(නිමන්ති රණසිංහ)
අසභ්‍ය වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් ලිංගික කටයුතු වෙනුවෙන් කාන්තාවන් සහ දරුවන්ගේ දැන්වීම් පළකළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම වෙබ් අඩවියේ හිමිකරු ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බී.ආර්.නෙළුම්දෙණීය මහතා අද (17) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ දවුගල, කලවාන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ක`ථබෝවිලගේ සුරේෂ් දර්ශන ක`ථබෝවිල නමැත්තාය.
පරිගණක පනත ප්‍රකාරව මෙම සැකකරු වරදක් සිදුකර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සේනාරත්න මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කළේය.
අන්තර් ජාලය ඔස්සේ පළවු දැන්වීමක් මාර්ගයෙන් ලබාගත් බාලවයස්කාර දැරිය අපයෝජනය කළැයි කියන සිද්ධියට අදාළව කළ විමර්ශනයකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත්, සැකකරු විසින් පවත්වාගෙන යනු ලැබූ අසභ්‍ය වෙබ් අඩවියෙන් කාන්තාවන් සහ දරුවන්ගේ දැන්වීම් විශාල වශයෙන් ප්‍රචාරය වී තිබූ බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය
COMMENTS
මින්පසුවවත් ජාතික හැදුනුම්පත පරීක්ශා කරන්න.