( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් , එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් හා විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ අනුමැතිය මඟින් සම්මත කර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (22) විශේෂ පෙත්සමක් ගොනු කරන ලදී.
මොරොන්තුඩුව ප්‍රදේශය පදිංචි නීතීඥවරයෙකු වන ඉන්දික ගාල්ලගේ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත.
නීතීඥ දර්ශන වේරදූවගේ මහතා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මෙම පෙත්සමේ මෙසේද සඳහන් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (22) පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.
මෙම පනත් කෙටුම්පතෙහි වගන්තීන් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 01 ,03 ,04 (ඩී) , 12 .1 , 14 (1) ජී , 27 (2) , 27 (3) යන වගන්තීන් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය වේ. මෙම පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තිය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තියේ සඳහන් ස්වෛරීභාවයේ අයිතිය බවත් කෙරේ.මෙම පනත් කෙටුම්පතේ 5 වැනි වගන්තිය මඟින් ජනාධිපතිවරයා ගේ ක්‍රියාවක් සම්බන්ධයෙන් පුරවැසියෙකුට අභියෝග කිරීමේ අයිතිය නැතිවේ.
මෙම පනත් කෙටුම්පතේ 15 වැනි වගන්තිය මඟින් යම් කිසි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත වීමට ප්‍රථම , ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ අයිතියද ,අභියෝගයට ලක්වේ.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 17වැනි වගන්තිය මඟින් ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට තේරී පත් වීමටද හැකියාව ලැබේ.පනත් කෙටුම්පතේ 22 වැනි වගන්තිය මඟින් මැතිවරණ කොමිෂන් සභාව ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොකර නිලධාරීන්ට හෝ සංවිධාන වලට එරෙහිව කටයුතු කිරීමේ අයිතිය අහිමිවේ.
එබැවින් මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසද , මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සහ විශේෂ බහුතරයක මන්ත්‍රී සංඛ්‍යාවකින් සම්මත කර ගැනීමට නියෝග කරන්නැයිද පෙත්සම්කාර නීතීඥවරයා සිය පෙත්සම මඟින් ඉල්ලා ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
20 ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙත්සමක්
Rajinda Tuesday, 22 September 2020 01:09 PM
මේ වීරයෝ ටික කොහේද දන්නේ නැහැ උන්නේ..? 19 ගෙනැල්ලා ඔය මුකුත් නැතිව සම්මත කරගන්නකොට.. බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නැහැ.
Rajinda Tuesday, 22 September 2020 01:09 PM
මේ වීරයෝ ටික කොහෙද දන්නේ නැහැ හිටියේ 19 ගෙනෙල්ලා ඔය මුකුත් නැතුව සම්මත කරගන්නකොට.
Cisco Wednesday, 23 September 2020 01:57 AM
20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැහැ කියලා නීතිපති දෙපාර්තමේන්තුව කිව්වා නේද?