(නාලක සංජීව දහනායක)
පසුගිය රජය මුද්‍රණය කර ඇති පහ ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතේ පළාත් හඳුන්වාදීමේදී උතුරු හා නැගෙනහිර පළාත් වෙන් නොකොට එකම වර්ණයකින් වර්ණ ගන්වා තිබෙන බව ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ කැඳවුම්කරු ජානක බෝධිනන්ද ගුණතිලක මහතා අද (25) පැවැසීය.
මේ ආකාරයට උතුරු හා නැගෙනහිර පළාත් එකම වර්ණයකින් වර්ණ ගන්වා හඳුන්වා තිබීම අනාගතයේදී රට විනාශ කිරීමේ මූලාරම්භය විය හැකි බවටද ඔහු චෝදනා කළේය.
කොළඹදී අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ එම පෙළ පොතෙහි උතුරුමැද පළාතේ ළමයකු පාපන්දුවක් පාගාගෙන සිටින ආකාරයේ සිතුවමක් ඇතුළත් කර තිබෙන බවත් එමගින් දරුවාට රට පිළිබඳව අභිමානයක් ඇති නොවන බවත්ය.
උතුරුමැද පළාත හඳුන්වාදීමට එම ප‍්‍රදේශයේ ඓතිහාසික සිද්ධස්ථානයක ඡායාරූපයක් ඇතුළත් කළ යුතු බවත් ඔහු කිය.
මෙරට ජාතික උත්සව පිළිබඳව හඳුන්වාදීමේදී සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පිළිබඳව කිසිවක් ඇතුළත් කර නැති බවත් එය හිතා මතාම කළ බරපතළ වැරැද්දක් බවත් ඔහු චෝදනා කළේය.
රටේ ඓතිහාසික උරුමය විකෘති කරමින්, පළාත් පිළිබඳව වැරදි අවබෝධයක් ලබාදෙමින් පසුගිය ආණ්ඩුව මුද්‍රණය කර ඇති මෙම පහ ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොත අධ්‍යයනය කරන මෙන් වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය සඳහන් කළේය.
COMMENTS
උතුර නැගෙනහිර එකම වර්ණයකින් තියන්න ඇත්තේ අනාගතය ගැන හිතලයි. මමත් කැමති යෝජනාවක් කරන්න. අර පාපන්දුව හැම පළාතක්ම ආවරණය කරන්න යෙදුවට කමක් නෑ, ඒ මොකද රටේම ඉන්න මිනිස්සුන්ට පයින් ගහන එකත් එහෙම කරලා බෝලෙ පාස් කරන එකත් හැම පළාතකටම ගැලපෙන හින්දා. උතුර, නැගෙනහිරට පුරාවස්තු පින්තූර ඇතුළත් කරමු..
මෙයාව පහේ පන්තියට දාන්න ඕනේ ඉස්සෙල්ලාම... ජාතික උත්සව නෙමෙයි, ආගමික උත්සව අස්සේ සිංහල අවුරුදු ගහන්නේ මොකටද?... සිංහල අවුරුදු කියන්නේ ජාතික උත්සවයක්..
අනේ එතුමා කියන වැරැද්ද හදන්න වහාම... අපේ ළමා පරපුර පටස් ගාලා ජාති හිතෛෂී වෙයි.
ඉංග්‍රීසි පෙළ පොතෙහි උතුරු හා නැගෙනහිර පළාත් එකම වර්ණයකින් වර්ණ ගන්වා තිබීම මත ජාතිවාදය ගෙනහැර දැක්වීම පමණක් නොව ගුරුවරුන් පාසල් සිසුන්ගේ මව්පියන් පවා ප්‍රශ්නයක් නොවුණු පාසල් පොත්වල සඳහන් අධ්‍යාපන විශේෂඥයින් පවා අනුමත කල ඉගැන්වීමේ පාඩම සමහර හමුදුරුවන්හට ප්‍රශ්නයක් වූයේ මන්ද? මහජනයා මුලාකිරීම මොනතරම් පාපකර්මයක්ද?
අනිවාර්යයෙන්ම පහුගිය අවුරුදු 5 ඇතුළත මුද්‍රණය කරපු පාසල් පොත් වෙනස් කරන්න හෝ තහනම්ම කරන්න ඕනේ. උතුරු නැගෙනහිර පළාත් දෙක, දෙකක් නෙමෙයි එකක් විදිහට තමයි මේ 5 පොතෙන් කුඩා කාලෙම දරුවන්ගේ මනසට කාවදන්න උත්සාහ කරලා තියෙන්නේ. උතුරු මැද පළාතේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිරත් ඇතුළුව බෞද්ධාගමික සිද්ධස්ථාන වල පින්තූර සියලු පළාත්වල පෙන්වන්න ඕනේ. හොඳට නිරීක්ෂණය කළොත් දැකගන්න පුළුවන් ලංකාවේ සියලු උස් ස්ථාන සහ වෙරළබඩ ස්ථාන වල බෞද්ධ විහාර, බුදු පිළිම සහ චෛත්‍යයන් ඉඳි කරලා තියෙනවා. සම්පූර්ණයෙන් මුහුදෙන් වට වෙච්ච රටක් විදිහට මුහුදෙන් හෝ අහසින් එනකොට දකින්න ලැබෙන ප්‍රධාන දේ තමයි වෙහෙර විහාර. අනිත් අතට බක් මාසය උත්සව මාසයක් විදිහට සලකන්නේ ගහකොළ මල් සහ ඵල වලින් බරවෙන, වී අස්වැන්න ගෙදරට ගෙනත් තියෙන අවුරුද්දේ සශ්‍රිකම මාසය විදිහට සහ සිංහලයන් සියලු වාද භේද අමනාපකම් දුරුකොට එකමුතුවෙන, කෙලි සෙල්ලම් වල නියැලෙන, ආහාර පාන හැමෝටම බෙදාදෙන, කොටින්ම ජාතියක් විදිහට සිංහලයන් එකමුතු වෙන ජාතික උත්සවයක් පවත්තන මාසය විදිහට... සිංහල අවුරුදු උත්සවය මේ පොතට ඇතුළත් නොකළේ වහල් ආණ්ඩුවේ හිටියේ විජාතික මනසක් තිබ්බ පරගැතියන් නිසා...
මීට අමතරව මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ පෙන්නලා දීල තියෙනවා හතේ පන්තියේ පොතක් ගැන. අධ්‍යාපන අමාත්‍යංශය වහාම ඒ පොත ලංකාවේ සියලු පාසල් වලින් නැවත ගෙන්වා ගෙන විනාශ කරලා දාන්න ඕනේ. පහුගිය අවුරුදු 5ක කාලයේ ලංකාවේ තිබ්බේ තනිකරම විකෘති පාලනයක්. වහල් ආණ්ඩුවේ කිසි කෙනෙක් රටක්, ජාතියක්, ආගමක් ගැන හැඟීමක් තිබ්බ පිරිසක් නෙමෙයි. ඒ හින්දා කුඩා කාලෙදීම දරුවන්ගේ හිතට විකෘති සහ අශෝභන අදහස් ඇතුල් කරන්න උත්සාහ කළා. ලෝකේ ඉස්සරහට යනකොට අපිත් ඒ වේගෙට යන්න ඕනේ කියලා, අපේ සංස්කෘතික හරයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි බටහිර රටවල තියෙන සංස්කෘතිය අපේ රටේ ජනප්‍රිය කරන්න, කරන්න පුළුවන් සියලු දේ කළා. පාසල් දරුවෝ සහ ගෙදර බුදුන් හැටියට සලකන අම්මාවරු තමයි ඒ සංස්කෘතියේ ලොකුම ගොදුරු වුනේ. අවුරුදු 10, 15 කිරි දරුවන්ටත් සමාජ රෝග හැදුණා කියලා අහන්න ලැබුණු හරිම අවාසනාවන්ත අවුරුදු 5 ක කාලයක් ලංකාව පහු කලේ.
සමහර හෙන්චයියොත් ඉන්නවා මේවා පිටුපස...
විග්ගේෂ්වරන්ලා මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ, ඒ සඳහා ඓතිහාසික සාක්ෂි තියනවා කියලා ලෝකෙටම කියන්නේ මේ වගේ වැඩකරලා තමයි. මේවා කලේ නායකයෝ ඇමතියෝ බලයේ හිටි කාලේ. පුදුමේ කියන්නේ මේ වැඩේට කැමති සාමාන්‍ය මිනිස්සුත් ඉන්නවනේ තවමත්.. ඉහත කොමෙන්ට් කියෙව්වම පේනවා. කරුණාකරලා මේ රටින් පලයල්ලා.
කොල්ලුපිටියට කොල්පෙට්ටි, මුතුවැල්ලට මුට්වොල්, කොටුවට ෆෝර්ට්, පිටකොටුවට පෙටා, බම්බලපිටියට බම්බා ආදිය ලෙසින් කියනකොට, අලුතින් හැදුන හැදෙන ලිබර්ටි ප්ලාසා, මිලේනියම් සිටි, මරීනා මෝල් , සිටි සෙන්ටර්, ආදී ලෙසින් නම් කරනකොට අනාගතයේ මේ නගරය අපේයැයි කීමට වෙනත් ජාතියක් ඉදිරිපත් වුවහොත් අප පුදුම වියයුතු නැත.
ඉතිහාසේ කෙසේ වෙතත්, ඉස්කෝලෙදි ආගම් උගන්වන්නේ ඇයි? එක ආගමක තියෙනවා ලෝකේ මවලා අවුරුදු 6000ලු, තව ආගමක තියෙනවා අපි හඳවටේ කැරකෙනවලු, තවත් ආගම් කියනවා කවුදෝ දෙවියෙක් ලෝකේ මැව්වලු, තව කෙනෙක් කියනවා එහෙම දෙවියෙක් නැහැ... දෙවියන් කෝටිගාණක් ඉන්නවා කියලා, තව අය තවතව ඉපදෙන එක නවත්තන්න අමුතු කතා කියනවා. ඕවා මත්තේ නැහිලා දුක් විඳලා ගුටි කෙළගෙන මැරෙන්නේ ඇයි? නිකම් තියෙන ජීවිතේ නාස්ති කරගන්නවා, ඉන්න කාලයේ හිත සතුටෙන් ඉන්න, ආගම් පිස්සුව අතාරින්න... මගේ යාළුවන් කියනවා ඔය ඔක්කොම ආගම්වලට අනුව මම යන්නේ අපායටලු, එහෙනම් හරි සන්තෝෂයෙන් අපායට යන්නේ...
මට ඉංග්‍රීසි පොටේ පිටු අංක 77, 78, 79, 80.... පෙන්වන්න.