(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා මර්දන ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය පළමු වතාවට යුද හමුදාවට පවරනු ලැබ ඇත.
ෆයිසර් එන්නත විනිවිදභාවයකින් තොරව පිටස්තර පුද්ගලයන්ට ලබා දීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු රජය මෙම පියවර ගෙන ඇත.
එලෙස එන්නත ලබාගත් පුද්ගලයන්ගේ තොරතුරුද හිතාමතාම ලේඛනවලට ඇතුළත් කර නොමැති බව හෙළිදරව් වී ඇත.
සෞඛ්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පැවති පුත්තලම හලාවත කොක්කාවිල මධ්‍යස්ථානයකදීද පිටස්තර පුද්ගලයන්ට ෆයිසර් එන්නත ලබාදී ඇතැයි පසුගියදා තොරතුරු හෙළි විය.
ෆයිසර් එන්නත මින් ඉදිරියට යුද හමුදාවේ මූලිකත්වයෙන් ජනතාවට ලබාදෙන බවත් එන්නත ලබාදෙන නිසි ක්‍රමවේදයෙන් බැහැරව සහ එන්නත ලබාගැනීමට සුදුසුකම් නොලබන කිසිදු පුද්ගලයෙකුට ෆයිසර් එන්නත ලබානොදෙන බවත් යුද හමුදාපතිවරයා පැවසීය.
ඇමරිකාව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂයක් කොවැක්ස් පදනම යටතේ ශ්‍රී ලංකාවට පිරිනැමුවේය.
COMMENTS
රටටම ෆයිසර් එන්නත දුන්නා නම්, රටේ ජනතාව රජය කෙරෙහි කෙතරම් පැහැදීමක් ඇතිවේවිද යන්න එය විද ගැනීමට පොරකන ලෙසින්ම පෙනේ. වෙනත් එන්නත් ගෙනැවිත් විදීමට රජයට උපදෙස් දෙන අය නිසා රජයට වෙන අවාසිය පෙනෙනුයේ ඊලඟ මැතිවරණයකදී ය. එදාට උපදෙස් වල වටිනාකම වැටහුණත්, ඒ වනවිට ප්‍රමාද වූවා වැඩිය.
ෆයිසර් එන්නත ගහ ගන්න ඔච්චර පොර කන්නේ ඇයි ? අපි හිතුවෙ කොයි එන්නතත් එකයි කියල .
ඕක සල්ලි වලට ගහගන්න පෞද්ගලික අංශයට ගෙන්න්නන්න දෙන්නකො, මොනවද මේ කරන පිස්සු වැඩ?
ලෝකයේ රටවල් වල වයස අවුරුදු 12 ට වැඩි අයට ලබා දෙන්නේ ෆයිසර් එන්නත. කාට බලය ලබා දුන්නත්, නිසි ක්‍රමවේදයක් සකස් කරලා, අඩුම තරමින් සාමාන්‍ය පෙළ, උසස් පෙළ සිසුන්ට මේක ලබා දීලා, පාසල් විවෘත කරන්න කටයුතු කළොත් හොඳ නැද්ද?
නීති ඉහළ සිට පහළට අනුගමනය කළ යුතුය. එසේ නැත්නම් මෙය අවසාන ප්‍රතිඵලයයි.
ඒක හොඳයි ඔය වැක්සින් එක හදන්නෙත් බලවත් කියන රටක්නේ.
නියමයි සර්. රෝගීන්ට බෙහෙත් කරන එකත් හමුදාවට පවරන්න. ඒකට විතරක් මොකටද සුව විරුවො!
අවුරුදු 18 ට වැඩි සියලුම පාසල් ලමුන්ටත් විශ්වවිද්‍යාල සිසුන්ටත් මෙම ෆයිසර් එන්නත එන්නත් කලානම් ගැටලුවක් නැහැ. එහෙයින් පිටරට අධ්‍යාපනයට යන ලමුන්ටත් ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. සියලුම හමුදාවේ අය සහ ඔවුන්ගේ පවුල්වල අයටත් මෙය එන්නත් කර ගන්නවා. ඇයි මේවගේ අසාධාරණකම් කරන්නේ. හරිම කණගාටුයි.
මේක නම් හොඳ වැඩක් ,සුව විරුවා එතනත් හොර කරනවා
හොද වැඩක්
පවුලේ සාමාජිකයන් හමුදාවල ඉන්න අය දන්නවා ඒගොල්ලො කොයි තරම් පිළිවලකට වැඩ කරන්න පුරුදුවෙලා තියනවද කියලා. කම්මැලිකම අදුරන්නැති මේ අය මෙය හොදින් කළමණාකරණය කරාවි. අනෙක වෛද්‍යවරු හෙදියො ඒගොල්ලන්ට කොහොමත් ඉන්නවා.
පෞද්ගලික අංශයටත් ඕකට අවස්ථාව දුන්නා නම් හොඳයි. තියෙන අය සල්ලිවලට බේත් අරගනීවිනේ. අසරණ මිනිස්සු පැත්තකට විසිකරන් ගිහින් බේත් විදගන්න සමහරු දඟලන හැටි දැක්කාම මට නම් එහෙම හිතෙනවා. අනික කොයි එක්කෙනාට දුන්නත් අරයා මෙයා ඉන්නවා කියලා වැඩ කරගන්නවා. කැම්පස් ළමයිනුත් ඇතුලුව වයස 12න් ඉහළ 30 දක්වා අයට ෆයිසර් එන්නත ක්‍රමවත්ව ප්‍රාදේශීය මට්ටමින් දුන්නා නම් මේ අවුල විසඳෙනවා. හැමෝටම ඕනිම තැනකින් වැක්සින් එක ගන්න පුලුවන් කියලා කිව්ව ගමන් සෙනඟ පිස්සුවෙන් දුවනවා.. ඒ නිසා එන්නත්කරණ මධ්‍යස්ථාන වල වැඩ ටිකක් අක්‍රීය වුණා වගෙත් පෙනුණා...