IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ෆවුසි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පකෂයේ සභාපතිවරයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර , පක්ෂ විනය කමිටුව , මැතිවරණ කොමිසන් සභාවේ සභාවේ සභාපති හා  සාමාජිකයින්  ඇතුළු 14 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරු ඉතාමත් දිගු කාලයක සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය පවත්වා ගිය තැනැත්තෙකි.පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. පෙත්සම්කරු එම පක්ෂය බලයට පත්වූ විවිධ කාලයන් හි අමාත්‍ය ධූර තනතුරු රැසක් දරමින් සක්‍රීය දේශපාලනයේ නිරත වූවෙකි. එලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටියදී එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් කටයුතු කරන බවට ජනමාධ්‍ය මඟින් දැන ගන්නට ලැබී තිබෙන බව සඳහන් කරමින් ඉකුත් සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් පෙත්සම්කරුට ලිපියක් එවා ඇත. ඒ සම්බන්ධයෙන් පක්ෂය හමුවේ හේතු  දක්වන්නැයිද පක්ෂ ලේකම්වරයා පෙත්සම්කරුට ලිපියෙන් දන්වා ඇත.

පක්ෂ ලේකම්වරයා පෙත්සම්කරුට යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් යැවීමටද පෙත්සම්කරු කටයුතු කර ඇත.පසුව එම කරුණ සම්බන්ධයෙන් විමසීම සඳහා පක්ෂය විසින් විනය කමිටුවක්ද පත් කළ බවත් ඒ අනුව එම විනය කමිටුව සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව පෙත්සම්කරුට දැන ගන්නට ලැබී ඇත. 

එලෙස පක්ෂ සාමාජිකත්වය අහෝසි කළද තමන්ට ඒ පිළිබඳ පක්ෂයේ නිලධාරීන් කිසිවෙකුත් නිල වශයෙන් දැනුම් නොදුන් බවද පෙත්සම්කරු කියා සිටී.

එසේම පෙත්සම්කරුගේ මෙම පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බැවින් ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස  දන්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිපියක් යවා ඇති බවද පෙත්සම්කරුට දැනගන්නට ලැබී ඇත.

මෙලෙස තමන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම නීතිවිරෝධී බවත් එම තීරණය බල රහිත කරන ලෙසත්  තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව පවතින බවට නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා සිය පෙත්සමින් ඉල්ලා සිටී.



අදහස් (4)

ෆවුසි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරයි

kule Wednesday, 18 December 2019 08:36 PM

එදා ෆිලික්ස් ඩයස්ගේ අනුදැනුම පිට කොළොඹ නගරාධිපති පට්ටමත් සමගයි ශ්‍රී ලංකා එකට ගියේ

:       0       0

sisira Wednesday, 18 December 2019 11:37 PM

අනේ පව් නොදී ගෙදර නවතින්න ෆවුසි.

:       0       0

lalithm Thursday, 19 December 2019 03:17 AM

අවලංගු වෙච්ච පොට්ට කාසි. කිසි ගතයුත්තක් නැහැ. පව් නොදී ගෙදර යන්න.

:       0       0

sisira Thursday, 19 December 2019 11:44 AM

අනේ පව් නොදී ගෙදර නවතින්න ෆවුසි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 382 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 436 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 404 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site