(අංජුල මහික වීරරත්න)
ඉන්දීය රජය විසින් යල කන්නයේ වී වගාවට ලබා දෙන යුරියා පොහොර රට පුරා බෙදා හැරීමට ඉන්ධන ලීටර් 125,000ක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට ලිපියක් කරමින් ඉල්ලා තිබේ.
2022 යල කන්නය සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට හදිසි අවශ්‍යතාවය මත ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක තොගය ජූලි මස 06 දින ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇත. ඒවා ශ්‍රී ලංකාවට ලැබුනු වහාම රටපුරා බෙදා හැරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් විදිමත් වැඩ පිළිවෙළක් අරඹා ඇති බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd