IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


2019 ත්‍රෛපාර්ශවීය ගිවිසුම ක්‍රියාත්මක කරන්නයි ඉන්දියාවෙන් උපදෙස්

 

(හර්ෂණ තුෂාර සිල්වා)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ජපානය සහ ඉන්දියාව අතර 2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තු වන බව එරට කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද (1) ඒ බව පැවැසීය.

ශ්‍රී ලංකා අදාළ ගිවිසුමට අදාළ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නායකත්ව මට්ටමින් ද මීට පෙර ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි හෙතෙම කීය.

විදෙස් ආයෝජකයන් සමඟ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය මීට මාස තුනකට පෙර තීන්දුවක් ගත් බව ද ඔහු කීවේය.

සියලු පාර්ශව දැනට ඇති ගිවිසුමට අදාළ අවබෝධතා සහ වගකීම්වලට බැඳී සිටින බව ද හෙතෙම තවදුරටත් සඳහන් කළේය. 



අදහස් (20)

2019 ත්‍රෛපාර්ශවීය ගිවිසුම ක්‍රියාත්මක කරන්නයි ඉන්දියාවෙන් උපදෙස්

pradeepa Monday, 01 February 2021 01:21 PM

කොහොමද තර්ජනය ..? දැන් සැපද?

:       2       1

සිරිබිරි Monday, 01 February 2021 01:29 PM

කාලා වරෙන්කෝ, දැන්....

:       0       1

Demuni Uduwara Monday, 01 February 2021 02:25 PM

ඇසිඩ් පරීක්ෂණයක්...!!! 

:       0       1

Dedunu Monday, 01 February 2021 03:06 PM

ඔබ අවවාද දෙන්නේ මුලු රටේම විරෝධතා දකිමින් ඒවාට උඩින් යන අය නේද?

:       0       1

Kumara Monday, 01 February 2021 07:04 PM

දැන් කාලා වරෙන්කෝ...

:       0       1

Binkunndaa Monday, 01 February 2021 07:53 PM

ඉන්දියානු ව්‍යාප්ත වාදයට ලංකාව යටත් වෙනවාද?

:       0       1

dhamneth Monday, 01 February 2021 08:45 PM

විදේශ රටවල සිටින අපේ තානාධිපතිවරුනුත් මේ වගේ උපදෙස් දෙනවද?

:       0       1

රාජුන් Tuesday, 02 February 2021 12:48 AM

මෙන්න ජනාධිපතිගේ එඩිතර බව පෙන්නන්න අවස්ථාව... මෙතැනදී ක්‍රියා කරන ආකාරයෙන් රටම දැන ගනී සිංහයෙක්ද සිංහ වෙස් ගත් කැනහිලෙක්ද කියලා...?

:       1       1

මුණසිංහ Tuesday, 02 February 2021 01:30 AM

යහපාලනය තවත් මොන ගිවිසුම් අත්සන් කරලද දන්නේ නැහැ. දැන් තමා එළියට එන්නේ... ඒ කාලෙ සද්දයක් නැතිව හිටපු ජෙප්පො දැන් නින්දෙන් ඇහැරිලා - තවමත් යහ පාලනයට ආවඩනවා.

:       6       5

Bamunuarachchi Tuesday, 02 February 2021 02:45 AM

2019 මැයි මාසයේ යහපාලකයින් ගිවිසුම් අත්සන් කරනකොට මේ ජෙප්පන් හා මදුරුවන් කොහෙද හිටියේ?

:       12       7

gamunuTuesday, 02 February 2021 11:58 AM

දැනට මාස 03කට පෙර කැබිනට් එකට දාලා අනුමැතිය ගද්දී විමල් වීරවංශගේ 10 දෙනාගේ කණ්ඩායම නිදාගෙනද හිටියේ...?

:       3       12

BamunuarachchiTuesday, 02 February 2021 12:34 PM

ලෙඩේට මුල 2019 මැයි මාසයේ යහපාලකයින් ගිවිසුම් අත්සන් කිරීම නොවෙයිද? දැන් පෙනෙනවාද ඉන්දියාව ඉස්සරහට දමන්නේ 2019 මැයි මාසයේ යහපාලකයින් අත්සන් කළ ගිවිසුම මිසක් වීරවංසගේ නිදා ගැනිල්ල නොවෙයි. ඉන්දියාව කියන්නේ ගිවිසුම් අත්සන් කළා නම් ක්‍රියාත්මක කරන්න කියලා.

