IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


20ට සහාය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට කිසිදු සමාවක් නැහැ

(නිමල කොඩිතුවක්කු)

ඒකාධිපති ව්‍යවස්ථාවක් වෙනුවෙන් තුනෙන් දෙකක බලයක් ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ  මන්ත්‍රීවරුන් ජනතාවගෙන් දැන් සමාව ඉල්ලා පලක් නොවන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කොළඹදී අද(15) පැවසීය.

ඔවුන්ට  ජනතාවගෙන් හෝ සමගි ජන බලවේගයෙන්  කිසිදු සමාවක් හිමි නොවන බව ද මරික්කාර් මහතා සඳහන් කළේය.

කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මුස්ලිම් ජනතාවට හෝ රටට ආදරය කරානම් කිසිවිටෙකත් ඔවුන් මෙවැනි තීන්දුවක් නොගන්නා බවත් බොරු බේගල් ඇද බා යළිත් ජනතාව අන්දන්න එපා යැයි එම පිරිසෙන් ඉල්ලා සිටින බවත් මරික්කාර් මහතා සඳහන් කළේය.

මුස්ලිම් ජනතාවගේ දුක විකුණා බලයට පැමිණ දේශපාලනයයි ආගමයි පටලවා ගන්න එපා යැයි එම පිරිසෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (5)

20ට සහාය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට කිසිදු සමාවක් නැහැ

සහීඩ් Monday, 15 February 2021 09:05 AM

ඒකත් නාටකයක්. මුස්ලිම් කොංග්‍රසය කිසිදා විපක්ෂයේ සිටි පක්ෂයක් නොවේ. විපක්ෂයේ සිටීම එම කණ්ඩායමට නුහුරු දෙයක්... කොටසක් මුලින්ම රජයට පක්ෂපාතී බව පෙන්වූවා විය හැකියි. ඒ සම්පූර්ණ කණ්ඩායම පසුව හෝ රජයට එක් වීමේ අරමුණින්. සිතූතරම් සාර්ථක නොවූ නිසයි මෙවන් නාටකයක් නිර්මාණය වන්නට ඇත්තේ... ජනතාව එම නාටකය මෙන්ම ඔය මාධ්‍ය සාකච්ඡා ද ගණන් ගන්නේ නැත.

:       1       42

Chinthaka Monday, 15 February 2021 09:59 AM

කොහොමත් මරික්කාර්ගේ කට වැඩියි.

:       17       17

Raveendra Monday, 15 February 2021 10:06 AM

පළමුව අප කිසිඳු ආගමකට පරිභව කිරීමක් හෝ අපහාස කිරීමක් හෝ අඩු තක්සේරු කිරීමක් නොකිරීමේ බලාපොරොත්තුවෙන් මෙම අදහස් සඳහන් කරන බවට කාරුණිකව කීමට කැමැත්තෙමු. ඉස්ලාම් ආගම අදහන මොවුන් දිනකට 5 වතාවක් වැඳුම් පිදුම් කරන අතර එම ආගමම අදහන තමන්ගේම කෙනෙකු කළ වැරැද්දකට සමාව දීමට තරම්වත් මුවුන්ගේ සිත්සතන් සන්සුන් නොවෙනවා යනු "වෙනත් ආගමක් අදහන කෙනෙකුට මොවුන් කෙසේ සලකයිද යන්න අප සියලුම ඉස්ලාම් ආගම අදහන ඒ අපේ ලාංකිය මුස්ලිම් ප්‍රජාවගෙන් විමසීමට කැමැත්තෙමු...

:       10       37

ගැමුණු Monday, 15 February 2021 11:32 AM

ඔබ නියෝජනය කරන්නේ සමගි ජනබල වේගය යන පක්ෂයයි. ඔවුන් මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂයේ අයයි. ඒත් ඔබ මේ පෙනී සිටින්නේ රැහේ අය වෙනුවෙන් වගේ...

:       5       18

Bamunuarachchi Thursday, 18 February 2021 12:06 PM

රැහේ අය වෙනුවෙන් පෙනී සිටීම මුස්ලිම් ගතිය. මට ප්‍රශ්නය ඔබව පාර්ලිමේන්තු එවූ අපේ රැහේ අය ගැනයි. ඒ ගොල්ලන්ට අපි සමාව නොදිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site