අංජුල මහික වීරරත්න
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධුරයක් පිරිනැමීම පිළිබඳව ඇති අර්බුදය ඉදිරි දින කිහිපයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී නිරාකරණය කරගනු ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
සරත් ෆොන්සේකා මහතා අමාත්‍ය ධුරයක දිවුරුම් නොදුන්නේ ජනපතිගේ විරෝධය නිසාදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.
“දේශපාලන ගැටලුවක් තියෙනවා. ඉදිරි දින කිහිපයේදී ඒවා විසඳා ගන්නට හැකිවේවි. සරත් ෆොන්සේකා මහතා දේශපාලනඥයකු මෙන්ම ෆීල්ඩ් මාර්ෂල් හැටියට ක්‍රියාකාරීත්වය ජනපති ආරක්ෂක ප්‍රධානියා ලෙස ගළපාගන්නේ කෙසේ දැයි මතයක් පැන නැගී තිබෙනවා.”
ෆොන්සේකා මහතා විශ්‍රාමික හමුදා නිලධාරියෙක්, ෆීල්ඩ් මාර්ෂල් විශ්‍රාමික නිලධාරියෙක් බවත් ඔහුට වෙනත් ධුර දැරිය හැකි බවත් ආරක්ෂක අමාත්‍යංශය මීට පෙර සඳහන් කර ඇතැයි වජිර අබේවර්ධන මහතා කීය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මහතා මේ බව පැවසීය.
COMMENTS
ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් කියන්නේ විශ්‍රාම යන තනතුරක් නෙමෙයි. ඔහු ජීවත් වෙනතුරම එම තනතුරේ ඉන්න කෙනෙක්. නමුත් ප්‍රශ්නය වෙන එකක්... කවුද මේ තනතුර හදලා ඔහුට දුන්නේ? ජනාධිපතිම තමයි. දැන් කොහොමද කියන්නේ මෙහෙම...? සරත් ෆොන්සේකා ඇමැති තනතුරේම ඉඳගෙන සම්පූර්ණ හමුදා ඇඳුමෙන් ජනාධිපතිගේ රාජ්‍ය උත්සවවලට සහභාගි වෙලා තියෙනවා. මේක දැන් දේශපාලන ප්‍රශ්නයක්..
ආරක්ෂක ඇමැතිකමට වඩාත්ම සුදුස්සා ඔහුයි. පතොලයාට වඩා ඔහු ගැලපේ.
නව රජයට සහාය පලකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් නොදෙන්න තීන්දු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ඇමති තනතුරු පොදියක්ම ගන්නවා. කොහොමද ඒ වැඩේ?
ඉතින් එතුමාගේ කලින් රස්සාව.. ඒ කියන්නේ කලවැද්දන් බලාගන්නා ඇමති ලෙස පත්කරගත්තා නම් ප්‍රශ්නය ඉවරයිනේ. එතකොට එතුමාට තමන්ගේ වර්ගයේ කට්ටියත් එක්ක ඉන්න පුලුවන්නේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා වගේ මේ මාතෘ භූමියට තම ලේ මස් සලපු කෙනෙක් පාර්ලිමේන්තුවේ කොහෙවත් නැත. එතුමා බියගුල්ලෙක් ලෙස ඇමරිකාවට පැන නොගොස් බඩ පුරා තුවාල හොඳකරන් LTTE පරාද කරන්න හමුදා නායකත්වය දුන් උතුම් මනුස්සයෙක්... එතුමා රටේ දාමරිකකම්, කුඩු ජාවාරම් අඩුකරන්නට හිමිවිය යුතු නීතිය හා සාමය ඇමැතිකමට සුදුසු එකම පුද්ගලයා බව මහජනයා බොහොමයක්ගේ මතයයි ...
පොන්සේකා දේශපාලනයට සුදුසු පුද්ගලයෙකු නොවෙයි. ජනාධිපතිතුමා වැනෙන ප්‍රතිපත්ති තියාගන්න එපා. ඔබ කියනදේ කරන පුද්ගලයෙක් නොවන බවයි පෙනෙන්නේ. පොන්සේකාට ඇමතිකමක් නොදීම ඉතා හොඳ තීරණයක් එය ක්‍රියාවට නගන්න.
ඔහු දේශපාලනයටවත් සුදුසු නොවේ....
ඔහු දේශපාලනය කොරන්නේ යුද මාන්සිකත්වයෙන්. ඔහු දේශපාලනයට නුසුදුසුයි.
