(නිමන්ති රණසිංහ)
ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සහ ළමුන් අලෙවි කිරීමට උපයෝගී කරගත් අසභ්‍ය වෙබ් අඩවියක හිමිකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය .
මෙම සැකකරු රත්නපුර කලවාන ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද ඔහු සඳහන් කළේය
ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක අපයෝජනය කළේයැයි කියන සිද්ධියකට අදාළව ළමා හා කාන්තා කාර්යාංශය සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වනවිට සැකකරුවන් 46 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාහට ගෙම්බො එකතු කළා වගේ. අන්තිමට පොලීසියට ඉතිරිවෙන්නෙ ලාහ විතරයි.
කරුණාකර මොහුගේ වතගොත ,ලිපිනය, ඡායාරූපද සමග සියලුම මාධ්‍යන් හි පලකරන මෙන් අදාළ සියලුම අංශවලින් අප කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. එය මහජනතාවට ඔබලා කරන මහගු සේවයකි.