IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියේ

(නිමන්ති රණසිංහ)

අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ බාලවයස්කාර දැරිය අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ වින්දිත දැරිය, කුට්ටනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගල්කිස්ස ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ හෝටලයක කළමණාකරුවකු හා තැරැව්කාර තිරෝද රථ රියැදුරෙකු අතර සිදුවූ බව කියන දුරකතන සංවාද කිහිපයකට අදාළ විශ්ලේෂණ වාර්තා අධිකරණයට ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම මහත්මිය ළමා හා කාන්තා කාර්යාංශයට අද (12) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ දෙවැනි සැකකාර හෝටල් කළමනාකාරවරයා සහ අදාළ තී‍්‍රරෝද රථ රියැදුරා අතර සිදුව ඇති මෙම දුරකතන සංවාදයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ජංගම දුරකතන ඔස්සේ පරීක්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙසට රජයේ රස පරීක්ෂකවරයාට නියෝගය කරන්නැයි ළමා හා කාන්තා කාර්යාංශය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

ළමා හා කාන්තා කාර්යාංශය අද (12) මෝසමක් ගොනු කරමින් අදාළ නියෝගය ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

මෙම සිද්ධියට අදාළව මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවට අදාළව ඇප මත සිටින එහි දෙවැනි සැකකරු පි‍්‍රයංග නලින් කුලරත්න නමැත්තා  සහ මෙම නඩුවේ දෙවැනි සැකකරු වන හෝටල් කළමණාකරුවකු වන චන්දන බණ්ඩාර යන අය අතර පැවැති  දැරිය කුට්ටනය කිරීමට අදාළ දුරකතන සංවාද කිහිපයක පිටපත් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට ඉදිරිපත් කර තිබිණී.

මෙම සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් 29 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මිහින්තලය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, වැලිසර නාවික හමුදා රෝහලේ වෛද්‍යවරයා, මැණීක් ව්‍යාපාරිකයා සිද්ධියට අදාළව වින්දිත දැරියගේ මව, කැළණීය ප‍්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක, ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඇතුළු සැකකරුවන් 10 දෙනකු අධිකරණයෙන් ඇප මත මුදා හැර ඇත.

පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයකු, රජයේ ප‍්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමණාකාරවරයකු, මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයකු, පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තපාල්වරයකු, මෙරට ප‍්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු, ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකු, ප‍්‍රසිද්ධ දුරකතන සමාගම කළමණාකාරවරයකු ඇතුළු පිරිසක් මේ වන විට මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 



අදහස් (0)

15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 379 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site