
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හැත්තෑහතර වියැති මවක සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව කියන 47 ඇවිරිදි අවිවාහකයකු එල්ල කළ තියුණු ආයුද ප්‍රහාරයකින් එම මවගේ පුතා මරණයට පත්ව ඇතැයි මුන්දලම පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ එස්.එම්.චාමර රුවන් නමැති 28 හැවිරිදි එක්දරු පියෙකි.
සැකකරු පිහියත් රැගෙන පලා ගොස් ආමුකුලිය ප්‍රදේශයේ සැගව සිටියදී දැඩි ප්‍රයත්නයක් දරා අතඅඩංගුවට ගත් බව කියයි. සැකකර මීට පෙර ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයකු බවත් වසර ගණනක් සිරගතව පැමිණි අයකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
අලව්ව ප්‍රදේශයේ පදිංචි මියගිය එක්දරු පියා මිට දින කිපයකට පෙර තම සොහොයුරිය පදිංචි කල්පිටියට පැමිණ සිටියදී මවගේ මෙම අනියම් පෙමට එරෙහි වීම නිසා ඇති වූ ගැටුමකින් පසු තියුණු ආයුද ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි. මෙම ඝාතනය කළ බව කියන තැනැත්තා සමග පවත්වාගෙන යන සම්බන්ධය නවත්වන ලෙස 72 හැවිරිදි මවට පැවැසූ අවස්ථාවේ මෙම දෙදෙනා අතර ඇති වූ වචන හුවමාරුව ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත.
එම බහින් බස් විමත් සමග එකවරම මෙම සැකකරු කාන්තාවගේ පුතාට පිහි ප්‍රහායක් එල්ල කර ඇති අතර සැකකරු පලා ගොස් තිබු බව පොලිසිය පවසයි.
පිහි ප්‍රහාරයකට ලක්වු තරුණයා කඩිනමින් පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබුනද ඒ වන විටත් මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මෙයට පෙර මිගමුවේ තිදෙනකු ද පොලොන්නරුවේ එක් අයකු ද පුත්තලම කරිකට්ටයේ එක් අයකු ද ඇතුළුව ඝාතන පහකට ප්‍රධාන සැකකරුවක් බවත් මිගමුවේ ඝාතනවලට වසර 20ක් බන්ධනාගාර ගතව පැමින සිටියදි මෙම ඝාතනය සිදු කර ඇති බව කියයි.



COMMENTS
මට අර වරදෙ නොබැදෙන ලදුන් ලොව නැත කියපු ගීතය මතක් වුනා.
74 මවට, 47 පෙම්වතෙක්? නරකම නැහැ. වෙනස අවුරුදු 27 නේද ?
පව් අහිංසකයා. මෙහෙම මවක් ලබන්න තරම් පවක් කරලා තියෙනවා
අනේ මෙහෙමත් අම්මලා
අවුරුදු 74 මව්තුමියට දැන් මොනවා හිතෙනවා ඇතිද, තමා දරුවා මෙලොව හැර ගොසින්, ආදරණීය පෙම්වතා හිරේ විලංගුවේ
ජීවිත පහක් මරලත්, හිරෙන් නිදහස් වෙලා. තවත් ජීවිතයක් බිළිගත්තා. අහෝ නීතිය ..
මිනීමරුවන් නිදැල්ලේ හැසිරීම, නිදහස් වීම අද ලංකාවේ මෝස්තරයක් වෙලා.
අපේ රටේ වැරදි කරන මිනිසුන් ට හරි හමන් නීතියක් නැතිකමයි සියල්ලට මුළ. ඕනෑම වැරදි කරුවෙක් එළියට ගැනීමට සල්ලි ලබාගෙන තර්කයෙන් දිනන කොටසක් යෙහෙන් වැජඹෙන අතර , නීතියේ හිඩැස්වලින් රිංගා එන වැරදි කරුවන් නැවත නැවත වැරදි කරමින් සමාජය තුළ වෙසේ. ඔවුනට දඩමීමා වන්නේ අහිංසකයින්ය. මේ තත්ත්වය වෙනස් වේ යැයි සිහිනවකින්වත් නොසිතමි.
දෙයියො සාක්කි ඉලක්කම් මාරුවෙලා පෙනිලද කොහෙද
"කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය" කියන එක තමයි මට නම් ලියන්න තියෙන්නේ. අනික ඉතින් මේක ලෝකේ උතුම් රට සිරි ලංකාව නිසා ඒ කියමනේ වලංගු භාවය දහ ගුණයකින් වැඩියි.
සාක්ෂි නෑ කියලා ආපහු නිදහස් කරමු නේද? එතකොට තව දෙතුන් දෙනෙක් මරන්න පුළුවන්නේ.
මිනීමැරුම් 5ක් කරත් මිනිස්සු එළියේ ලංකාවේ නීතිය ඕක තමා.
ලංකාවත් දැන් බටහිර රටවල් ගානට වැටිලා