(අංජුල මහික වීරරත්න)
ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ “Cop 27” සමුළුවට සහභාගී වීම සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඉරිදා (6) ඊජිප්තුව බලා පිටත්ව යයි.
ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Shiek) නුවර නොවැම්බර් 06 දා සිට 18 දා දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුව පැවැත්වෙි.
ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස කළමනාකරණ කටයුතු සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ලබා ගැනීම රුවන් විජයවර්ධන මහතා මෙම සමුළුවට සහභාගී වීමේ එක් අරමුණකි.
දේශගුණ සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව රුවන් විජයවර්ධන මහතා ලබන 13 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd