
(යොහාන් භාසුර)
රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 ක් දක්වා ඉහළ නැංවීමේ අයවැය (2022) යෝජනාවට වෘත්තිය සමිති වැඩි සංඛ්‍යාවක් විරෝධය දක්වන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ‘ලංකාදීප’යට පැවසීය.
වෘත්තිය සමිතිවල එම විරෝධය පිළිබඳව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අවධානය යොමු කර ඇති බව කී එම අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩ කරන අයට එපා නම් කවුරුන් වෙනුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක කරනවාද යන ගැටලුව මේ වන විට මතු වී ඇති බව ද සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස ලබන වසරේ (2022) ජනවාරි 1 වැනිදා සිට අවුරුදු 65 ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සේවක සංඛ්‍යාව 30%කින්වත් අඩු විය යුතුයි. පරිගණක දැනුම තියෙන තරුණ අය අලුතින් ආ යුතුයි. ඒ නිසා 55න් ගෙදර යවන එක තමයි හොඳ
ඔය එපා කියන අයම තමයි 55ට පස්සේ අවුරුද්දෙන් අවුරුද්ද කාලය දික්කරගෙන 60 පැනලත් ඉන්නේ
මෙතුමාත් අකමැති වගේ. කැමති අය ඉන්නවනම් 65 වෙනකන් වැඩ කරන්න ඒකෙ ගැටළුවක් තිබෙනවද? රට ගැනත් හිතන්න වෙනවා නේද හැම එකටම විරුද්ධ වීමෙන් රට ඉදිරියට යන්නේ කෙසේද?
වෘත්තීය සමිති කියන අනෙක් දේවල් ඇහෙන්නේ නැතිද?
විශ්‍රාම යාමේ වයස 65 කිරීම ගැන කැමැත්ත දක්වන බොහෝ පිරිසක් රාජ්‍ය සේවයේ ඉන්නවා. සමිති වල අය 65 වෙනකල් වැඩ කරන්න කැමති නැතිනම් එයාලට 55න් යන්න කියන්න. කැමති අයට වැඩ කරන්න දෙන්න. යූනියන් වල අය ගහන ගහන පදේට නටන්න ගියෝතින්, රට එක අඩියක් වත් ඉස්සරහට ගෙනියන්න බැරි වෙනවා.
රට ගොඩගන්න දැනට රජයේ පවතින ආයතන වලට සේවකයෝ අලුතින් බදවා ගත්තට වැඩක් නැත.
ඇත්තටම මේ ලේකම්තුමාත් විශ්‍රාම ගත්ත අයෙක්. සමහරක් අය හැට පහ නොවෙයි හැත්තෑව කලත් සතුටුයි මොකද ඒ අය දන්නෙ ඒක විතරයි ඒත් වෛද්‍ය වෘත්තිය කරන අයට ගැටලුවක් නැහැ හැට පහක් කලාම පාරිතෝශික නොගෙවීමයි අරමුණ මමත් විශ්‍රාම ගත් අයෙක් විශ්‍රාම ගත්තාට පසුව තේ අක්කර භාගයක් පමණ වගාව කරගත්ත ඒක කලේ ලැබුණු පාරිතෝශික මුදලිත් එයට අමතරව මම මේ කන්නෙ කෙනෙක් හවුල්කරගෙන අදයට කුඹුරක් වැඩ කලා මට බස්වල දුම්රියෙන් දුෂ්කර ගමන් නැහැ නිදහසේ සතුටින් ඉන්නවා
55, 60 කරද්දී ඔහොම කිව්වේ නැහැ. දැං කියනවා. ඇත්ත. හැරමිටියෙන් රස්සාවට යන එක හරි මදි නේද. 60 හොඳටම ඇති
පරිපාලන සේවයට නම් 55 සීමාව හොඳයි. තරුණ නිලධාරීන් පරිපාලන තනතුරුවල සිටීම හොඳයි... අනෙක් තාක්ෂණික සේවාවන් වලට 65 සීමාව ගැටලුවක් නැත.
පරිපාලන සේවයට වයස්කාර නිලධාරීන් ගැලපෙන්නේ නැහැ. තරුණ කාර්යක්ෂම නිලධාරීන් ඉහළ තනතුරුවල සිටීම වැදගත්.
ඇයි 55න් ගිහින් ගවත් ජොබ් එකක් කරන්න ද? තරුණ අයගෙ ජොබ් නැති කරන්නෙ රජයෙ සේවකයො..