IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


19-ප්ලස් හඳුන්වාදීමට යයි

(නිමල කොඩිතුවක්කු)

දහනම වන ව්‍යවස්ථා සංශෝධනය ඇති සාධනීය ලක්ෂණ තවදුරටත් ඉදිරියට ගෙන යමින් 19 ප්ලස් හඳුන්වාදීමට ඉදිරියේදි කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර  මහතා කොළඹදී අද(08) පැවසීය.
 
රටේ ජාතික ආරක්ෂාව මුල්කරගනිමින් ස්වාධීන කොමිෂන් සභා තවදුරටත් බලාත්මක කර එහි තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී  සංකල්පය ඉදිරියට ගෙන යමින් රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය  ශක්තිමත් කිරීමට සමගි ජනබලවේගය  පක්ෂයක් ලෙස ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 
ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර  මහතා මෙසේද කීවේය.
 
“ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තක දාලා 20 වන ව්‍යවස්ථාව හඳුන්වාදීම රට ම්ලේච්ජත්වයක් ඒකාධිපතිත්වයක් කරා ගෙන ගෙනයන ගමනක් විදියට අපි හඳුන්වා දෙනවා. දහ නමයෙන් ස්වාධීන කොමිෂන් සභාවලට බලය දීලා, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ශක්තිමත් කරලා තියෙද්දි නැවතත් විසිවන සංශෝධනය මගින් රට ආපස්සට ගෙන යාමට මේ අය උත්සාහ කරනවා. සමගි ජනබලවේගය විදිහට අපි මේ විසිවන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඒ වගේම රටට අහිතකර ඒ ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමටත් අපි පියවර ගන්නවා.
 
ඒ වගේම පක්ෂයක් විදිහට අපි 19 පලස් කියලා දහනම වන ව්‍යවස්ථා සංශෝධනය තියෙන සාධනීය ලක්ෂණ තව දුරටත් ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා.  රටේ ජාතික ආරක්ෂාව මුල්කරගෙන, ස්වාධීන කොමිෂන් සභා තවදුරටත් බලාත්මක කරලා මේ තියෙන සංකල්පය තව තව දුරටත් ඉදිරියට ගෙන යාමට පක්ෂයක් විදිහට අපි ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තියෙනවා.
 
සියලු නඩු කටයුතු වලින් නිදහස් කරමින් ජනාධිපතිවරයාට  ජනාධිපති මුක්තිය ලබාදී තිබෙනවා. නඩු දාන්නෙ හෝ නඩු වැටෙන්නෙ වැරදි කරන පුද්ගලයන්ට. එතකොට වර්තමාන ජනාධිපතිවරයාට හා ඉදිරියේදී පත්වන ඕනෑම ජනාධිපතිවරයෙකුට වැරදි වැඩ කරන්න මිනී මරන්න ඕන දෙයක් කරන්න අවශ්‍ය නිදහස තමයි මේ ලබාදීලා තියෙන්නේ.  එය  විසිවන සංශෝධනයේ  ප්‍රධාන වැරැද්දක් විදිහට අපි දකිනවා.
 
රටේ ජනතාව මේ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ලබා දුන්නේ ජනාධිපතිවරයාට ඕනෑම වැරැද්දක් කරල නිදහසේ ඉන්න ද කියලා අපි අහනවා.ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගණන කොමිෂන් සභාව අහෝසි කරලා තියෙනවා. රජයේ නිලධාරීන්ටත් ඇමතිවරුන්ටත් හිතුමතයට හොරකම් කරන්න පාර විවර කිරීමක් විදියට අපි මේක දකිනවා.
 
මේ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරලා පොලීසිය අධිකරණය රාජ්‍ය නිලධාරීන් තමන්ට ඕන ඕන විදියට විදියට එහෙට මෙහෙට නටවලා මේ කරන හදන නාඩගමට මට රටේ සියලු ජනතාව විරෝධය පළ කළ යුතුයි. මේ  ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් දීපු ජනතාවගෙන් අපි අහනවා ඔබ පැතූ වෙනස මේකද කියලා.
 
කොමිෂන් සභා මගින් යම්කිසි පාලිත තත්ත්වයක් යටතේ තිබියදීත් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනවා. මරණ දඬුවමට නියම වෙලා තියෙනවා නම් ඔහු ඡන්දය දැමීමටවත් සුදුසු කෙනෙක් නෙමෙයි කියලා ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා.
 
මරණ දණ්ඩනයක් නෙමේ මාස හයකට වැඩි දඬුවමකට ලක් වෙලා තියෙන කිසි කෙනෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න බැහැ. ඕනෑම මිනී මැරුමක්, ස්ත්‍රී දූෂණයක් ඇතුලු ඕනෑම  අපරාධයක් සිදු කරපු අයකුට පාර්ලිමේන්තු එන්න අවස්ථාව තියෙනවා කියන නරක පූර්වාදර්ශ තමයි කතානායකවරයා මේ ලබා දෙන්නේ.
 
නඩුවක් තියෙනවානම්  රාජ්‍ය  සේවයටත් එන්න බැහැ. රටේ නීති හදන උත්තරීතර තැනට මෙහෙම එන්න කතානායකවරයා ඉඩ දෙනවාද කියන එක පිළිබඳ අපට ගැටලුවක් තියෙනවා. මේ පිළිබඳවත් රටේ ජනතාවගේ අවධානය යොමුවිය යුතුයි” යැයද මනූෂ නානායක්කාර  මහතා පැවසීය.



අදහස් (2)

19-ප්ලස් හඳුන්වාදීමට යයි

Bamunuarachchi Tuesday, 08 September 2020 12:49 PM

ඡන්දෙවත් දිනාගන්න බැරිවුණු මේ අය කොහේද ප්ලස් අනුමත කරගන්නේ? ආසන 54ක් තියාගෙන මොන කෙංගෙඩියක් කරන්නද හලෝ?

:       0       0

විජේ Wednesday, 09 September 2020 10:12 AM

නිවේදන කටයුත්තක් කරගෙන පීචං නොවී ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 173 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 240 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1115 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site