IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


20 ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙත්සමක්

( තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ )
 
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් , එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් හා විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ අනුමැතිය මඟින් සම්මත කර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (22)  විශේෂ පෙත්සමක්  ගොනු කරන ලදී.
 
මොරොන්තුඩුව ප්‍රදේශය පදිංචි නීතීඥවරයෙකු වන ඉන්දික ගාල්ලගේ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත.
 
නීතීඥ දර්ශන වේරදූවගේ මහතා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මෙම පෙත්සමේ මෙසේද සඳහන් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (22) පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.
 
මෙම පනත් කෙටුම්පතෙහි වගන්තීන් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 01 ,03 ,04 (ඩී) , 12 .1 , 14 (1) ජී , 27 (2) , 27 (3) යන වගන්තීන් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය වේ. මෙම පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තිය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තියේ සඳහන් ස්වෛරීභාවයේ අයිතිය බවත් කෙරේ.මෙම පනත් කෙටුම්පතේ 5 වැනි වගන්තිය මඟින් ජනාධිපතිවරයා ගේ ක්‍රියාවක් සම්බන්ධයෙන් පුරවැසියෙකුට අභියෝග කිරීමේ අයිතිය නැතිවේ.
 
මෙම පනත් කෙටුම්පතේ 15 වැනි වගන්තිය මඟින් යම් කිසි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත වීමට ප්‍රථම , ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ අයිතියද ,අභියෝගයට ලක්වේ.
 
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 17වැනි වගන්තිය මඟින් ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට තේරී පත් වීමටද හැකියාව ලැබේ.පනත් කෙටුම්පතේ 22 වැනි වගන්තිය මඟින් මැතිවරණ කොමිෂන් සභාව ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොකර නිලධාරීන්ට හෝ සංවිධාන වලට එරෙහිව කටයුතු කිරීමේ අයිතිය අහිමිවේ.
 
එබැවින්  මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසද , මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සහ විශේෂ බහුතරයක මන්ත්‍රී සංඛ්‍යාවකින් සම්මත කර ගැනීමට නියෝග කරන්නැයිද පෙත්සම්කාර නීතීඥවරයා සිය පෙත්සම මඟින් ඉල්ලා ඇත.



අදහස් (3)

20 ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙත්සමක්

Rajinda Tuesday, 22 September 2020 01:09 PM

මේ වීරයෝ ටික කොහේද දන්නේ නැහැ උන්නේ..? 19 ගෙනැල්ලා ඔය මුකුත් නැතිව සම්මත කරගන්නකොට.. බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නැහැ.

:       0       0

Rajinda Tuesday, 22 September 2020 01:09 PM

මේ වීරයෝ ටික කොහෙද දන්නේ නැහැ හිටියේ 19 ගෙනෙල්ලා ඔය මුකුත් නැතුව සම්මත කරගන්නකොට.

:       0       0

Cisco Wednesday, 23 September 2020 01:57 AM

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැහැ කියලා නීතිපති දෙපාර්තමේන්තුව කිව්වා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 108 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site