
(ටෝනි කරුණානායක)
අධිකරණ නියෝග මත වත්තල මාබෝල ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා සිටි ගැහැනු දරුවන් දෙදෙනෙකු එම ළමා සුරැකුම් මධ්‍යස්ථානයෙන් පලා යමින් සිටියදී අද(14) පොලිසිය බාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
අවුරුදු 13 ක් සහ 14 ක් වයසැති එම දැරියන් දෙදෙනා මිනුවන්ගොඩ නගරයේ රැඳී සිටිය දී පොලිසිය බාරයට ගෙන තිබේ.
ජාඇළ සහ අනුරාධපුරයේ පදිංචි එම දැරියන් දෙදෙනා මීගමුව සහ ගම්පහ අධිකරණ නියෝග මත ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ඇති බවත්, සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා දැරියන් දෙදෙනා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.