
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම අද (9) දිනයේ කිලෝ 12.5 ගෑස් සිලින්ඩර 65,000 ක් පමණ වෙළෙඳපොළට සැපයූ බව එම සමාගමේ උසස් නිලධාරියෙක් පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
ගෑස් සැපයුම අද දිනයේ තව දුරටත් ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව කී එම නිලධාරියා ගෑස් අළෙවි නියෝජිතයන්ට අද දිනයේ ලැබීම නිසා බොහෝ ස්ථානවල ගෑස් මිලදී ගැනීමට පෝලිම් දිගු වී තිබූ බව ද සඳහන් කළේය.
ඩොලර් ගෙවා නිදහස් කරගත් නෞකාවේ ගෑස් තොගයක් ගොඩබෑමෙන් පසුව ඉතිරි නෞකා දෙක නිදහස් කරගන්නා බවත් සැපයුම කථා තත්වයට පත්වන විට පෝලිම් නොමැති වනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd