මෙම ගැටළුව විසඳිය හැක්කේ පාර්ලිමේන්තුවේ දී බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා මේ බව පැවසුවේ අරලියගහ මැදුරේදී මීට ටික වේලාවකට පෙර පැවැති මාධ්‍ය හමුවකදීය.
පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පුද්ගලයා අගමැතිවරයා වන බවත්, පාර්ලිමේන්තුවේ විශ්වාස භංගය පරාජය කරමින් තමාට බහුතරය ඇති බව පෙන්වා ඇති බවත් වික්‍රමසිංහ මහතා කීවේය.
‘‘ මම ඔබ අමතන්නේ ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය අනුව අගමැති මමයි. මම තනතුරේ ඉන්නවා. ව්‍යවස්ථාව අනුව කවරුත් පත් කරන්න බෑ. විශ්වාස භංගය වෙලාවේ මම බහුතරය පෙන්නුවා. බහුතරයක් තියෙනවා කියලා කවුරුන් හෝ කියනවා නම් ඔහු පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්විය යුතුයි. සම්ප්රදාය එයයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාත් වගකිව යුතුයි. මෙය පාර්ලිමේන්තුවේදී විසඳාගත යුතු ප්‍රශ්නයක්. මට කවුරුත් එක්ක වැඩ කරන්න ප්‍රශ්නයක් තිබුණේ නෑ. මම අගමැති ලෙස වැඩ කරගෙන යනවා.‘‘
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් පව් නොදී යන්න අප්පා.. ඔයා හරි වදයක්නේ... මතකයිනේ මහින්ද 2015 පරාජයෙන් පස්සේ ගෙදර ගිය ආකාරය... ඔයත් සිංහයෙක් වගේ ගෙදර යන්නකෝ...
එතකොට 2015 බහුතරය පෙන්වලාද අගමැති වුනේ...? මන්ත්‍රී ධුර 44ක් තියාගෙන උඩදාගෙන දිව්රුම් දෙනකොට ඕක මතක් වුනේ නැද්ද...?
බැඳුම්කර හොරුයි, මෙයාගේ යාලු හොරුයි ආරක්ෂා කරකර රටම ඉන්දියාවට විකුණලා මෙයාගේ සැදෑ සමය සොමියෙන් ඉන්න දැඟලුවේ... රකින්න කවුරුවත් නැහැනේ...
ඔබතුමා නීත්‍යානුකූල අගමැති... ඒ විදිහටම ක්‍රියාත්මක කරාවි කියලා බලාපොරොත්තු වෙනවා. මේ රටේ බහුතරයක් ඔබට ඡන්දය පාවිච්චි කලේ පැනල යන්නවත්, එක, එකාට විසිකරන්නවත් නොවේ...
2015දී අගමැති වෙනකොට මෙයාට බහුතරය තිබුණේ නැහැ. මහින්දත් බහුතරය පෙන්වාවි. දැනටම අලුත්ගමගේ වගේ අය එන්න ලැහැස්ති වෙලා ඉන්නේ..
හොඳට කඩුව වනලා කාපු ආප්ප වමනේ කළා නේද?
අහෝ අගමැතිතුමනි, දැන් යන්න තවදුරටත් රට අස්ථාවර නොකර.. ආදර්ශයට ගන්න හිටපු ජනාධිපතිතුමා මහින්ද මහත්තයා... මතකයි නේද එතුමන් ගිය හැටි.. ඔබට අවශ්‍ය නම් එන්න මහාමැතිවරණයකට ජනතාව දන්නවා කල යුතු දේ.. රට කෑවා ..විනාශ කලා.. දැන් තව පව් නොදී චුතවෙන්න සමනළලන්තයට සමනළුන් සමග... නව නායකයෙක් එජාපය ගොඩනගන්න පෙරට එ්වි...
මචන් දැන් අර බැඳුම්කර හොරා ළඟටවත් යන්න. මැරෙනකම්ම බලේ ඉන්න හැදුවේ. වැදගත් විදිහට සජිත්ට බලේ දුන්නානම් රජෙක් වගේ ඉඳලා රජෙක් වගේ මැරෙන්න තිබුණා. තණ්හාව හින්ද වැඩේ කාගත්තා. රකින්න කවුරුත් නැහැනේ... ඔන්න ඔහේ ගෙදෙට්ට වෙලා හූල්ල හූල්ල ඉන්න. ගහපු පදේකුත් නැහැ... බෙරේ පලුවකුත් නැහැ. කලේ අර මංගලයත් එක්ක එකතු වෙලා රටයි, රණවිරුවනුයි පාවලා දීලා රටේ ආර්ථිකය නැති කරපු එක විතරයි.
කස්ටියගේ මූණු සැට් එකේ සිරියාව! සුවපති තුමා පෙනෙන්න නෑ වගේ නේද? පරණ ලොක්කා ළඟට බඩගානවා වත්ද!!! ?
ඉතිහාසය මතක්කරලා බලන්න. ශ්‍රී ලංකා මාතෘභූමියට යෝධ සංවර්ධනයන් ගෙනාපු එකම පක්ෂය එජාපයයි. එකම විසඳුම රනිල් වික්‍රමසිංහ මහතා එජාපයෙන් අයින් වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඊළඟ ජනාධිපතිවරණයට තැන දීමයි. අපි කවුරුත් නීතියට, රටේ ව්‍යවස්ථාවට ගරුකරලා.. පක්ෂ හෝ විපක්ෂ සියලු දෙනාම එකතු වෙලා රට ගොඩගමු. ඔලු මාරු කිරීම රටේ ප්‍රශ්නවලට විසඳුම් නොවේ..
දැන් කට්ටිය ඇටිකෙසෙල් කාපු උගුඩුවො වගේ ඉන්න ලස්සන.
දැක්කද එක දවසට ප්ලාස්ටික් පුටුවට වැටුණු හැටි...