(ඩයනා උදයංගනී)
මහරගම, අපේක්ෂා පිළිකා රෝහලට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘ෆයිට් කැන්සර්’ ව්‍යාපෘතියෙහි මුදල් අක්‍රමිකතා සිදුවන බවට රෝහල් අධ්‍යක්ෂකවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් කරන්නැයි ඉල්ලා එම ව්‍යාපෘති කණ්ඩායමේ නායක එම්.එස්.එච් මොහොමඩ් මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළේය.
එම පිරිස අද (17) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මෙම පැමිණිල්ල භාර දුන්හ.
එම පිරිස පැමිණිල්ල කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි මොහොමඞ් මහතා මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ මෙම ව්‍යාපෘතියට ලැබෙන සියලු මුදල් ගිණුම්ගත වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ‘ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල’ට බවයි.
එබැවින් එහි කිසිඳු වංචාවක් කිරීමට තමන්ට හෝ ‘ෆයිට් කැන්සර්’ කණ්ඩායමට නොහැකි බව ද මොහොමඞ් මහතා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මහතා මෙසේ ද කීවේය.
“පාස්කු ඉරිදා දින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මාස දෙකකට පසු ‘ෆයිට් කැන්සර්’ ව්‍යාපෘතියට විශාල මුදලක් ලැබුණු බව පවසා තිබුණා. එමෙන්ම ජාතිවාදී ප්‍රකාශ කරමින් මා කෙරෙහි වෛරයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළා. මේ වන විටත් අපේ ‘පණ දෙන 50’ ව්‍යාපෘතිය වෙනුවෙන් මෙම ගිණුමට රුපියල් කෝටි 50ක පමණ මුදලක් ලැබී තිබෙනවා. මෙම ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ලබාදෙමින් ලක්‍ෂ තුනක පමණ පිරිසක් අප වටා එක්වුණා. මෙහි රුපියලක් හෝ වංචා කිරීමේ හැකියාවක් අපට නැහැ.
වසර තුනක් තිස්සේ අප ඉතා විනිවිදභාවයකින් හා විශ්වාසවන්තව මෙම කටයුත්ත කළා. මෙයට ලැබුණු සියලු මුදල් ඉතා සුරක්‍ෂිතයි. එහි කිසිඳු කටයුත්තක් මට කරන්න බැහැ. ගිණුමේ ශේෂය පරීක්‍ෂා කළ හැක්කේත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන්ට හා පිළිකා රෝහලේ අධ්‍යක්‍ෂවරයාටයි. ඒ නිසා මේ ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් ජනතාව නොමග යවන්නේ නැතිව නීතිය හරහා කටයුතු කරන්නැයි මා රෝහල් අධ්‍යක්‍ෂවරයාගෙන් ඉල්ලා සිටිනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.”
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
ජාතිය මොනවා වුනත් වන සේවය ඉතාමත් විශිෂ්ටයි.
ඔබ තුමා ගැන අපි හොදට දන්නවා . කවුරු හරි හොද වැඩක් කරන්න යනකොට අකුල් හෙලන කට්ටිය නම් ඕන තරම් ඉන්නවා . හැබැයි වැඩ කරන අය තමයි හොයා ගන්න බැරි . ඔබේ සියලු කාරයන් ඉටුවී ශ්‍රී ලංකාව පිළිකාවෙන් තොර රටක් කිරීමට සහ පිලික මාෆියා දොස්තරවරුන්ට තමන්ගේ කොමිස් ලබාගන්න බැරි කාලයක් උදා වේවා . ඔය කෑ ගහන ගරහන අයට තමන්ගේ කන කපා ගන්න බැරිවෙලා . ඔබ තුමාට ජයෙන් ජය
හොරකම් කලා නම් පිලිකා හැදිලම විදලම ඉවර වේවි
මේ රටේ තියෙන ප්‍රශ්නේ ඇත්ත -නැත්ත කරලා නැත්ත -ඇත්ත කරලා කරන ප්‍රකාශ වලට නිදහසේ යන්න දීමයි. කෙනෙක් මෙවැනි චෝදනාවක් කරනවානම් අනිවායයෙන් වගකීම ගන්න පුළුවන් වෙන විදියේ ප්‍රකාශ වෙන්න ඕනේ . මේවට ආධාර දෙන්නේ සාමාන්‍ය ජනතාව.සාමාන්‍ය ජනතාව වැට උඩ තියෙන ප්‍රකාශන වැදගත් වෘතීන් වල ඉන්න ඉහල උදවිය නොකලයුතුයි. කරානම් සියලු සාක්ෂි සහිතව ප්‍රකාශ කල යුතුයි . දේශපාලකයෝ වගේ වෘතීය මට්ටමේ නිලධාරින් කටට එන ප්‍රකාශ නිකුත් කලහම අපි කවුද විශ්වාස කරන්නේ .
ආධාර හොඳ ජොබ් එකක් නේ. හොයලා බලන්ඩ වටිනවා.
මේ ආධාර කාරයෝව විශ්වාස කරන්න අමාරුයි....මොනවා උනත් හැමද්හෙම හොයා බලපුවාම ඉවරනේ ඔක්කොම අයට හිතේ පැකිලීමක් නැතුව වැඩ කරගෙන යන්න පුළුවන්.....