
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව දැනට ඉදිරිපත් කර ඇති විශේෂ පෙත්සම් ලබන 29 වැනිදා සලකා බැලීමට අගවිනිසුරු ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරනු ලැබ ඇත.
ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් නම් කර ඇත.
මෙම පෙත්සම් සලකා බැලීම සැප්තැම්බර් මස 29 වන දින සිදුකිරීමට නියමිතය.
මේ වන විට පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
20 සම්මත වුණොත්, ලංකාවේ ඇතිවෙන හමුදා පාලනයේ කසහඬ දැනටම ඇහෙනවා. 20න් පස්සේ ග්‍රාම නිලධාරි තනතුරත් හමුදාවෙන් ගන්නවා. ඊට අමතරව හැම ගමකටම ඉලක්කයට වෙඩික්කරුවෙක් දානවා "දැන් සැපද" කියලා අහන, කට වැඩි කට්ටියගේ කටට වග කියන්න. තව, වෙන දේවල් ලියන්න පුළුවන්... මෙතන වැටෙන එකක් නැහැ.
හරි ශෝක්... පොහොට්ටුවේ බත්බැලයන් ටිකක්නේ මේ විනිසුරු මණ්ඩලයේ ඉන්නේ. ඉහළින්ම ආපු අණකිරීමකින් වෙන්න ඕනෑ ඔය කට්ටිය තෝරාගෙන ඇත්තේ... දැන් ඉතින් විනිශ්චය මණ්ඩලයේ තීන්දුව මමම කියන්නම්. " 20 වෙනි සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි. මෙය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැත..." . මේ කට්ටිය අතරේ නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාට අවුරුදු 2 උසාවියේ නීතිඥයෙක් ලෙස පෙනීසිටීම තහනම් කරපු දුෂිතයත් ඉන්නවනේ. ඉතිරි අයගේ ෆයිල්ස් මගේ ළඟ තියෙනවා. ඕනෑ නම් දිගහරින්නම්.
19 ගෙනෙද්දී අපෙන් ඇහුවේ නැහැ වගේම 20 ගෙනෙද්දීත් අපෙන් අහන්න ඕනේ නැහැ නේද? අනික 19 ගෙනාවේ විකෘති බහුතරයකින්. ඒත් 20 ගේන්නේ පිරිසිදු බහුතරයකින්. අපි 2/3 ක් දුන්නේ ඒකටනේ.
අම්මපා මේ චන්දන කියන මනුස්සයා නම් මනුස්සයෙක් වෙන්න බැහැ. රාජපක්ෂවරුන්ගේ වහලෙක් වෙන්න ඇති.
තීරණය තීන්දු වෙලා... !!! 20 නීත්‍යානුකූලය!! ජනමත විචාරයක් අවශ්‍ය නැත. කවුද රස්සාව අහිමි කරගන්න කටයුතු කරන්නේ?
කෙනෙක් රැවුලයි, කැඳයි දෙකම බේරගෙන ජනමත විචාරණයකින් තොරවම 20 ගේන්න සෙට් කරලා.. කොහොමද ඒක...?
මෙතනත් පුද්ගලික හේතු මත මේ නඩුව අහන්න බෑ කියන අය ඉන්නවද දන්නේ නැහැ.