
(ඔගස්ටින් ප්‍රනාන්දු)
ආඩිගම ළමා නිවාසයක නේවාසික බාලවයස්කාර දැරියන් පස් දෙනෙකු අද (14) අලුයම ළමා නිවාසයෙන් පළා යමින් සිටියදී සොයා ගත් බව මුන්දලම පොලිසිය කියයි.
වයස අවුරුදු 12 ත් 15 ත් අතර වයස්වල පසුවන මෙම දැරියන් එම නිවාසයේ කරදර ඉවසා ගත නොහැකිව එම නිවසින් අද (14) අලුයම 1ට පමණ කිසිවකුටත් නොදැනෙන ලෙස පළා ගොස් තිබේ.
මොවුන් විවිධ හේතුන් මත ළමා නිවාසයේ රඳවා ඇති අතර ඔවුන් නවගත්තේගම ආණමඩුව තබ්බෝව යන ගම්මානවල පදිංචිකරුවෝ වෙති.
පසුව මුන්දලම පොලිස් වසම තුළ පයින්ම යමින් සිටියදී රාත්‍රී මුර සංචාරයේ ගිය මුන්දලම පොලිසියේ නිලධාරින් පිරිසකට හමුවී පසුව ඔවුන් නවතා ප්‍රශ්න කර ඇති අතර එහිදී ළමා නිවාසයෙන් පළා යන අය බව දැන වහාම ඔවුන් ආණමඩුව පොලිසියට බාර දී තිබේ.
මෙම දැරියන් පස් දෙනා වෛද්‍ය පරික්ෂණයකට යොමු කර පසුව ආණමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
-
මෙ දරුවන් මෙලෙස ළමා නිවාස වලින් පැන යන්නේ ඒ ළමා නිවාසවල සිදුවන කරදර, හිරිහැර ඉවසා ගත නොහැකි නිසා බවයි කියවෙන්නේ... එහෙමනම් වරද ඒ දරුවන්ගේද..? යම් යම් හේතූන් මත දෙම්ව්පිය, වැඩිහිටි භාරකාරත්වයෙනුත් මිදී ඉනුත් යම් මානසික අවපීඩනයක සිටින දරුවන්ට යම් සහනයක් ලබාදීම සඳහා ළමා නිවාසයකට බාරකළ විට ඉන් සිදුවන්නේත් ඒ දරුවන්ට තවතවත් කරදර, හිරිහැර නම් ඒ දරුවන්ට කාගේ පිහිටක්ද? මේ දරුවන් බොහෝ විට ලිංගික හිරිහැරවලට පවා ලක්වෙනවා ඇති. මේ අකාර්යක්ෂම ළමා නිවාස පාලකයින් සහ පාලිකාවන් ඉවත් කර ඒ සඳහා සුදුසුකම් ලැබූ අය කරුණාකර පත් කරන්න.
මේ දරුවන්ට නෙළුම් කුළුණේ නවාතැන් දෙන්න.