පොඩි ප්‍රශ්නයක් තියනවා තමා. ෆීල්ඩ් මාර්ෂල් යනු ඕනෑම අවස්ථාවක යුධ පෙරමුණට යායුතු පුද්ගලයෙක්. ඔහු හෝ ඇය තනතුර ලද පසු ජිවිතයේ සියලුම අවස්ථාවන්හි යුද්ධයකට සුදානම් වී සිටිය යුතුය.
ඔන්න දැන් සුපුරුදු ගේම පටන් ගත්තා. පහුගිය කාලයේ වැඩි බරක් ඇදපු ඇතුන් ටික විසි වෙලා. මේක තේරුම් ගන්න බැරි උන්ට ඊළග මැතිවරණය බිංදුවටම බහින්න වෙනවා.
ෆොන්සේකා මහතා කියපු කතා හරි.මොකද ජනාධිපති තුමා හැසිරුනේ මැරිලා ඉපදිලා වගේ.
ඇමතිකම් දෙන්නේ රටේ අවශ්‍ය තාවයටද? නැතිනම් එක එක කෙනා සතුටු කරන්නද? දැන් බලන්න ඉඳිකිරීම් එක ඇමති කෙනෙකුට , කොළඹ සංවර්ධනය තව ඇමති කෙනෙකුට, වයඹ සංවර්ධනය තව ඇමති කෙනෙකුට. ඊට අමතරව ඒ ඒ පළාතට පළාත් සභාත් තියෙනවා. මෙව්ව් රට වනසන විහිලු නෙමේද? නිකන් ජනතා මුදල් බෙදා ගන්න කරන වැඩ.
සෙට් එක එකතු වුනේ නැතිනම් ඊළඟ වැඩේ දෙන්න බැහැනේ... සාධාරන සමාජයකට හාමුදුරුකෙනෙකුත් රොටි පිච්චුවා. එයත් ලිට්රෝ ගෑස් සාමාජිකයෙක්ද කියා දැන් අපිට හිතෙනවා..
ජනාධිපති සමග අගමැති මැදිහත් වී විසඳනවා’නං, අද රට මෙච්චර ප්‍රපාතයට යනවද?
කැබිනෙට්ටුව හොඳයි. සජිත්ට සමෘධියත් හම්බ වුණා නම් තවත් හොඳයි.
19 වන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය හිමි අගමැතිවරයා තමයි කැබිනට්ටුව තෝරන්නේ.. ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීම පමණයි වියයුත්තේ * මේ කාරණාවත් හැකි ඉක්මණින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉක්මනින් අර්ථ නිරුපණයක් ගතයුතුයි...!!!
එදා, කරුණා අම්මාන් ඇමතිකම් වලින් පිදුම් ලබද්දී, නැට්ට බඩ යට ගසාගෙන සිටි වර්තමාන නැහැයකයා, දැන් නැට්ට කෙලින් කරගෙන දඟලන්නේ කුමන රෝගයකින් පෙලෙන නිසාද යන්න, සොයා බැලිය යුතුයි. මඩුවලිගයෙන්ම තලන්න ඕනෑ මෙවැනි පුහු පුද්ගලයින්ට.
මහජන ඡන්දෙකින් පත්වෙන්න බැරි හාල්පාරුවන්ට මොන ඇමැතිකම්ද?
රටවැසියා හරියටම හරි . එස් .බි . දිසානායක වගේ අයට වෙන්න ඇති
ඇයි ෆොන්සේකා මැරිලා ඉපදිලා වගේ නොවෙයිද? යුද්දය කාලයේදී රාජපක්ෂලාව වර්ණනා කල හැටි යු ටියුබ් එකේ තිබෙනවා. ඒවත් බලන්න. ෆොන්සේකාට වැරදුනේ "මූසිල" චරිතය කොරන්න ගිය නිසා. එයා හිතුවා මහින්දගේ දේශපාලන ජනප්‍රිය භාවය එයාටත් තිබෙනවා කියලා. තමන් ගැන අධි තක්ෂේරුවක් කළා. අන්තිමට කෙලවුනා.
බස්කාරයෝ මස් කඩ කාරයෝ ඇමතිකම් දරපු අපේ පාර්ලිමේන්තුවට හමුදාවක් පාලනය කරපු සරත් ෆොන්සේකා මහත්මයා නුසුදුස්සෙක් වුනේ කොහොමද? මේ නම් තියෙන්නේ හොරුන් තුළ ඇති භය නේද? ජනාධිපතිතුමා දැන් බළල් අතක් වෙලානේ මෙහෙය වන්නේ අර හොරු කණ්ඩායමනේ...