
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින බලපත්‍ර නොමැති අලි ඇතුන් 15 දෙනෙකු මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ මාතලේ මහේස්ත්‍රාත්වරයා දුන් නියෝග බලරහිත කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සමේ අතරමැදි පාර්ශවකරුවන් වශයෙන් මෙම සිද්ධියට සම්බන්ධ අලි ඇතුන් හිමිකරුවන් ඇතුළත් කිරීමට අභියාචනාධිකරණය අද (14) අවසර ලබා දෙන ලදී.
ඒ අනුව අතරමැදි පාර්ශවකාර අලි ඇතුන්ගේ හිමිකරුවන්ට සති දෙක ඇතුළත සිය විරෝධතා අධිකරණය හමුවේ ගොනු කරන්නැයි අධිකරණය නියෝග කෙරිණි.
ඒ අනුව මෙම රිට් පෙත්සම ලබන 23 වැනිදා යළි කැදවන ලෙසද අධිකරණ නියෝග කෙරිණි.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැළිණි.
වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින බලපත්‍ර නොමැති අලි ඇතුන් 15 දෙනෙකු මුදාහරින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ මාතලේ මහේස්ත්‍රාත්වරයා දුන් නියෝග බලරහිත කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය මෙම රීට් පෙත්සම ගොනු කර තිබිණි.
පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා මෙම පෙත්සම ගොනු කර තිබිණි.
වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ස්ථානාධිපති (අංක 01), පොලිස්පති සී ඩී වික්‍රමරත්න, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්‍රභාකරන්, මාතලේ මහේස්ත්‍රාත් සී. වික්‍රමනායක සහ නීතිපතිවරයා වගඋත්තර කරුවන් ලෙස නම් කර සිටිති.
හීලෑ අලි ලියාපදිංචිය විධිමත් කිරීම සඳහා අයිතිකරුවන් වෙත ආපසු අලි බාර දීමට අදාළව වනජීවි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය (අංක 2241/41) ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.
අතරමැදි පෙත්සම්කාර අලි ඇතුන් හිමිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ෆයිස් මුස්තාපා , සාලිය පීරිස් සහ කුවේර ද සොයිසා මහතා පෙනී සිටියහ.
නීතීපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ කනිෂ්කා ද සිල්වා මෙනවිය පෙනී සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd