පන්නිපිටිය ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් අතරතුරදී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 77 දෙනෙකු අද (08) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අදාළ සැකකාර තරුණ තරුණියන් ගංජා මත්ද්‍රව්‍ය සහ මත් පෙති භාවිතා කර ඇති බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණයින් 60 ක් සහ තරුණියන් 17 ක් සිටින බව පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට වගකියන්න ඕනේ දේශපාලකයෝයි. පොලිස්පතිගේ ඉඳලා ඉන්න පොලිසියයි. රටේ තරුණයින් මතට බිලිවෙන්න ඇරලා... මත්කුඩු ගෙනෙන ඔවුන්ගෙන් පගාගහලා තමන්ගේ දරුවන්ට කන්න දෙන්න හදන ටිකක්.. මේ රටේ නීතියයි, විධායකයයි, ව්‍යවස්ථාවයි, ආරක්ෂාවයි බලනකල් මේ වගේ මතට ඇබ්බැහි වුණු දරුවන් ගේ සාද ඇතිවෙනකල් තියෙයි.
රටතුළට මත්ද්‍රව්‍ය එන්නේ දේශපාලුවන් හරහායි. මෙවැනි ජඩදේශපාලුවන් සිටින තාක් කල්..., ඒ ජඩයින් ආරක්ෂා කරන අති ජඩදේශපාලුවන් සිටින තාක්කල් සහ දැනදැනම ඒ ජඩයින්ව බලයට පත්කරන අමන ජනයා සිටින තාක්කල් කල්පය පවතිනා තෙක් මෙවැනි පුවත් අසන්නට ලැබෙනු ඇත.
ෆේස් බුක්සාද වටලන එක හරිම වැරදි දෙයක්... මේ පිරිසම මේ සාදය තරු 5 හෝටලයක කළා නම් කිසිම වැටලීමක් නැහැ. සෞදි අරාබියේ, ඉරානයේ තමයි මෙවැනි වැඩ කරන්නේ...