(නිමන්ති රණසිංහ)
අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ බාලවයස්කාර දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ රජයේ ප‍්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමණාකාරවරයකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අද (11) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
වින්දිත දැරියගේ ජංගම දුරකතන දත්ත ඔස්සේ සිදුකළ විමර්ශනයට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
මෙම සිද්ධියට අදාළව 28 සහ 29 සැකකරුවන් ලෙස මොවුන් අද (11) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙම සිද්ධියේ 12 වැනි සැකකරු ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, මේ වන විට එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනගාර ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශම ආශාවන්. තමන්ගේ දරුවෙක් වගේ නේද මේ ළමයා...? මේ සිදුවීම සමාජයට හොඳ පාඩමක්...
කොරෝනා පැතුරුණා වගේ.... රට පුරාම පැතිරිලානේ මේකත්...
දන්න කෙනෙක් කියනවද කවුද මාට්ටු වූ ගායකයා කියලා...?
ඔවුන්ව ඝාතනය කරන්න.
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුත් ඉන්නවාලු. බලමු එයා කවුද කියලා. අල්ලන්න ගියාම මොනවා කියයිද දන්නේ නෑ...?
මොවුන් එකෙක්ගේවත් නම, ගම නැද්ද?
අපරාදේ කියන්න බැහැ. නියම පොරවල්... මෙයාලගේ නම් ගම් එක්ක පින්තූරත් දැම්මා නම් හොඳ නැද්ද කාට කාටත් දැනගන්න. ලෝකෙට පේන්න සාන්තුවරයින් වගේ ඉන්න ඇතැමුන් කරන්නේ අන්තිම පහත් වැඩ...
මේ එළියට ආපු එක සිද්ධියක් පමණයි. මේ වගේ කී දාහක් සැඟවිලා ඇද්ද?
කොළඹ කොටුවේ කවුරුවත් නැතිද?