IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


15 හැවිරිදි දැරියට හදි කළ එස්.අයි සහ හිටපු බැංකු කළමනාකරු රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ බාලවයස්කාර දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් ක්‍රිඩා කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයා සහ රජයේ ප‍්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමණාකාරවරයා හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් පි‍‍රයන්ත ලියනගේ මහතා අද (11) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර කළේ මඩකලපුව ප‍්‍රදේශයේ පදිංචි පොලිස් ක්‍රිඩා කොට්ඨාසයට අනියුක්තව රාජකාරිකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ මහනුවර ප‍්‍රදේශයේ පදිංචි රජයේ බැංකුවක හිටපු කළමණාකාරවරයෙකි.

මෙම සිද්ධියට අදාළව 28 වන සැකකරු වන උප පොලිස් පරික්ෂකවරයා පොලීසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් අතර 29 වන සැකකරු වන බැංකු කළමණාකාරවරයා මහනුවර ප‍්‍රදේශයේ දී අද (11) පෙරවරුවේදී අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව මෙම සැකකරුවන් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

මෙම සිද්ධියේ 12 වැනි සැකකරු ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, මේ වන විට එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනගාර ගත කර ඇත.

 



අදහස් (9)

15 හැවිරිදි දැරියට හදි කළ එස්.අයි සහ හිටපු බැංකු කළමනාකරු රිමාන්ඩ්

ජගත් ලියනගේ Sunday, 11 July 2021 05:03 PM

ජනමාධ්‍ය මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ තරම් ප්‍රචාරයක් ලබා නොදෙනවා නම් හොඳයි නේද?

:       215       109

indikaMonday, 12 July 2021 02:49 PM

උපරිම දඩුවම් දෙන්න

:       0       27

Ruhunu Sunday, 11 July 2021 05:17 PM

මේ වයසෙ දරුවොත් ඇති නේද මේ මිනිස්සුන්ට.දැන් ඒ දරුවන්ට මුහුන දෙන්නවත් පුලුවන්ද?

:       96       14

අප්පුහාමි Sunday, 11 July 2021 05:23 PM

මෙයට සම්බන්ධ වෛද්‍ය වරයාත් පොලිස් පරීක්ෂක වරයාත් මෙම කාරණය අන්තර් ජාලයෙන් දැක්කාම දරුවා කැදවාගෙන පොලිසියට ගෙන ගොස් උසස් නිළධාරීන්ට හෝ ළමාරක්ෂණ අධිකාරියට දන්වා ක්‍රියා කලානම් සම්මානයක් ගන්නත් තිබුනා දැනි ඉතින් ලැබුන අවනම්මුව ඔවුන්ගේ දරුවන් විදගන්නේ කොහොමද

:       1       16

Namal Raja -Moratuwa. Sunday, 11 July 2021 09:34 PM

මහත්මාණෙනි, මොවුන්ගේ නම්, ගම් එක්ක හෙළිකරගත්තොත් හොඳයි. අඩුම තරමින් පවුල් පසුබිම ගැන හිතලාවත්, මේ වගේ වැඩවලින් බේරිලා ඉන්න බලයි. නැතිනම් රටේ පොඩි දරුවෙක් වත් ඉතිරි වෙන එකක් නෑ. ලැබෙන ආරංචිවල හැටියට මහ අය එළියෙලු...

:       0       0

Demuni Uduwara Monday, 12 July 2021 03:32 AM

රජයේ අසාර්ථකත්වයන් වසන් කිරීම සඳහා ජාත්‍යන්තරව ක්‍රියාත්මක වෙමු .මෙම අපිරිසිදු ක්‍රියාව සඳහා අධික ප්‍රචාරයක් කරන්න!

:       0       0

රිතික් Monday, 12 July 2021 08:11 AM

නිර්ණාමිකව ඇමතුම් ගන්න ක්‍රමයක් හොයාගන්න ඕනෑ.

:       0       0

Senevi Monday, 12 July 2021 02:11 PM

මේ ප්‍රවෘත්තිය පිළිබඳව අන්තර් ජාලයේ අද පලවී ඇති වාර්තාවක් උපුටා දක්වමු. "දැරිය දූෂණය කළ අයගේ ලැයිස්තුව ඉතා දිගු බව කොළඹ දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති වරයා විසින් සනාථ කර ඇතිබව පැවසේ. මේ අතරේ අමුතු ආකාරයේ ධර්ම දේශනා පවත්වන බවට ප්‍රසිද්ධ කොළඹ නග‍රයේ සුප්‍රකට භික්ෂුවක්ද සිටින බව කියති. පොලිස්පතිවරයා පවසා ඇති පරිදි චීවරධාරින් පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද? උසස් පොලිස් නිලධාරියෙක් ඇතුළු පොලිස් නිලධාරීන් රැසක්ද, නාමධාරී ව්‍යාපාරිකයින් රැසක්ද නම් ලැයිස්තුවේ සිටිති. මේ හේතුවෙන් දැරිය දූෂණය කළ සල්ලාලයන් අත්අඩංගුවට ගැනීම අද සිට නවතා දමා ඇති බවටත් කටකතා පැතිරී ඇත..." උපුටා ගැනීම අවසන්...

:       0       78

හෆීස් Monday, 12 July 2021 09:49 PM

නම් ගම් නැද්ද මේ දෙන්නට..?ඇයි පොලිස් ලොක්කෙක් වුනාම නම් ගම් දාන්න බයද..

:       2       94

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 807 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 930 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 383 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site