:       7       8

gaminiTuesday, 02 February 2021 02:45 PM

බමුණු ඉන්නකම් ලංකාව දියුණු වෙන්නේ නම් නැත.

:       2       6

සෙනෙවිරත්න Tuesday, 02 February 2021 03:31 AM

දෙගොල්ලන්ම එකතුවෙලා වැඩේ කලේ ...

:       4       3

nimalTuesday, 02 February 2021 11:59 AM

දුන්නාම මොකද වෙන්නේ...?

:       7       0

dilipa Tuesday, 02 February 2021 04:24 AM

කොන්ද පණ නැති නායකයින්... මේ අය කවුද අපේ රටේ තීන්දු තීරණ ගැන බල කරන්න..?

:       2       5

BamunuarachchiTuesday, 02 February 2021 12:39 PM

හලෝ පිටරට ගිවිසුම් ගැන කතා කරන්න එපා.. ලංකාවේ ඇතුළත ගිවිසුමකට අත්සන් කරන්න බලන්න වන්දි නොගෙවා බේරෙන්න පුලුවන්ද කියලා බලන්න... මෝඩ කතා කියන්න එපා හලෝ නීති මගට බැස්සායින් පස්සේ කොන්දේ හයියෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ.

:       6       2

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 February 2021 04:49 AM

හරිහැටි කරුණු කාරණා පැහැදිලි නොමැති මේ ගිවිසුම් ගැන අටුවා ටීකා කියන්න අප දන්නේ නැහැ. ඒවා කෙසේ වෙතත්, වරාය කියන්නේ නම් තනිකරම හොර ගුහාවක් බව නම් කිවයුතුව ඇත. බොහෝ සේවකයන් මෙතෙක් පැවති රජයන් හා දේශපාලකයින්ගේ සුවච, කීකරු හෙන්චයියන්. එය තමයි අමිහිරි සත්‍යය. මෙතන ඔවුන් පෙන්වන පොදු දෙයට වඩා පවතින්නේ වරාය තමන්ගේ ග්‍රහණයෙන් මිදීමෙන් තමන්ට වන පුද්ගලික හානියයි.

:       2       11

Dhammikaperera Tuesday, 02 February 2021 04:52 PM

අද ගම්මන්පිල ඇමති කියනවා බටහිර ජැටියට ඉන්දියන්, ජපාන සහ ශ්‍රී ලංකා කලින් පරිදි ගිවිසුමක් අත්සන් කරනවා කියලා. එතකොට බටහිර, නැගෙනහිර මොකක් වුණත් 69 ලක්ෂයක් දේශප්‍රේමියන් පත්කරපු ආණ්ඩුව කරන්නේ ඒ අයම දේශද්‍රෝහී කියලා යවපු රනිල්ගේ යහපාලන ආණ්ඩුව කරපු දේම නෙමෙයිද? එතුමා යෝජනා කරපු පරිදි ජැටියේ ඉතුරු මීටර 600 හදන්න ඉතා අඩු පොලියට ජපන් ණය අරගෙන ලංකාවට 51% සහ ඉතුරු 49% ජපානය සහ ඉන්දියාව සමග සමාගමක් මගින් ඉන්දියාවටම ප්‍රතිඅපනයනය කළා නම් මෙච්චර ඇන ගන්නේ නෑ නේද? අපේ ප්‍රධාන අසල්වැසියා සමග... වැඩේ වුනේ හම්බන්තොට වරාය බදුදීම විකිණීමක් ලෙස බොරුව ජනගත කොට බලයට පැමිණීම පාරාවලල්ලක් වීම...

:       2       1

Rata Perata Wednesday, 03 February 2021 10:54 AM

මේකේ අදහස් දාන අයට චීනයේ ලොකුසර් සෙල්ලම් දානකොට කිසි කතාවක් නැහැ. යුද හමුදා මූලස්ථානය සින්නක්කර චීනෙට දුන්නේ ජනතාවද? හම්බන්තොට දුන්නේ ජනතාවද? හැම කෙනාම රට විකුණන එක තමයි කරන්නේ. ඒක නන්දසේන කළත්, රනිල් කළත්, මහින්ද කළත් වැරැදියි. මෙයාලා එන්නේ රට රකින්න නොවෙයි. රට විකුණන්න.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30684 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12680 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10918 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 805 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 892 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site