුණුගල නගරයට ආසන්න කොට්ටල්බැද්ද ප්‍රදේශයේදී අලුයම හතරට පමණ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයක තිබෙන කොට්ටල්බැද්ද ඇළට රථය පෙරලීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුරින් වෑන් රථයේ සිටි මගීන් සියලුම දෙනා තුවාල ලබා රෝහල් ගතව සිටින බවත් රියදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදු වෙන්නට ඇති බව පොලීසිය කියයි.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත මහතාගේ උපදෙස් මත ලුණුගල පොලීසිය පරීක්ෂණ
පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීයක්ද මැරිලා තියෙන්නෙ 1ක්ද 9ක්ද?
වෑන් රියක් ප්‍රපාතයකට පෙරැළි අයෙක් මරුට 9ක් මරුට. මාතෘකාව හරි ද?
අයෙක් මරුට 09ක් මරුට කරුණාකර නිවැරදි කරන්න.
අයෙක් මරුට 9ක් මරුට ?