
(යොහාන් භාසුර)
පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝපා’ කමිටුවේ නිර්දේශය මත මත්පැන්වල තත්ව පාලනය පිළිබඳ මෙහෙයුමක් රට පුරා ක්‍රියාත්මක කළ බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.
මෙම මෙහෙයුමේදී මත්පැන් නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය සහ විවෘත වෙළෙඳපොල යන අවස්ථා දෙකේදී නියැදි ලබාගෙන රසාගනාගාරකදී පරීජෂණ කරන බව කී කපිල කුමාරසිංහ මහතා රසායනාගාර පරීක්‍ෂණයේදී ප්‍රමිතිය අසමත් වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන් කළේය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ සැපයුම් දාම නියාමන අංශය වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක කරන බවත් කුමාරසිංහ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd