
(සුජිත් හේවාජුලිගේ )
ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.
රාජ්‍ය ඇමැතිවරයා සමග ඇතිවූ කිසියම් මත ගැටුමක් හේතුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් වට්ස් අප් සමාජ ජාලයේ සටහනක් තබන මුදිත විදානපතිරණ මහතා සඳහන් කරන්නේ තමා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි.
තමාගේ රාජකාරි කටයුතුවලදී එදා මෙදා තුර සහාය දැක්වූ සියලු දෙනාට ස්තූතිවන්ත වන බවද ඔහු එම සටහන මඟින් වැඩිදුරටත් දැනුම්දී ඇත.
මේ සම්බන්ධයෙන් අප ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තමාට ඒ ගැන තවමත් දැනුම් දී නැති බවයි.
තමාගේ වේගයට ගමන් කළ හැකි පුද්ගලයන් ආයතනවල සිටිය යුතු බවද තමාට අවශ්‍ය වන්නේ වැඩ මිස කතාව නොවන බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අප මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාගෙන් කරුණු විමසීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.

COMMENTS
කිසිම උගත්කමක් ,සුදුසුකමක් නැති උදවිය රටේ උත්තරීතරයි කියන තැනක ඉන්නකොට උගතුන් හට වැඩ බැහැ
ලංකාවේ දරුවන්ගේ ආරක්ෂාවේ නෛතික ස්වභාවය ස්ථාපිත කිරීමට කැපවී ක්‍රියාකළ උගත් මහත්මයෙක්... විද්‍යාවට වඩා මිථ්‍යාවට කන්දෙන කාලයක් මේක...
කවටයින් රාජ්‍ය ඇමැති වුණාම ඔහොම තමයි ලොක්කා...
මේ දක්වා ඉතාම පැහැදිලියි අපේ උගත් අය ඉතා ඉක්මනින් සටන අතැරලා පසු බහිනවා .
කොසොල් රජු දුටු සිහින දහසය ඉටුවන කාලය එළඹ ඇත.
සර්ගේ වියත් මගේ කට්ටිය රට කනවා. සර් පිස්සු කියවනවා...
උගතුන් සහ බුද්ධිමතුන් මර්ධනය කොට නූගතුන් සහ මෝඩයින් රජකරන යුගයක් උදාවී ඇත. තව නොබෝ දිනකදී වේගයේ තරම බලාගත හැකිය.
මේ රාජ්‍ය ඇමති නේද කිව්වේ වැටුප ලෝන් එකට කපනවයි කියලා... හොඳයි ඔතැනින් අයින් වුණු එක... නැත්නම් ඔබතුමාගෙන් ලෝන් එකක් ඉල්ලාවි... ලෝන් ඔලුවේ තියාගෙන රාජකාරි කරන්න පුළුවන්ද?
මෙවැනි උගතුන්ට සහ වැදගතුන්ට බල්ලොත් එක්ක බෑ නාට්‍යය රඟ දක්වන්න බැරි බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒකනෙ මේ දවස්වල මේ වගේ මහචාර්යවරු ඉඩ දීලා අයින් වෙලා ඉන්න ප්‍රවණතාවයක් පේන්නෙ. 69 ට අයිති කට්ටිය සතුටින් නම් හිත හදාගෙන ඉමු.