(ශාන්ත ප්‍රදීප් කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පන්නිපිටිය අරලිය උයන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ෆේස් බුක් සාදයක් වටලා අත්අඩංගුවට ගත් සැකකරුවන් 77 දෙනා අතරින් සිව් දෙනෙකු හෙට (10) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර 73 දෙනෙකුට ඇප ලබා දීමට ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත් රමණී කුලරත්න මහත්මිය අද (09) නියෝග කළාය.
සාදය සංවිධානය කළ පුද්ගලයා , ගංජා ලඟ තබාගත් දෙදෙනෙකු සහ මත්පෙත් ලඟ තබා ගත් අයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.
මුහුණු පොත හරහා මිතුරු වී සංවිධානය වූ කණ්ඩායමක් මෙම සාදය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ඇතුල්වීමේ ගාස්තු ලෙස රුපියල් 800 ද යුවලක් සඳහා රුපියල් 1000 අය කර තිබුණි.
එම සාදයට සහභාගි වූ 150 කට අධික පිරිස ශබ්ද විකාශන යන්ත්‍රද භාවිතා කරමින් අසල්වාසීන්ටද බාධා වන අයුරින් මෙම සාදය පවත්වා ඇතැයි පොලිසිය කීය.
ඒ අනුව පොලිසියට ලද තොරතුරක් මත එම ස්ථානය වටලා පරීක්ෂා කිරීමේදී සැකකරුවන් පිරිසක් පලාගොස් ඇති අතර සැකකරුවන් 77 අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් 17 දෙනෙකු සිටි බවද පොලිසිය කීය.
අද (09) සැකකරුවන් ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට කුපිත වූ පිරිසක් අධිකරණයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් කළහාකාරී ලෙස හැසිරුණු බවත් ඔවුන් පාලනය කිරීමට පොලිස් නිලධාරීන් 50 කට අධික පිරිසක් කැඳවීමටද පියවර ගත් බවත් පොලිසිය කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆේස්බුක් සාද අල්ලන්න යන පොලිසියට වරෙන්තු තුන හතර නිකුත් උන කරන්නාගොඩ, රවී කරුණානායක වගේ අය අල්ලන්න බැරි මොකද? අනේ මෙහෙමත් පොලිසියක්..
කුඩු ගෙන්වන්නේ දේශපාලුවෝ, ඒ අයට රැකවරණය දෙන්නේ පොලිසිය. ඒ හින්ද කුඩු ගහන බුරුවන් හැර ඔවුන් දක්කන එවුන් කිසිම දවසක නීතියට අහුවෙන්නේ නෑ. මේ වැටලීම් සියල්ල ඒ ඒ අවස්ථාවට පැලැස්තරයක් පමණයි. අති පාරි ශුද්ධයි කියන දෙස්පාලුවොත් යැපෙන්නේ කුඩු නිසා. දේශපාලුවන්ගෙන් හින්ද ප්‍රශ්නය විසඳන්න තරම් කොන්දක් කිසිම දේශපාලුවෙකුට නැහැ. .
රවිව තාම හොයා ගන්න බැරිවුනා නේද පොලිස් මහත්තයෝ.
ජනාධිපති, අගමැති, ඇමතිලා නිදි. නැතිනම් කුඩු මුදලලිලගෙන් සල්ලි අරන් අසරණ වෙලා ඉන්නවා. මේ කුඩු, අයිස් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ රටේ අනාගතය බාරගන්න ඉන්න ළමයි. ඔවුන්ව බලෙන් හරි පුනරුත්ථාපනය කරන්න. ලක්ෂ දෙකක් පාසල් ළමයි මතට ඇබ්බැහි වෙලා. ලක්ෂ 4 ක් වෙන්න වැඩි කාලයක් රජයට කිසිම වැඩ පිළිවෙලක් නැහැ. මේකත් එක්තරා යුද්ධයක්. ජනාධිපති, අගමැති පන්සල් වල නිදි.
මේ අය අත්අඩංගුවට ගන්න ඕන නැහැ ඔය ඕවා බොන්නේ අයගේ ඕනකමට නෙවේ. බීලා මැරෙන්න අරින්න තියෙන්නේ. එතකොට රටට සෙතක්. ඔය ගේට්ටුව ගාව සද්දේ දමපු අයටත් කියන්න තියෙන්නේ තමන්ගේ කෙනා හරි කෙනා කුඩු ගහනවට කැමති අය උන්නට ඒවා සප්ලයි කරන පාරක් හදල දෙන්න කියලා. එතකොට මේ වගේ පොලීසි ගානේ ලගින්න ඕන නැහැ.
විරෝධය පාන අය කියන්නේ මේ වැඩේ හොදයි කියලද? රටකට ගිය කල. දෙමාපියන් දරුවන්ට බයයි. විරෝධය පාන අය මත් ද්‍රව්‍ය අනුමත කරන බවයි පේන්නේ.