(විමුක්ති එස් රුද්‍රිගු)
මාලදිවයින හිටපු ජනධිපති සහ පාර්ලිමේන්තුවේ වතමන් කතානායක මොහොමඩ් නෂීඩ් මහතා ශ්‍රී ලංකාවේ නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීම පිළිබඳ මාලදිවයින තුළ විරෝධතා එල්ල විය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මොහොමඩ් නෂීඩ් මහතා දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීම දේශපාලනඥයන්ගේ සහ විද්වතුන්ගෙන් නොසතුටට හේතු විය.හිටපු නීතිපති ආචාර්ය මොහොමඩ් මුන්වර්ද විරෝධතා දැක්වූ අය අතර විය.
මාලදිවයිනේ ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබා ගන්නා පාර්ලිමේන්තු කතානායකවරයා වෙනත් රටක් නියෝජිතයෙකු ලෙස දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීම සඳහා පිටත් වූ බව ආචාර්ය මොහොමඩ් මුන්වර් පැවසුවේය.එසේම ඔහු මොහොමඩ් නෂීඩ් මහතා මාලදිවයිනට තිබෙන පක්ෂපාතීත්වය පිළිබඳ ප්‍රශ්න කළේය.
ආචාර්ය මොහොමඩ් මුන්වර්ගේ මෙම ප්‍රකාශයට සහයෝගය දැක්වූ පිරිස්ද සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd